Adbrite

Friday, August 5, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - ක්ලිප් ආර්ට්ස් එකතු කිරීම - How to Insert Clip Arts to Microsoft Word.

මිට පෙර ලිපියකින් අප කතා කරේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් ලිපිගොනුවක්ට පින්තුර ඇතුලත් කරගන්නේ කෙසේදැයි කියා. අද ලිපියත් ඊට බෙහෙවින් සමාන වන නමුත් මෙයින් ඉගැන්වෙන්නේ පින්තුර වලටම සමාන වූ ක්ලිප් ආර්ට්ස් නම් රුප ඇතුලත් කර ගන්නේ කෙසේදැයි කියාය,

අප ප්‍රථමයෙන් දැනගමු ක්ලිප් ආර්ට්ස් යනුවෙන් කුමක් අදහස් වේ දැයි කියා..

ක්ලිප් ආර්ට්ස් යනු ඇත්ත පින්තුර වලට ආදේශකයක් ලෙස යොදා ගත හැකි නමුත් චිත්‍රයට අඳින ලද සරල රුප සහ සලකුණුය. මේවා ලොව පුර විවිධ චිත්‍ර ශිල්පින් විසින් අඳින ලද ඒවා වේ. ඔබේ ලිපිගොනු වල කලාත්මක භාවය වැඩි කරවීමට මෙම ක්ලිප් ආර්ට්ස් යොදා ගත හැකිය. පහත රූප වලින් දැක්වෙන්නේ ක්ලිප් ආර්ට්ස් වලට උදාහරණ කිහිපයකි.


මයික්රෝසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය තුලද ඔබේ භාවිතය සඳහා මෙවැනි ක්ලිප් ආර්ට්ස් සිය ගණනක් ඇතුලත් කර ඇත. 

අද පාඩමෙන්, අප ඉගෙන ගන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය තුල අන්තර්ගත කර ඇති ක්ලිප් ආර්ට් එකක් ඔබේ ලිපිගොනුවට ඇතුලත් කර ගන්නේ කෙසේ දැයි කියාය.මෙය රූපයක් ඇතුලත් කිරීමට වඩා වෙනස් වන්නේ, අපි රූපයක් ඇතුළු කරන්නේ වර්ඩ් ලිපිගොනුවට පරිබාහිර, පරිගනකයේ ගබඩා කර ඇති වෙනත් ස්ථානයක සිට වන බැවිනි. ඒ සඳහා අප එම ස්ථානය දන සිටිය යුතු වේ. නමුත් ක්ලිප් ආර්ට්ස් මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුලම අන්තර්ගත කර ඇති නිසා, එම ක්ලිප් ආර්ට් එක හරියටම පරිගණකයේ කුමන ස්ථානයේ තිබේ දැයි සන සිටීම අවශ්‍ය නොවේ. අපට අවශ්‍ය ක්ලිප් ආර්ට් එක වර්ඩ් වල ඇති සෙවුම් යන්ත්‍රයෙන් සොයා කෙලින්ම ලිපිගොනුවට ඇතුළත් කර ගත හැකිය.

ප්‍රථමයෙන්ම සුපුරුදු පරිදි අපි අලුත් ලිපිගොනුවක් (File-->New-->Blank Document) හෝ පරිගණකයේ ගබඩා කර ඇති ලිප් ගොනුවක් (File-->Open) විවෘත කර ගනිමු.

දැන් පහත රුපයේ දැක්වෙන පරිදි, Insert ටැබ් එකට ගොස් එහි ඇති Clip Arts නම් බට්න් එක ක්ලික් කරන්න. එවිට ලිපිගොනුවේ දකුණු පසින් Clip Arts නමින් තිරයක් විවෘත වේ. එය අපි Clip Arts Side Pane නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වමු.







මා පෙර කී ලෙස, එහි ඔබට අවශ්‍ය ක්ලිප් ආර්ට්ස් සෙවීමට සෙවුම් යන්ත්‍රයක් අඩංගු වේ. පහත රුපයේ දක්වා ඇති පරිදි ඔබට ඇතුලත් කිරිමට ක්ලිප්  ආර්ට් එකට අදාල වූ නම මෙහි ටයිප් කර, GO යන බට්න් එක ක්ලික් කරන්න. ඊට අදාල ක්ලිප් ආර්ට් එක පරිගණකයේ ඇත්නම් එම Side Pane එකෙහි පහලින් ක්ලිප් අර්ට්ස් දර්ශනය කරයි. නමුත් මෙහිදී සැලකිලිමත් විය යුත්තේ සෙවීමට අදාල දේ ඉංග්‍රීසියෙන් පමණක් ටයිප් කිරීමටයි.

මාහට මෙහිදී ලිපිගොනුවට මලක රුපයක් ඇතුලත් කිරීමට අවශ්‍ය යයි සිතන්න. ඒ සඳහා මා පළමුවෙන්ම flowers යන්න Search box එකේ ටයිප් කර Go යන බට්න් එක ක්ලික් කර යුතුය. එවිට වර්ඩ් මෘදුකාංගයේ තිබෙන මල් වලට අදාල ක්ලිප් ආර්ට්ස් එහි පෙන්නුම් කරයි.



දැන් අපට ඇත්තේ ඉන් අප කැමති ක්ලිප් ආර්ට් එක මත ක්ලික කිරීම පමණි. එවිට එය ලිපිගොනුවට ඇතුලත් වේ. නමුත් මෙහිදී මතක තබා ගත යුත්තේ ක්ලිප් ආර්ට් එක ඇතුලත් කර යුතු ස්ථානයට කර්සරය තබා තිබීමයි. මන්ද යත් මිට පෙරද මා සඳහන් කර ඇති ලෙස විසෑම  විටම රූප හෝ ක්ලිප් ආර්ට්ස් හෝ ඇතුලත් වන්නේ ඔබ කර්සරය  තබා තිබෙන ස්ථානයටයි. 





ඔබට දැන් මේ ක්ලිප් ආර්ට් එක කැමති ආකාරයකට ලොකු කුඩා කිරීමටද, තැන තැන වලට ගෙන යාමටද හැකිය. ඒ සම්භන්ධව අපි මිට පෙර උගන්වා  ඇති අතර, ඔබට ඒ පාඩම නැවත දැනගැනීමට අවශ්‍ය නම්, මෙම ලින්ක් එක මත ක්ලික් කර නැවත එය කියවන්න. 

Monday, August 1, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - විවිධ අකුරු රටා යෙදීම - How to insert Word Arts.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් ආශ්‍රිතව වැඩ කිරීමේදී අපට හමුවෙන විශේෂිත අංගයක් වන්නේ වාක්‍ය වලට අලංකාර අකුරු රටා එකතු කිරීමේ හැකියාවයි. එය මෙම මෘදුකාංගය තුළ හඳුන්වන්නේ වර්ඩ් ආර්ට් ලෙසයි.
පහත රූපයේ දැක්වෙන්නේ එසේ වර්ඩ් ආර්ට් යොදා අලංකාර කරන ලද වදනකි.  =මෙවැනි වර්ඩ් ආර්ට් අපට විවිධ දේ සඳහා යොදා ගත හැකිය. වෙළඳ දැන්වීම්, ආරාධනා පත්‍ර, ලෙටර් හෙඩ්ස් නිර්මාණය එහි භාවිතය පිලිබඳ සරල උදාහරණ කිහිපයකි.





දැන් එසේ වර්ඩ් ආර්ට් එකක් ඔබේ ලිපිගොනුවකට ද දමා ගන්නේ කෙසේදැයි කියා අපි දැන් විමසා බලමු.


ප්‍රථමයෙන්ම File --> New මාර්ගය ඔස්සේ ගොස් අලුත් ලිපි ගොනුවක් ආරම්භ කරන්න. එසේත් නැත්නම් File --> Open  තුළින් පරිගණකයේ ගබඩා කර ඇති ලිපි ගොනුවක් විවෘත කර ගන්න.

දැන් පහත රූපයේ දක්නට ලැබෙන පරිදි Insert ටැබ් එක මත ක්ලික් කරන්න.





අනතුරුව එම ඉන්සේර්ට් ටැබ් එක තුල ඇති WordArt යන්න මත ක්ලික් කරන්න.



වර්ඩ් ආර්ට් ක්ලික් කළ පසුව ඉන් විවිධ අකුරු රටා රැගත් කුඩා මෙනුවක් දිග හැරේ. ඔබට ඉන් කැමති අකුරු රටාවක් තොර ගත හැකිය. ඒ සඳහා කළ යුත්තේ එම ඕනෑම අකුරු රටාවක් මට ක්ලික් කිරීම පමණි. පහත රුපය බලන්න.



ඔබට රිසි අකුරු රටාවක් මත ක්ලික් කල පසුව පහත පරිදි තවත් කුඩු වින්ඩෝවක් විවෘත වේ. එය තුල ඔබට කැමති දෙයක් ටයිප් කල හැකිය. එනම්, අකුරු රටාව යෙදිය යුතු වාක්‍ය ටයිප් කල යුත්තේ මෙම  වින්ඩෝවේය. නමුත් ප්‍රථමයෙන්ම එහි ඇති "Your text here" යන වාක්‍ය හයිලයිට්  වී නැත්නම්, හයිලයිට් කර ඉන්පසුව මකා දැමිය යුතුය. ටයිප් කල යුත්තේ ඉන් පසුවය.


මා ඉහත වින්ඩෝවේ Lets Learn Microsoft Word යන්න ටයිප් කල පසු එය පහත රුපයේ ආකාරයට දිස්වේ.


දැන් එම වින්ඩෝවේ ඇති OK බට්න් එක මත ක්ලික් කරන්න.  එවිට ඔබට අවශ්‍ය වූ අකුරු රටාව සහිත වාක්‍ය ලිපිගොනුවට එකතු වේ. 




දැන් මෙම අකුරු රටාව ක්‍රියා කරන්නේ සාමාන්‍ය පින්තුරයක් මෙනි. මේවා ඔබට රිසි ලෙස, දිග පළල වෙනස් කිරීම, තැන් තැන් වලට ගෙනයාම ආදිය  කර හැකිය.

නමුත් ඒ දේවල් දැන ගැනීමට පෙර අපට දැන ගැනීමට තවත් විශේෂිත දෙයක් ඇත. එනම් මෙසේ වර්ඩ් ආර්ට් යෙදු වාක්‍යක් නැවත වෙනස් කර ගත හැකිද කියාය. ඇත්තෙන්ම එය කල හැකිය. ඕබේ අවශ්‍යතාවය මත කැමති නම් වාක්‍ය වෙනස් කිරීම හෝ අකුරු රටාව වෙනස් කිරීම කල හැකිය. 

 වර්ඩ් ආර්ට් යෙදු  වාක්‍යක් වෙනස් කිරීම


ප්‍රථමයෙන්ම වර්ඩ් ආර්ට් එක මත එක වරක් ක්ලික් කරන්න. ඉන්පසු Insert ටැබ් එකෙහි ඇති Edit Text නම් බට්න් එක මත ක්ලික් කරන්න. 


එවිට නැවත වරක් පෙර කියූ අකුරු ටයිප් කරන වින්ඩොව් එක පැමිණේ. ඔබට අවශ්‍ය දේ නැවත අවශ්‍ය වෙනස් කම් කර ටයිප් කර හැකිය. අවසානයේ OK බට්න් එක ක්ලික් කර එය ක්‍රියාවට නැංවිය හැකිය.



අකුරු රටාව වෙනස් කර ගැනීම.


ඔබ මුලින් යෙදු අකුරු රටාව ඔබේ සිත් නොගත්තේ නම්, වෙනත් අකුරු රටාවක් යෙදීමට ඔබට මෙහිදී හැකියාවක් ඇත. එය කිරීම ඉතාම පහසුය.

ප්‍රථමයෙන්ම අවශ්‍ය වර්ඩ් ආර්ට් එක මත ක්ලික් කර ගන්න. ඉන්පසුව පහත රුපයේ දක්වා ඇති ආකාරයට  ටැබ් එකේ ඇති කැමති අකුරු රටාවක් මත ක්ලික් කරන්න. එවිට එම අකුරු රටාව ඔබ මුලින් ක්ලික් කර ගෙන තිබු වර්ඩ් ආර්ට් එකට ආදේශ වේ.



අකුරු රටා දක්වන තැන පහලට යොමු වුනු කුඩා ඊතලය ක්ලික් කිරීමෙන් තවත් අකුරු රටා ඔබට දැකගත හැකිය. ඒවා මතද ක්ලික් කිරීමෙන් ඔබට ඒවා රටා ආදේශ කර ගත හැකිය.

එවිට වර්ඩ් ආර්ට් රක වට කුඩා සුදු තිත් වගයක් දිස්වේ. එම තිත වලින් ඇදීමෙන් වර්ඩ් අර්ට්ඩ් එකෙන්හි ප්‍රමාණය වෙනස් කිරීමටද, කොළ පති තිතෙන් ඇදීමෙන් අවශ්‍ය දිසාවකට හරගා ගැනීමටද පුළුවන.  

Sunday, July 31, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - පින්තුර තැනින් තැනට ගෙන යාම - Moving and word wrapping pictures

පින්තුර සමග වැඩ කිරීමේදී දන සිටිය යුතු තවත් දෙයක් වනුයේ, ඒවා ලිපිගොනුවේ තැනින් තැනට ගෙනයාමටයි. එයද ඉතා පහසු ක්‍රියාවකි.

ඔබට කරන්නට තිබෙන්නේ, පින්තුරය මත ක්ලික් කරගෙනම සිට, මවුස් එකෙන් අවශ්‍ය  තැනට ඇද දැමීමය.. අප මෙය drag කිරීම ලෙස හඳුන්වමු. මෙහිදී, අප ප්‍රථමයෙන් ක්ලික් කිරීමේදී ඔබා ගෙන සිටි මවුස් බට්න් එක අතහරින්නේ අවශ්‍ය තැනට රුපය රැගෙන ආපසුය.

පහත පෙන්වා ඇති ලිපිගොනුවට හෙලිකොප්ටරයක රුපයක් ඇතුළු කර එය එම ඉංග්‍රීසි කවියේ මැදට ගෙන යාමටයි මා දැන් සුදානම් වනුයේ,



මෙහිදී මතු විය හැකි ගැටළුවක් අපි විමසා බලමු. පහත දැක්වෙන්නේ හෙලිකොපටරය කවියේ මැදට ගෙන ආ පසු දිස්වෙන ආකාරයයි.



ඉහත කවියේ අකුරු රටාව රුපය නිසා වෙනස් වී  ඇති බව ඔබට පෙනෙනු ඇත. එය ගැටලුවකි. මෙහිදී වී ඇත්තේ, රුපය කවියේ පද පේලියක් මත ස්ථානගත වී තිබීමයි. මෙසේ අකුරු තිබෙන තැන වෙනස් වීම ගැටළුවක් බැවින් ඒ සඳහා විසඳුමක් මෘදුකාංගය මඟින්ම සපයා දී ඇත.

එය Text Wrap කිරීම ලෙස හඳුන්වයි.

මින් කෙරෙන්නේ, රූපයකට සාපේක්ෂව අකුරු පැවතිය යුතු ස්ථාන නිශ්චිතව දැක්වීමයි. එසේ නිශ්චිතව දැක්වූ පසු හෙලිකොපටර්යට සාපේක්ෂව අකුරු පවතින ස්ථානය පහත නිදසුනෙන් දැක්වේ.


ඉහත රුප දෙකේ පැහැදිලි වෙනසක් ඔබට පෙනෙනු ඇති මම විස්වාස කරමි. 

අපි දැන් මෙසේ වෝර්ඩ් වරප් කරන්නේ කෙසේ දැයි විමසා බලමු.

ප්‍රථමයෙන්ම ඔබේ රුපය ක්ලික් කර, ඉහලින්ම ඇති Picture Tools නම් බට්න් එක ක්ලික් කරන්න.

  එවිට පින්තුර සංස්කරණයට ගැලපෙන ලෙස එහි ෆොර්මැට් නමින් ටැබ් එකක් ඉස්මතු වේ. පහත රුපය බලන්න.



දැන් මෙහි ඇති Text Wrapping නම් බට්න් එක ක්ලික් කරන්න. එවිට තවත් මෙනුවක් දිස්වේ. එහි විවිධාකාර Text Wrapping  ක්‍රම ඇත. අප ඒ එකිනෙකක් ගැන විමසා බලමු. (පහත රුප බලන්න).




In Line with Text - රුපය සහ පේළියකට අදාල වූ අකුරු එකම පේළියක තැබීම. සාමාන්යෙන් පවතින ආකාරය මෙය වේ.

Square -  රුපය වටා අකුරු චතුරශ්‍රයක ආකාරයට සැකසීම.
Tight -  රූපය වටා රුපයට  ඉතා ආසන්නව අකුරු තැබීම. හැකි සම අවස්ථාවකම මෙය තෝර ගන්න.
Behind Text  - රූපයට පිටුපසෙන් අකුරු තැබීම. මෙවිට රුපයට යටවී ඇති අකුරු නොපෙනේ.
In Front of Text -   - රූපය මත අකුරු දිස්වි රූපය යට යාම සිදුවේ.
Top and Bottom - රූපයේ ඉහලින් සහ පහලින් අකුරු පිලිවලට සැකසේ.










ඔටෝද මැනුවල් ද? Auto or manual transmission?

වර්තමානයේ මෙරටට ගෙන්වන වාහනවල ගියර් පද්ධතිය සම්බන්ධව මීට දශකයකට පෙර නොතිබුණු විශාල වෙනසක් මෙකල ඉතාම පැහැදිලිව දක්නට තිබේ. එනම්, මිට පෙර ඉතා බහුලව තිබුණු මැනුවල් ගියර් වාහන අද ස්වයංක්‍රීය ගියර් සහිත වාහන වලින් ආක්‍රමණය කර ඇති බවයි.  

මෙම දෙවර්ගයේම මෝටර් රථ වල ඒවාට ආවේනික වූ වාසි සහ අවාසි තිබේ. අද මෙම ලිපිය තුළින් අප කතා කිරීමට සැරසෙන්නේ එම වාසි හා අවැසි සම්බන්ධවයි.

මා මෙහිදී ලිවීමේ පහසුව සලකා මැනුවල් ගියර්  ලෙස ස්වයංක්‍රීය නොවන ගියර් සහිත වාහනද, ඔටෝ ගියර් ලෙස ස්වයංක්‍රීය ගියර් සහිත වාහනද දක්වන බව කරුණාවෙන් සලකන්න.

මෝටර් රථය  මැනුවල් හෝ ඔටෝ එකක් වේවා, එය සාර්ථකව ධාවනය කිරීමට නම් ගීයර් දැමීම අනිවාර්යෙන්ම කෙරිය යුතු දෙයකි.
මෝටර් රථයේ අක්සලේටරය  පාගා වෙගය වැඩි කරන විට, එන්ජිම  කරකැවෙන වේගය වැඩිවේ. මෙම වේගය මැනෙන්න RPM වලිනි. සමහර මෝටර් රථ වල RPM මීටර් එකක් තිබේ. එවැනි රථ වල RPM එකේ රතු කට්ටක් ද තිබේ. ඔටෝ  හෝ මැනුවල් වේවා, මෙම කට්ට පැනීමට පෙර ඊළඟ ගියරයට මාරු කර යුතුය. 

මන්ද යත්, එක එක ගියර් එකේ ලබා ගත හැකි උපරිම වේගයක් තිබේ. 1,2 ආදී ගියර් වලට වඩා 4,5 ගියර් වලදී  ලබා ගත හැකි වේගය වැඩිය. මැනුවල් රථ වල නම්, එක ගියරයක උපරිම සීමාවට එළැඹු පසු අනිත් ගියරයට දැමීම රියදුරා විසින් කළ යුතුය. ස්වයංක්‍රීය රථ වල මෙය මෝටර් රථ මඟින් ස්වයංක්‍රීයව කෙරේ.

 ස්වයංක්‍රීය රථයක් පැදවීම ඉතා සරලය. එවැන්නක් පැදවීම මට නම් සෙල්ලම් බඩුවක් හා විනෝද වීමකට සමාන කළ හැකිය. ක්ලව් එක හා ගියර් පොල්ල පිළිබඳ සියලු දේ අමතක කර රිසි සේ දෑතම සුක්කානම මත තබා ධාවනය කල හැකිය. මෙසේ  පැදවීමේ පහසුව තකා, කාන්තාවන් අති බහුතරයක් ඔටෝ ගියර් රථ වලට පුරුදු වී තිබේ.  නමුත් මැනුවල් රථයක් මිට වඩා වෙනස්ය. මෝටර් රථය ධාවනය කරන විට එහි වේගයට අදාළව  ගියර් මාරු කිරීම රියදුරා විසින් කළ යුතුවේ.

ගියර් දැමීමේදී ක්ලච් එකද පෑගිය යුතුය. ගියර් දමා  අවසන් වූ විට ක්ලච් එක අතහරිය යුතුය. එවිට ඊට සමගාමිව අක්සලේටරය ද පෑගිය යුතුය. මෙය සංකීර්ණ ක්‍රියාවක් සේ පෙනුනද, පුරුදු වූ පසු එය ඔබ නොදැනුවත්වම සිදු වේ.  

අලුතෙන් රියදුරු බලපත් ලබා ගන්නා බොහෝ දෙනෙක් ඔටෝ ගියර් රථ වලට යොමු වීමක් පෙනීමට තිබෙන්නේ මැනුවල් වාහන සංකීර්ණ ලෙස පෙනෙන නිසා විය හැකිය.

නමුත් සමහරක් දෙන නොදන්නා දෙයක් වනුයේ, ස්වයංක්‍රීය රථයකින් ට්‍රයල් පෙන්වූ කෙනෙකුට ලැබෙන්නේ ඔටෝ ගියර් බලපත්‍රයක බවත්, එමඟින්  කිසිම හේතුවක් මත, මැනුවල් රථයක් පැදවීමට වරම් නොලැබෙන බවත්ය. එනිසා කෙසේ හෝ පුරුදු වී මැනුවල් රථයකින් ට්‍රයල් පෙන්වා මැනුවල් බලපත්‍රයක් ගැනීමේ වාසි රැසක් තිබේ.

බොහොමයක් කුඩා  කාර් රථ  පැමිනෙන්නේ මැනුවල් මාදිලියෙනි.. ඒවා අතර මරුටි 800, ඇල්ටෝ සහ මයික්‍රෝ පැන්ඩා රථ වෙයි. බලපත්‍ර ලබාගත් විගස බොහෝ දෙනා කුඩා රථයක් මුලින් පැදවීමට ප්‍රිය කරන අතර, බලපත්‍රය ස්වයංක්‍රීය එකක් නම, මරුටියක් වැනි කුඩා රථයක් පැදවීමේ අවස්ථාව ඔබට අහිමි වී යයි.

මැනුවල් රථයක් පැදවීම ඔටෝ රථයකට වඩා පෙනුමින් සංකීර්ණ වුවත්, මැනුවල් රථ වල බොහෝ වාසි තිබේ. අපි දැන් එවැනි වාසි කිහිපයක් ගැන සලකා බලමු.

අප අතර සිටින බොහෝ දෙනෙක් වාහනයක් මිලට ගැනීමට පෙර එහි ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන සොයා බලයි. එහෙම අයට ගැලපෙන්නේ මැනුවල් රථයකි. මන්ද යත් මැනුවල් රථ  ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි නිසාය.   

රියදුරා විසින්ම ගියර් මාරු කරන නිසා, එන්ජිම උපරිම RPM එකට ඒමට පෙර ඉහල ගියරයට දැමීමෙන්, වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතවක් ලබා ගත හැකිය. නමුත් ඔටෝ  ගියර් වාහනයක් නම් බොහෝ විට ගමන් කරන්නේ එහි වේගයටම අදාළ වූ ගියර් එකේම පමණි. නමුත් මෙසේ වේගයටම අදාළ ගියරයේම ගමන් කිරීම සෑමවිටෙකම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, ඔබට තෙවැනි ගියරයේ ගමන් කර හැකි උපරිම වේගය 40ක නම්, ඔබ 40 පන්න පසු 4 ගියරයටද, 40 ට අඩු වේග වලදී 3 ගියරයේද ය යුතුය. ස්වන්ක්රිය රථයක් නම් මෙම සංකල්පය හොඳින් අනුගමනය කර අදාල වූ ගියර් වල පමණක්ම ගමන් කරයි.

නමුත් ඔබට මැනුවල් රථයක නම්, 30 දීද 4 වැනි ගියරට දමා යා හැකිය. එවිට එන්ජිම කරකැවෙන වේගය අඩුවී ඉන්ධන කාර්යක්ෂමතාව හොඳින් සිදු වේ. නමුත් මෙය ස්වන්ක්රිය රථයක සිදු නොවන නිසා ඔබට එසේ ඉන්ධන කාර්යක්ෂම තවක් ලබා ගත නොහැක.

මැනුවල් රථයක පාලනයේ වැඩි බරක් රියදුරා මත තිබෙන නිසා හැසිරවීම අතින් මැනුවල් රථ වඩාත් ඉදිරියෙන් සිටී. උදාහරණයක් ලෙස  හොඳින් වංගු ඇති මාර්ග වල ඔබට බය නැතුව මැනුවල් වාහනය පදවා යා හැකිය. වංගුවක් එළඹෙන විට අඩු ගියරයකට මාරු කිරීමෙන්, බ්රේක් නොපාගා  වුවත් එන්ජිමේ බරට වාහනයේ වේගය අඩුවේ. එවිට සුක්කනමෙන් හොඳින් වාහනය හරවා ගත හැකි අතර ඉතා හොඳ පාලනයක් තිබෙන බව රියදුරාගේ දෑතට දැනේ. නමුත් ස්වයංක්‍රීය රථයක නම්, වේගය අඩු කිරීමට අනිවාර්යෙන්ම බ්රේක් පෑගිය යුතුවේ. එමෙන්ම, වංගුවක්   එළඹෙන බව වාහය නොදන්නා නිසා ගියර් මාරු කරගෙන ඊට සුදානම් වීමක් සිදු නොවේ.

මැනුවල් රථ වල ඔටෝ ඒවාට සාපේක්ෂව බ්රේක් පෑඩ් ගෙවෙන්නේ සෙමෙනි. මැනුවල් රථ වල බ්රේක් පෑගීමෙන් තොරව, ගියර් මාරු කිරීමෙන්ම පමණක් වුවද වේගය අඩු කර හැකිය. පල්ලම් බසිමේදී මෙය ඉතාමත් වාසි දායක දෙයකි. නමුත් ඔටෝ වල නම් කොයි වෙලෙත් බ්රේක් පෑගිය යුතු නිසා බ්රේක් පෑඩ් ඉක්මනින් ගෙවී යයි. ඒවිතරක් නොවේ, ඔටෝ ගියර් රථ  නවතාගෙන සිටින විටදී ද, බ්රේක් පාගා ගෙන සිටිය යුතුවේ.

මැනුවල් රථ වල වෙළඳපොළ මිල සාපේක්ෂව  අඩුය. ඔටෝ රථ වලට වෙනම තාක්ෂණයක් අවශ්‍ය බැවින් ඒවා මිලෙන් වැඩි වේ.

මාගේ අත්දැකීමට අනුව නම් වඩාත් විනෝද විය හැක්කේ මැනුවල් රථයක් පදවිමෙනි. අක්සලේටරය පමණක් පාගා ගෙන සිටිනවාට වඩා, ගියර් දමමින්, අවශ්‍ය ආකාරයට වේගය හැසිරවිය හැක්කේ මැනුවල් රථයකිනි. ඔටෝ රථයක ඔහේ සුක්කානම කරකවමින් පමණක් යාම කම්මැලි සහගත විය හැකිය. එබැවින් මැනුවල් රථයක ගියර් දැමීම ආදී දේවලට සිත යොමුවන විට රිය පැදවීම වඩාත් විනෝදාත්මක වේ.

 පිකප් එක අතින් ගත්තත් මැනුවල් රථ වල පිකප් එක ඔටෝ ඒවාට වඩා වැඩිය. අප යන ගියර් එකේ පිකප් එක අඩුයි කියා සිතේ නම්, වහාම පහල ගියර් එකට දමා හොඳ පිකප් එකක් ලබා ගත හැකිය.  එබැවින් ක්ෂණිකවම තවත් රථයක් ඉස්සරකිරීම  මැනුවල් රථයකින් ඉතා පහසුවෙන් කර හැකිය. නමුත් ඔබ වාහනයක් ඉස්සර කිරීමට යන බව නොදන්නා ඔටෝ ගියර්  මෝටර් රථය, ඊට ලැස්ති නොවී  පැමිණි   ගියරයෙන්ම ගමන් ගනී. එවිට වාහනයේ පිකප් එක අඩු වීම නිසා තවත් රථයක් ඉස්සර කිරීම ස්වයංක්‍රීය රථයකින් අපහසු වේ.

මේවා මැනුවල් රථ වල පවතින වාසිය. ඔටෝ රථ වලද මිට සමගාමිව බොහෝ වාසි තිබේ. දැන් ඒවා 

ඔටෝ ඒවායේ ගියර් මාරු කිරීමට සිත යොමු කිරීම අවශ්‍ය නොවන නිසා, මාර්ගය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට හැකි වීම මෙහි ප්‍රධානතම වාසියකි. එමෙන්ම දෑතම සුක්කානම මත තබාගෙන ආරක්ෂාකාරී රිය පැදවීමට අවස්ථාව ලැබේ.

මාර්ග තදබදය අධික විට ස්වයංක්‍රීය රථයක අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට සිහිපත් වේ. අඩියෙන් අඩියට ගියර් මරුකිරිමේදී, ක්ලච් එක පෑගීමට අවශ්‍ය බැවින් එය පාද වලට දැඩි වේදනාකාරී විය හැකිය. ආතරයිටිස් රෝගය ඇති බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් වන බැවින් ඔවුන්ට ඔටෝ රථයක් පැදවීම වඩාත් සුවපහසු විය හැකිය. 

එපමණක් නොවේ, කඳු සහිත ප්‍රදේශ වලද නිතරම ගියර් මාරු කිරීම සිදු කල යුතු අතර, ක්ලච් බැලන්ස්  නොමැති නම්, රථය පිටුපසට පැමිණීම වලක්වා ගැනීම අසීරු වේ. මෙවැනි ගැටළු ඔටෝ රථයක නොමැත. රථය පිටුපසට පැමිණීම ඔටෝ රථයක ස්වයංක්‍රීයව  වැළකේ.

ඔටෝ රථ වල වෙළඳපොල මිල වැඩි බැවින් නැවත විකිණීමේදී මැනුවල් රථයකට සාපේක්ෂව ඉහල මිලකට විකුණා දැමිය හැකිය. 

ඔටෝ සහ මැනුවල් රථ වල ප්‍රධානම වෙනස එහි ගියර් මාරු කිරීමයි. එනම් එය ස්වයංක්‍රීයව  ද, රියදුරාගේ විසින් සිදු කරයිද යන්න වේ. කෙසේ වෙතත් කුමන රථයක් වුවත් ඔබව අවශ්‍ය තැනට රැගෙන යයි. මේ ලිපිය වුයේ ඔටෝ සහ මැනුවල් වල වෙනස්කම් සහ ඒ ඒ රථ වල වාසි කුමක්දැයි පෙන්වා දීමයි.

නමුත් මේ දෙවර්ගයම පැදවීමට ඉගෙන ගෙන තිබීම මුළු ජිවිතයටම වටිනා අවශ්‍යතාවයකි. මැනුවල් රථයක ඉගෙන ගැනීමට අවශ්‍ය වන්නේ, ඔටෝ එකකට වඩා බොහොම පොඩි පුහුණුවක් පමණයි. ඔබ ඔටෝ රථයක්ම මිලදී ගත්තත් මැනුවල් රථයක්ද පැදවීමට ඉගෙන ගෙන සිටීම බොහොම වැදගත් දෙයකි. අප කාටත් හදිසි අවශ්‍යතා ඇති වේ. හදිස්සියකට යාලුවෙක්ගෙ, නෑදයෙක්ගේ වාහනයක්  වුවත් ඉල්ලගෙන යන්න පුළුවන් වෙන්නේ එක පදින්න පුළුවන් වුනොත් පමණයි. කරුමෙකට වත් එක මැනුවල් වෙලා, ඔබට මැනුවල් පදින්නේ තේරෙන්නේ නැත්නම්, ඒ මිනිස්සුත් ඔබට වාහනය ලබා දෙන්නේ සිතේ අසතුටින්. ඒවගේම ඔබත් ගමන යන්නේ අසතුටින්. ඒ නිසා කුමන වාහනයක් වුවත් පැදවීමට දැනගැනීම ඉතා අවශ්‍ය දෙයක්. . 






















මයික්‍රොසොෆ්ට් වර්ඩ් - එකතු කළ රූපයක් කරකැවීම - Rotating images in microsoft word

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මගින් ලිපිගොනුවකට එක් කල රූපයක  දිග පළල වෙනස් කිරීම මෙන්ම එය ඔබට අවශ්‍ය ලෙස කරකවිමට ද හැකිය. එය ඉතා පහසු ක්‍රියාවකි. 

 ප්‍රථමයෙන්ම ඔබට අවශ්‍ය රූපය මත එක වරක් ක්ලික් කරන්න.එවිට පහත රුපයේ මෙන් රුපය වටේ සුදු තිත් කිහිපයක් මතු වනු ඇත. එම සුදු තිත් මා නිල් පැහැති ඊතල වලින් දක්වා ඇත.




නමුත් මෙහි කොළ පැහැති ඊතලය දෙස අවධානයෙන් බලන්න.. එය යොමු වන්නේ කුඩා කොළ පැහැති තිතකටය. ඔබ ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරතොත් ඔබටත් එවැනි කොළ පැහැති තිතක් ඔබේ රූපයේ ඉහල කොටසේද ඇති බව දක්නට හැකි වේ. 

මෙම කොළ පැහැති තිත මතට මචුස් පොයින්ටර් එක ගෙන ගිය විට එය "කරකවුනු ඊතලයක්" බවට පත්වේ. දැන් මෙම කොළ පැහැති තිත මත ක්ලික් කරගෙනම මවුස් එක වමට හෝ දකුණට  අදින්න. එවිට රූපයද මවුස් එක ගෙනයන දෙසට කරකැවෙන බව ඔබට දැකගත හැකිය. 

රුපය ඔබට අවශ්‍ය ලෙස කරකවුනු පසු මවුස් බට්න් එක අතහරින්න. එවිට රූපය කරකැවී එසේම පවතී.

පහත උදාහරණයේ දැක්වෙන්නේ එසේ මදක් දක්ෂිණාවර්තව කරකවන ලද රූපයකි.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් - එකතු කළ රූප සංස්කරණය කිරීම - Editing images in microsoft word

මීට පෙර ලිපියෙන් අප කතා කලේ වර්ඩ් ලිපිගොනුවකට රූපයක් එක්කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ සම්බන්දව ඔබට මේ වනවිට ගැටළුවක් නැතැයි අපි උපකල්පනය කරන්නෙමු. රූපයක් එකතු කර පමණින්ම, අපගේ පාඩම් මාලාව අවසන් වන්නේ නැත. එක් කළ රූපයේ දිග පළල වෙනස් කිරීම, අවශ්‍ය තැන වලට ගෙනයාම, අනවශ්‍ය කොටස් කපා දැමීම, රූප රාමු කිරීම, ආදී දේ සම්බන්ධව ද  ඔබ දැන ගත යුතුය. මේ පාඩම් මාලාව වෙන් වන්නේ ඒ සඳහාය.

රුපයක දිග පළල වෙනස් කිරිම.

ඔබ වර්ඩ් ලිපිගොනුස්වකට රූපයක් එකතු කළවිට එය පහත උදාහරණයේ මෙන් දිස්විය යුතුය. මා මේ සඳහා උදාහරණයක් ලෙස ගන්නේ මලක රූපයකි. 

ප්‍රථමයෙන්ම රූපය මත එක් වරක් ක්ලික් කරන්න.

එවිට රූපය වටේ කුඩා සුදු තිත් වගයක් මතු වන බව දැක ගත හැකිය. මෙම උදාහරණයේ ඊතල වලින් සලකුණු කර ඇත්තේ එම තිත්ය. 



 එම කුඩා තිත් මත ක්ලික් කරගෙනම මවුස් එක අදින විට රූපයේ දිග පළල වෙනස් කර ගත හැකිය. මෙහිදී ඔබ මතක තබා ගත යුතු වන්නේ ක්ලික් කර මවුස් බට්න් එක තද කරගෙනම (එය අතහරින්නේ නැතිව) ඇදිය යුතු බවයි.)

දිග පමණක් වෙනස් කිරීමට නම්, දකුණු හෝ වම් පස ඇති තිත් වලින් දකුණට හෝ වමට ඇදිය යුතුය.
උස පමණක් වෙනස් කිරීමට ඉහලින් හෝ පහලින් ඇති තිත් වලින් ඇදිය යුතුය,
\
නමුත් මෙහිදී රුපයේ පෙනුම අසාමාන්‍ය ලෙස වෙනස් වේ. මන්ද යත්, උසට සාපේක්ෂව දිග හෝ, දිගට සාපේක්ෂව උස හෝ වෙනස් නොවන නිසාය. පහත උදාහරණයේ දැක්වෙන්නේ එසේ පළල පමණක් අඩු කලවිට ඉහත ලස්සන රුපය අවලස්සන වී ඇති ආකාරයයි.



නමුත් දිග සහ පළල  එකම ප්‍රමාණ වලින් වෙනස් කිරීමට නම් ඔබ ඇදිය යුත්තේ කොන් සතරේ ඇති තිත් වලින්ය. මෙහිදී එක් කොනක ඇති තිතකින් පමණක් දීම ප්‍රමාණවත්ය. 

පහත රූපය බලන්න, එහි දිග සහ පළල සාපේක්ෂව සමාන ප්‍රමාණ වලින් අඩු කර ඇති නිසා,  රුපය අවලක්ෂණ වීමකින් තොරව කුඩා වී ඇත.






Friday, July 29, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - පින්තුර එකතු කිරීම - How to insert pictures

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සමග වැඩ කිරීමේදී අපට ලිපිගොනුවලට විවිධ පින්තුර සහ ඡායාරූප එකතු කිරීමට සිද්ධ වෙනු ඇත. එය අත්‍යාවශ්‍යයෙන්  දැන සිටිය යුතු මෙන්ම, හොඳින් ප්‍රගුණ කළයුතු  ද දෙයකි. මන්ද යත්, වචන දහසක් කියවෙන රූපයක් හරියට තේරුම් ගත හැකිවන්නේ, එම රූපය ලසස්නට යොදා තිබුනොත් පමණක් නිසාය.

ප්‍රථමයෙන්ම File මෙනුවේ ඇති  Open ක්ලික් කර  ඔබ කැමති ලිපි ගොනුවක විවෘත කර ගන්න. එසේත් නැත්තනම්, File මෙනුවෙන්  New  ද, ඉන්පසු එහි මතුවන මෙනුවෙන් Blank Document ද  ක්ලික්  කර නව ලිපි ගොනුවක් ආරම්භ කරන්න.

දැන් මෙම ලිපිගොනුවට ඔබට  පරිගණකයේ තිබෙන රුපයක් එකතු කිරීමට අවශ්‍ය යයි සිතන්න.


ඒ සඳහා, ඉහත රුපයේ මෙන්, Insert tab එක මත ක්ලික් කරන්න. එවිට පහත රුපයේ මෙන් පෙනෙනු ඇත. ඉන්පසු, එම Insert  tab එකේ ඇති Picture මත ක්ලික් කරන්න. 


එවිට ඔබට ඔබේ පරිගණකයේ ඇති රුපයක් තොර ගැනීමට සලස්වන Open ඩයලොග් බොක්ස් එක විවෘත වනු ඇත.





දැන් ඔබේ පරිගනයකේ ඔබට  එකතු කිරීමට අවශ්‍ය, රූපය තිබෙන තැනට යන්න. ඉන්පසු, අවශ්‍ය රූපය මත ක්ලික් කර, Insert බට්න් එක මතද ක්ලික් කරන්න. එවිට රුපය වර්ඩ් ලිපිගොනුවට එකතු වනු ඇත.

රුපයක් සඳහා මා නම් තෝරා ගත්තේ මල් පොකුරකි, දැන් එය මගේ ලිපිගොනුවට එකතු වී ඇති අන්දම ඔබට පහත පෙනෙනු ඇත.



සමහර විටක රුපය එකතු වුයේ ඔබට අවශ්‍ය වූ තැනට නොවනු ඇත. ඊට හේතුව වන්නේ, සෑම විටෙකම රුපය එකතු වන්නේ, ඔබේ කර්සරය ඇති තැනට බැවිනි. ඒ නිසා, රුපය එකතු කිරීමට මත්තෙන්, ඔබට අවශ්‍ය තැනක් මත ඩබල් කිල්ක් කර, එතනට කර්සරය ගෙන එන්න. ඉන්පසු රුපය එකතු කරන්න.




Tuesday, July 26, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - මුද්‍රණය කිරීම - Printing

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මගින් අප සාදා ගන්න ලිපිගොනු මුද්‍රණය කිරීම ඉතාම පහසුවෙන් මුද්‍රණය කර ගත හැකිය. අද ලිපියෙන් අප කතා කරන්නේ එසේ යම් ලිපියක් මුද්‍රණය කර ගන්නේ කෙසේ දැයි කියායි. 

නමුත් මේ සෑම දෙයකටම මත්තෙන් ඔබේ පරිගණකයේ මුද්‍රණ යන්ත්‍රයක් ස්ථාපනය කර තිබිය යුතුය.

ප්‍රථමයෙන්ම FILE  මෙනුවෙන් OPEN තෝරාගෙන ඔබට අවශ්‍ය ලිපි ගොනුවක් විවෘත කර ගන්න.


දැන් මෙහි FILE ක්ලික් කර මතුවෙන මෙනුවෙන් PRINT ක්ලික් කරන්න. 



මුද්‍රණ යන්ත්‍රයක් තෝරා  ගැනීම.


එවිට පහත දැක්වෙන ලෙසට තවත් මෙනුවක් දර්ශනය වේ. එහි කොටු කර ඇති ප්‍රදේශයේ ඔබේ ප්‍රින්ටරය පෙන්විය යුතුය. එසේ පෙන්වන්නේ නැත්නම්, එහි ඇති කුඩා ඊතලය ක්ලික් කර එන මෙනුවෙන් ඔබේ ප්‍රින්ටරය තෝරා ගන්න.


පිටු සම්බන්ද තොරතුරු දැක්වීම.


ඉන්පසු කළ යුත්තේ ඔබට මුද්‍රණය කිරීමට අවශ්‍ය පිටු සම්බන්ධ තොරතුරු දැක්වීමයි.ඔබට පිටු සියල්ලම මුද්‍රණය කිරීමට අවශ්‍ය නම්, එසේ වෙන වෙනම දැක්විය යුතු නොවේ.


ඉහත රුපයේ මෙන්, Print Custom Range යන බට්න් එක මත ක්ලික් කර පසු ඔබට ඉහත දැක්වෙන්නක් සේ තවත් මෙනුවක් දර්ශනය විය යුතුය. එහි පළමුවන තේරීම නම්, Print All Pages යන්නයි. එය මත ක්ලික් කිරීමෙන් පිටු සියල්ලක්ම මුද්‍රණය කර ගත හැකිය.

එමෙන්ම, 

Print Selection - ක්ලික් කිරීමෙන්, ඔබ Highlight කර ඇති කොටසක් පමණක් මුද්‍රණය කර ගත හැකිය.
Print Current Page - දැනට කර්සරය තිබෙන පිටුව පමණක් මුද්‍රණය වේ.
Print Custom Range -  මෙමගින් ඔබට අවශ්‍ය පිටු පමණක් මුද්‍රණය කර ගත හැකිය. ඒ සඳහා එම පිටු වල අංකයන් කොමා මගින් වෙන් කර එහි ටයිප් කර යුතුය. උදාහරණයක් ලෙස. ඔබට දෙවැනි, පස්වැනි සහ නවවැනි වැනි පිටු මුද්‍රණය කිරීමට අවශ්‍ය නම්, පහත දැක්වෙන ලෙස Print Custom Range යන්න ක්ලික් කර,  ඉන්පසු ලැබෙන හිස්තැනෙහි පහත දැක්වෙන ලෙස ටයිප් කර යුතුය. 


එක් පැත්තක හෝ දෙපැත්ත මුද්‍රණය කිරීම.


 සාමාන්යෙන් අප මුද්‍රණය කරනු ලබන්නේ හාෆ් ශීට් කොලයේ තනි පැත්තේය. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී අපට දෙපත්තේම මුද්‍රණය කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවක බොහෝ දෙනා කරන්නේ  පිටුවක්  මුද්‍රණය කර    කොලය මුද්‍රණ යන්තරයට අනික් පැත්ත හරවා ඇතුලත් කර නැවතත් ප්‍රින්ට් කොමාන්ඩ් එක දීමයි. එය ඉතා අසීරු කටයුත්තකි. නමුත් මෙම බට්න් එක ක්ලික් කර ඇති විටෙක, පරිගණකය ස්වයංක්‍රීයව පිටුවක් හැර පිටුවක් මුද්‍රණය කර, අවසානයේ ඔබට පිටු සියල්ලම අනිත් පැත්ත හරවා මුද්‍රණ යන්ත්‍රයට දැමීමට අණ කරයි. 

එවිට ඔබ අර්ධ ලෙස  මුද්‍රණය වූ පිටු ටික නිවැරදිව ඇතුලත් කර පසු, ඉතුරු පිටු ටික මුද්‍රණය වේ. එක වර පිටු විශාල ගණනක් මුද්‍රණය කරන්නේ නම් එය ඉතා පහසු කාර්යයක් වනු ඇත.

මේ සඳහා කල යුත්තේ, පහත දක්වා ඇති කොටසේ අංග වන, Print One Sided  හෝ  Manually Print On Both Sides යන ඒවායින් ඔබට අවශ්‍ය දේ ක්ලික් කිරීමයි.





Collated අංගය ගැන දන ගනිමු.



සිතන්න ඔබ පිටු 400 යක පමණ විශාල පොතක් යහළුවන්මු දෙදෙනෙක්ට දීමට පිටපත් දෙකක් බැගින් මුද්‍රණය කිරීමට සුදානම් වන්නේ යයි. ඔබට එය ආකාර දෙකකින් මුද්‍රණය කර හැකිය. එනම්, 

1. ප්‍රථමයෙන් එක පොතක් මුද්‍රණය අවසාන කර අනෙක් පොත මුද්‍රණය කිරීමට පටන් ගැනීම. 

2. එසේ නැත්නම්. සෑම කොලයකින්ම එකවර පිටපත් දෙකක් බැගින් ගසා, පසුව ඒවා වෙන් කර පොත් දෙක සාදා ගැනීම. උදාහරණය ලෙස, 1 පිටුවෙන් පිටපත් දෙකක්ද, 2 පිටුවෙන් පිටපත් දෙකක්ද බැගින් මුද්‍රණය වේ.



ඔබ මෙම අංගයෙහි, Collated ක්ලික් කර ඇති විට මුද්‍රණය වන්නේ පලමු ආකාරයෙන්ය. Uncollated ක්ලික් කර ඇති විට දෙවැනි ආකාරයට මුද්‍රණය වේ.

Portrait සහ Landscaping ගැන දැන ගනිමු.





ඔබට ඉහත රුප වල වෙනසක් පෙනේද?  ඔබ Portrait Orientation යන්න තෝරා ගත් විට පළමු වන ආකාරයටත්, Landscape යන්න තෝරා ගත් විට දෙවැනි ආකාරයටත් මුද්‍රණය වේ,

පිටුවේ ප්‍රමාණය සැකසීම.


පහත පෙන්වා ඇති බට්න් එකෙන් කෙරෙන්නේ අපට අවශ්‍ය පිටුවේ ප්‍රමාණය තොර ගැනීමයි. සාමාන්‍යන් ලංකාවේ බහුලව භාවිත වෙන්නේ A4 ප්‍රමාණයේ කොලයි. එබැවින් පහත කොටු කර ඇති බට්න් එක ක්ලික් කර ඉන් A4 තොරා  ගන්න. 


මෙසේ නොකරන්නේ නම්, ඔබ මුද්‍රණ යන්ත්‍රයට ඇතුලත් කරන කොලයේ ඔබට අවශ්‍ය අන්දමට වඩා කුඩාවට හෝ විශාලව මුද්‍රණය වේ. එබැවින් මෙය වැදගත් කටයුත්තකි.

Margin එක සැකසීම.


මුද්‍රණය කරන පිටුවේ ඉහල,පහල, වම සහ දකුණ කොටස් වලින් අප යම් කිසි ඉඩක් ඉතුරු කර යුතුය. පිටු ඇමිණීම, ගානට කැපීම, ආදී කාර්යයන් සඳහා එසේ ඉඩ ඉතුරු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ඉතුරු කර යුතු ඉඩ ප්‍රමාණය දැක්වෙන්නේ මෙම අංගයෙනි.. සාමාන්යෙන් එය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.  

කොළයකට අවශ්‍ය පිටු ගණන.


ඔබට එක හාෆ් ශීට් කොලයකට පිටු ගණනාවක් කුඩා කර මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් මෙම බට්න් එක ක්ලික් කර ඊට අවශ්‍ය අංගය තෝරාගන්න.

මුද්‍රණය කිරීම.


දැන් ඔබ පැමිණ ඇත්තේ අවසාන කොටසටයි. පහත රුපයේ පෙන්වා ඇති පරිදි ඔබට අවශ්‍ය පිටපත් ගණන මින් තෝරා ගන්න.. 

ඉන්පසු ඔබට කිරීම ඇත්තේ නැවතත් පහත රුපයේ ඇති පරිදි විශාල ප්‍රින්ට් බට්න් එක ක්ලික් කිර්මයි. එවිට ඔබට අවශ්‍ය පරිදි සහ ඔබ විසින් සකසා ඇති පරිදි මුද්‍රණය වීම සිදුවේ.



ගැටළු නිරාකරණය.


ඇතැම් අවස්ථාවලදී, ඔබ මුද්‍රණය වීමට අවශ්‍ය කොමාන්ඩ් එක ලබා දුන්නත් මුද්‍රණය වීමක් සිදු නොවිය හැකිය, එවැනි අවස්ථාවක පහත දේ පිමිබන්ද අවධානය යොමු කරන්න.

1. මුද්‍රණ යන්ත්‍රයේ USB කේබල් එක ගලවා තිබිය හැකිය.
2. මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා විරහිත වී තිබිය හැකිය.
3. මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත ඉවර වී තිබිය හැකිය.
4. කොළ අවසන් වී හෝ සිරවී තිබිය හැකිය.
5. කොළ සිර වී තිබිය හැකිය.
6. මුද්‍රණ යන්ත්‍රයේ උඩු පියන විවෘත කර හෝ කොළ එලියට පැමිණෙන ට්‍රේ  එක වසා තිබිය හැකිය.







Friday, July 22, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - බට්න්ස් ගැන තව දුරටත් - කොටස 3


තිරයේ පහල දකුණු කෙලවර දෙස බැලුවිට ඔබට පහත ආකාරයේ සැකැස්මක් දැකගත හැකි වනු ඇත. එහි ඇති බ්ට්න්ස් පිළිබඳව අප දැන් දන ගනිමු.

Word 2013 
Word 2007

ඔබේ මොනිටරයේ තිරය කුඩා නම්, ඔබට මෙහි ඇති විශාලන කිරීමේ ධන හෝ ඍණ ලකුණු මත ක්ලික් කිරීමෙන් ඔබට දිස්වන ප්‍රමාණය අඩුවැඩි කර ගත හැකිය. එසේත් නැත්නම්, මැද ඇති කුඩා ඊතලය වමට ගෙන යාමෙන් පිටුව කුඩා කරගැනීමටත්, දකුණට ගෙන යාමෙන් විශාලනය කරගැනීමටත් ඔබට හැකිය. සාමාන්යෙන් මෙය 100% ලෙස පවතී.

වර්ඩ් 2007 වල නම්, ඉහත සඳහන් කර විශාලනය කිරීමේ බටන්ස් වලට මදක් ඉහලින්, ඉහලට සහ පහලාට යොමු වුනු  තවත් ඊතල දෙකක් දිස්වේ. ඒවා මගින් පිටුව ඉහලට සහ පහලට ගෙන යාම  සිදුවේ.  ඒ බ්ට්න්ස් දෙක මැද ඇති රවුම ක්ලික් කිරීමෙන් (පහත රුපය බලන්න) විවධ දේ පහසුවෙන් කර ගත හැකි ShortCuts නමින් හඳුන්වන තවත් මෙනුවක් විවෘත වේ. ඒවාට අදාල ක්‍රියාවන් මවුස් එකේ ඊතලය  මතට ගෙන යාමෙන් ඔබට දැන ගත හැකි වේ..


------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.



මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - විවෘත කර ගැනීම සහ සාමාන්‍ය සැකැස්ම - කොටස 2

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයෙන් වැඩ ගැනීමට පෙර එය ඔබේ පරිගණකයේ විවෘත කර ගත යුතුය. නමුත් එය  කරනා ආකාරය එක් එක්  වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් වේ. එබැවින් ඒ සඳහා ඔබේ මෙහෙයුම් පද්ධතිය කුමක්දැයි ඔබ දැන සිටිය යුතුය.

ඔබ වින්ඩොව්ස් XP, Vista හෝ Seven පරිශීලකයෙක් නම්,


  • Start Button එක මත ක්ලික් කර All Programs වෙත යන්න. ඉන් පසු එන මෙනුවෙන්, මිMicrosoft Office තෝරා ගන්න. 
  • එම මෙනුවේ Microsoft Word නම්, තේරීම ක්ලික් කරන්න.
  • එවිට Microsoft Word  විවෘත වෙනු ඇත.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විවෘත වූ පසුව, ඔබට එහි මැද විශාල සුදු අවකාශයක් දැකගත හැකිය. ඔබ සියලුම නිර්මාණයන් හා ලිපිලේඛන යතුරු ලියනය කරනු ලබන්නේ මෙම සුදු අවකාශයේය. එය සුදු පැහැති කොලයකට සම කල හැකිය.




සුදු අවකාශයට ඉහලින් ඇති කොටස හඳුන්වනු ලබන්නේ රිබන් එක නමිනි. එය ඇත්තෙන්ම අලංකාර රිබන් එකක් මෙන් දිස්වේ.. ටයිප් කිරීමේදී අකුරු වල ප්‍රමාණය, වර්ගය, පින්තුර, වගු  එකතු කිරීම, ව්‍යාකරණ නිවැරදි කිරීම ආදී සැම ක්‍රියාවකටම අදාල බටන්ස් ඇත්තේ මෙම රිබන් එකෙහිය.

රිබන් එක Tabs නමින් තවත් කොටස් වලට බෙදා තිබේ. ඒවා නම්, Home, Insert, Page Layout, Referrence, Mailing ආදිය වේ.

එම එක් එක් Tab එක මත ක්ලික් කර ඒවායේ ඇත්තේ කුමන කුමන buttons දැයි  විමසා බලන්න. එක එක බට්න් එක මතට ඔබේ මවුස් එකේ ඊතලය ගෙන ගිය විට ඊට අදාළ නම දිස්වනු ඇත.

මෙසේ එක් එක අංගය විපරම් කර පසු නැවතත් ඔබ Home tab එක වෙත පිවිසෙන්න. අපට අත්‍යවශ්‍ය බොහෝ බටන්ස්  මෙම tab eke පවතී. එනම්, ormatting, alignment, cut, copy and paste ආදියයි. එම එක් එක් බටන් එකෙන් වෙන කාර්යය අප පසුව විමසා බලමු.

------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.








මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - Save කරන ආකාරය

අපි යම් කිසි ලිපියක් හෝ වෙනත් නිර්මාණයක් කරමින් සිට මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය, හදිසියේ හෝ යම් හෙයකින් වසා දමන්නේ යයි සිතන්න. නමුත් අපට එම ලිපිය හෝ නිර්මාණය නැවතත් යම් දිනක නැරඹිමට  අවශ්‍ය වේ  . එසේ නම් ඒ සඳහා එම ලිපිය අපට නැවතත් විවෘත කර ගැනීමේ  හැකියාව තිබිය යුතුය..

ඇත්තෙන්ම ඒ පහසුකම මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුල ලබා දී ඇත. ඔබ යම් කිසි කාර්යයක් කරමින් සිටින්නේ එය නැවත යම් දිනක ආපසු එලෙසම විවෘත කර එය පවත්වාගෙන යාමේ අදහසින් නම්, එම ලිපිය ඔබේ පරිගණකයේ තන්පැත් කල යුතුය. එවිට නැවත යම් දිනක එය ඔබට එලෙසෙම විවෘත කර ගැනීමට හැකි වේ. 

එසේ තැන්පත් කරීම මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුළ හඳුන් වනු ලබන්නේ Save කිරීම ලෙසයි.

අපි මෙම පාඩම තුලින් ඔබේ ලිපියක් සුරක්ෂිතව පරිගණකයේ තැන්පත් කරන්නේ කෙසේ දැයි ඉගෙන ගනිමු.


 ප්‍රථම වතාවට Save කිරීම 


  • Microsoft Office button එක ක්ලික් කරන්න. 
  • ඉන්පසු පැමිණෙන මෙනුවෙන් Save යන්න තෝරා ගන්න
Save යන්න තෝරා ගැනීමෙන්, ඔබේ ලිපිය ඔබ මිට පෙරත් save කර ඇති එකක්නම්, එම ස්ථානයේම save වීම සිදු වේ. ඔබ මෙය save කරන්නේ ප්‍රථම වතාවට නම්, මීළඟට save as නමින් ඩයලොග් box එකක් දර්ශනය වේ. 




  • පහත දක්වා ඇති පරිදි, Save In ඉන් නමින් දක්වා ඇති Drop Down Menu එකින් ඔබට Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගන්න.. 
එය ඔබ නොදන්නේ නම්, එය වෙනස් නොකර තබන්න.. පහත උදාහරණයේ නම්, ඩෙස්ක්ටොප් එක මත මෙය save වේ.

  • ඉන්පසු ලිපියට නමක් ලබා දෙන්න. පහත උදාහරණයේ නම්, නම ලෙස යොදා ඇත්තේ Cover Letter යනුවෙන්ය.
  • අවසානයේ save  යන්න ක්ලික් කරන්න. එමගින් ඔබේ ලිපිය save වීම සිදුවේ.



 Save As භාවිත කර Save කිරීම

සමහර විටෙක ඔබට මෙම ලිපිය වෙනත් ස්ථානයක save කිරීමට අවශ්‍ය වේ. එනම් පෙන් ඩ්‍රයිව් එකක් තුල, ඔබේ දුරකතනයේ, එසේත් නැත්නම් ඔබේ පරිගණකයේම වෙනත් ස්ථානයක save කිරීමට සිදු වේ. එවැනි විටෙක අප තෝරා ගත යුත්තේ Save As නම් තෝරාගැනීමයි.

ඉන් පසු ඉහත දක්වා ඇති පරිදිම ඩයලොග් box එකක් දිස් වේ. එහි,


  •  Save In ඉන් නමින් දක්වා ඇති Drop Down Menu එකින් ඔබට Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගන්න.
  • ඉන්පසු ලිපියට අවශ්‍ය නම් වෙනත්  නමක් ලබා දෙන්න
  • අවසානයේ save  යන්න ක්ලික් කරන්න. එමගින් ඔබේ ලිපිය වෙනත් ස්ථානයක save වීම සිදුවේ.