Adbrite

Tuesday, August 28, 2012

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් කඩදාසි වලින් පැන්සල් හැදීම

 කඩදාසි වලින් පැන්සල් හැදීම.



ඔබගේ කාර්යාලයේ හෝ නිවසේ හෝ තියෙන half sheets සමහර වෙලාවට කරදරයක් ලෙස දැනෙන්න පුළුවන්. අපි කරන්නේ ඒවා පුළුස්සන එක හරි කුණු tractor එකට හරි දෙන එක. එඋනට ඒවා වෙනත් වැදගත් වැඩකට යොදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වෙලාවට තමයි මේ උපකරණය  ප්‍රයෝජනවත්  වෙන්නේ. ඉවත දමන කඩදාසියක් මෙහාට ඇතුළු ක්‍රම එළියට එන්නේ පැන්සලක්. අදහගන්නත් බැහැ නේද? එත් මේකෙදි සිද්ද වෙන්නේ කදසිය යන්ත්‍රය ඇතුලෙදි මිනිරන් කුරක් වටා හොඳට එතෙන එක.  කඩදාසියේ තිබිච්ච අකුරු හා පින්තුර  නිසා පන්සල ඉතාම අලංකාර  එකක් වෙනවා. ළගදීම වෙළෙඳ පොලට එන්න නියමිත මේ යන්ත්‍රය පරිසර හිතකාමී එකක්. පැන්සල් හදන්න යන ලීත් ඉතුරු වෙන අතරේ ඉවත දමන කඩදාසි වලිනුත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා.

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් iCrayon

Smart Phone එකෙන් චිත්‍ර  අඳින්න -  iCrayon




        ඔබට අවශ්‍ය වෙලාවට හිතේ නියෙන දෙයක් සිතුවමට නගන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? ඉස්සර නම් එකට කරේ පැස්ටලුයි  කොලයි හොයාගෙන චිත්‍රය අදින එක. එත් මේ gadget එක තියෙන කෙනෙකුට ඒ තරමටවත් කරදර වෙන්න අවශ්‍ය නෑ. මේ පන්හිද අරගෙන ෆොනේ එකේ තිරය පුරාවටම චිත්‍ර අදින්න පුළුවන්. ෆොනේ එකේ stylus එක තරම් වත් බර නැති මේ පන්හිද කළු, රතු සහ කොළ කියන වර්ණ 3 කින් එනවා. නමුත් චිත්‍ර අදින්න කලින් මේ පන්හිඳ හසුරුවන්න අවශ්‍ය app එක බා ගැනීම නම් කරන්න ඕනේ. ඔයාගේ ෆොනේ එක Apple හෝ Android යන ඒවායින් කවර එකක් වුනත් කමක් නෑ. iCrayon කියල හඳුන් වන මේ පන්හිඳ iPhone , iPad , Galaxy ..... යන touch screen තියෙන කවර උපකරණයක් සමග වුවත්  හොඳට වැඩ කරනවා.

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් Vivid Colour Moon Light

Vivid Colour Moon Light




ඔයාට ඕනේ වෙලාවට ඔයාගේ  room එකේ colour එක වෙනස් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳ ද? ඒකට නියම විසදුමක් තමයි මේ ලස්සන  bulb එක. ගෙදර party එකක් තියෙනවනම් හෝ යාලුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි විනෝදයක් ලබනවානම් ඊට අවශ්‍ය වයිවර්ණ ආලෝකයෙන් සමන්විත  පරිසරය හා වටපිටාව ලබාදෙන්න මේ පහනට පුළුවන්ලු. විවිධ වර්ණ 8 කින් යුක්ත මේ පහනට එක වරකට එක වර්ණයක් හෝ වර්ණ 8 ම එකවර දක්වන්න හැකිලු.

LED  වලින් හදල තියෙන නිසා වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි අයුකාලයකුත් තියෙනවා. පරිගණකයේ USB සොකෙට් ඒකට ගහල ආරෝපණය කලාම පැය 3 ක් විතර ආලෝකය ලබාදෙන්න මේකට පුළුවන්. ඊට වඩා වැඩි කාලයක් අවශ්‍ය නම් දිගටම USB එකටම ගහල තියන්න හැකියි. සමහර කුඩා දරුවනට නිදා ගන්න රැට කාමරේ යන්තම් එළියක් අවශ්‍යයි. ඉතින් ඒ වෙලවතත් මේ පහන ඉතාම ප්‍රයෝජනවත්. පහනේ battery බැහැලාම යනකන් පත්තු වුණාකියල පහනට අවුලකිත් නැති නිසා නිවන්න කරදර වෙන්න උවමනාවක් නැහැ.

මේ පහන මිල නියම කරලා තියෙන්නේ යුරෝ 25 කට.