Adbrite

Wednesday, September 26, 2012

Points2Shop ඔබත් භාවිතා කර ලෙහෙසියෙන්ම මුදල් උපයන්න.

අදත් ගෙනාවා නියම සයිට් එකක් - Points2Shop


ඔන්න අද මට හිතුන ඔයාලට අලුත් සයිට් එකක් ගැන විස්තරයක් දාන්න ඕනේ කියල. මේක නම් තරු පහේ සයිට් එකක්. ආයේ කියල වැඩක් නෑ!!
මෙච්චර දවස් ලියන්න ඕනේ කියල හිතන් හිටියට වෙලාවක් සෙට් උනේම  නෑ.


Points2Shop කියන්නේ දැනට අන්තර්ජාලයේ තියෙන වඩාත්ම විශ්වාසවන්තම survey සයිට්ස් වලින් එකක්.
කොහොමහරි මේක මටත් සෙට් උනේ වෙන බ්ලොග් එකකින්. මන් අදටත් ඒ බ්ලොග් එක ලියපු කෙනාට පින් 
දෙනවා.....



 


මේ සයිට් එකට ගියහම මුලින්ම තියෙන home page එකෙන් පවා මේකෙන් ඔයාට ගෙවීම් කරන හැටි පෙන්වල තියෙනවා.

මේකේ ඉන්න අනෙක් සාමාජිකයින්ගේ names මත ක්ලික් කරාම ඔවුන් උපයා තියෙන ප්‍රමාණ ඔයාට දැක ගන්න පුළුවන්.  

හරි දැන් සයිට් එක ගැන ඔයාගේ තියෙන අවිශ්වාසය දුරු වෙන්න ඇති කියල මන් හිතනවා. දැන් බලමුකෝ සයිට් එකෙන් වැඩ ගන්න හැටි......

මොකක්ද මේ Points2Shop ?

 

Points2Shop කියන්නේ ඇත්තටම සයිට් 2ක්. මේවා එකට link කරලා තියෙන්නේ. මේ දෙකෙන්ම අපෙන් බලාපොරොත්තු වෙන්නේ සමීක්ෂණ කිරීම හා වෙනත් කාර්යන් අප ලවා කර ගැනීම. අපට මොකක් හරි ගැටළුවක් අවොත් එකට සහාය වන්න live chat team එකක් පවා මේකේ ඉන්නවා. ඒවගේම තමයි මේකේ තියෙනවා විවිද ක්‍රීඩා. අපිට පුළුවන් අනෙක් සාමාජිකයන් එක්ක ඒවා play කරලා මුදල් දිනාගන්න.




කොහොමද ගෙවීම් කෙරෙන්නේ?

  • ඔයාට ඕනෙම රටක් භාවිතා කරලා register වෙන්න පුළුවන්.
  • PayPal, AlertPay, E-Gold, Liberty රෙසේර්වේ හෝ check වලින් තමයි ඔයාට ගෙවන්නේ.
  • check එකකින් ගෙවන්න නම් අඩුම ගන්නේ ඔය $20 ක් වත් උපයන්න ඕනේ. ලේසියි නේ?

  • PayPal නම් අඩුම ගානේ $ 1 ක් වෙන්න ඕනේ. තවත් ලේසියි නේ?
  • ඔය මොවුන්ට වලංගු email address එකක් ලබා දෙන්න ඕනේ.
  • එක ගෙදරකට එක ගිණුමක් පමණයි.

දැන් නම් ඔයාට මේ සයිට් එක ගැන හොඳ අවබෝදයක් ඇති නේ?
ඇයි තවත් බලන් ඉන්නේ? අදම ගිහින් register වෙන්න.













Monday, September 24, 2012

Internet Money - Adsense Google ගිණුමක් හදා ගනිමු.

මුලින්ම බලමු Google Adsense කියන්නේ කුමක්ද කියල?

Google Adsense කියන්නේ blogs හෝ වෙබ් අඩවි පවත්වාගෙන අයට තමන්ගේ වෙබ් අඩවිය තුළ වෙළෙඳ දැන්වීම් පළ කර ගත හැකි ආකාරයක්. මේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වන්නේ ඔබේ සයිට් එකේ තියෙන තොරතුරු වලට අදාලව. අපි හිතමු ඔයාගේ සයිට්/බ්ලොග් එකේ තියෙන්නේ "පොත් පත්" ගැන නම්, Adsense සමාගම පෙන්වන්නේ පොත් පත් වලට අදාල ads . ඉතින්  මේ ads මත කවුරු හරි ක්ලික්  කරනවා කියන්නේ ඔබට මුදල් ලැබෙනවා කියන එකයි   ඒ විතරක් නෙමෙයි ඔබට ඔබේ සයිට්/බ්ලොග් එක තුළ search bar එකක් පවත්වාගෙන යාමේ පහසුව ද ලැබෙනවා. කවුරු හරි ඒකෙ search කරත් ඔයාට මුදල් ලැබෙනවා. තවත් ගොඩක් වාසි තියෙනවා. ඒවා පස්සේ වෙන posts වලින් දාන්නම්.  සරලවම ගත්තොත් Adsense කියන්නේ සල්ලි ආකර කියල Google Adsense පාවිච්චි කරන හැමෝම දන්නවා. ඉතින් ඇයි තව බලන් ඉන්නේ?  ඔබත්  අදම Adsense ගිණුමක්  අරඹන්න . 



මන් මේ post එක අරම්බ කරන්නම හිතුවේ, ගොඩක් දෙනෙක් Google Adsens කියන්නේ මොකක්ද කියලා අහල එවපු නිසයි. සමහර අය අන්තර්ජාලයේ තියෙන නොයෙක් sites වලට රැවටිලා. සමහර අයට තේරෙන්නේ නැහැ කොහොමද Adsense ගිණුම approve කරගන්නේ කියල. මේක 100% කම නොමිලේ කරන්න පුළුවන් දෙයක් කියල තවත් අය දන්නේ නැහැ.  කවුරු හරි ඔයාගෙන් Google Adsense ගිණුමක් ආරම්බ කරන්න සල්ලි ඉල්ලලා තියෙනවද? රැවටෙන්න එපා. එත් අද ඔබ දැනගනීවි Google Adsense කියන්නේ 100% නොමිලේ කරන්න පුළුවන් දෙයක් කියල.


හරි පටන් ගනිමු.


පියවර 1

(මේ පියවර ඔබට මග හරිය හැකියි )
මුලින්ම කරන්න තියෙන්නේ Adsense සමාගමේ නීති රෙගුලාසි වලට යටත් වෙන එක. ඒක හින්ද මේ පිටුවට ගිහින් ඒ ටික හොඳට කියවල දැනුවත් වෙන්න. ඒවාට පිටින් ගියොත් ගිණුම අත්හිට වේවි.

පියවර 2

දැන් Google Adsense web site එකට යන්න. ඒ සඳහා මෙතන ක්ලික් කරන්න.
ඒකෙ ඉහල දකුණු කෙළවර තියෙන "Sign Up Now " ක්ලික් කරන්න.

පියවර 3

දැන් ඔබට google Account එකක් තියෙනවද කියල අහවි!  ඔයාට Google Account එකක් තියෙනවනම් වම් පැත්තේ පහල කෙලවරේ තියෙන නිල පාට  button එක ක්ලික් කරන්න ("Yes use ******@gmail .com ) ඊට පස්සේ ඔයාට නැවතත් Log In වෙන්න සිදු වේවි.

Google Account එකක් නැත්නම් දකුණු පැත්තේ නිල පාට button  එක ක්ලික් කරලා අලුත් එකක් හදාගන්න.


පියවර 4

දැන් ඔබවෙත ලබාදෙන form එක පුරවන්න. මේකේ මුලින් අහන්නේ ඔයාගේ බ්ලොග්/වෙබ් සයිට් ඒකෙ URL එක.
ඊට පස්සේ භාෂාව තෝරාගන්න. එකට English දාන්න.

අන්තිමට යට තියන වාක්‍ය හොඳින් කියවන්න. ඒකෙ ඉස්සරහින් තියෙන box එක  ඇතුළේ හරි ලකුණක් දාන්න.


(
I have read and agree to abide by our program policies, and understand that failure to comply with the policies could lead to ads or my account being disabled permanently.)
අවසානයේ "Continue " button එක ක්ලික් කරන්න.

පියවර 5
ඊට පස්සේ ඔබට ලැබෙන form ඒකෙ පුරවන්න. සත්‍ය තොරතුරු ලබාදෙන්න. මෙයට ඔබේ නමේ, රට, මුදල් ලැබෙන ලිපිනය, ආදී සම කරුණක්ම ඇතුලත් වෙනවා. අවසානයේ submit button එක ක්ලික් කරන්න.

හරි දැන් අපේ කාර්යන් සියල්ල කරලා අවසානයි. දැන් ඉතින් ඔයා ලබාදුන්නු තොරතුරු වලට අනුව Adsense සමාගම ඔයාව සුදුසු දැයි තීරණය කරනවා. ඒ  අනුව ඔයාගේ application ඒක approve වුනාද නැද්ද කියල ඔයාගේ Gmail එකට email එකක් එවි. Aprove වෙලා නැත්නම් යවපු application ඒකෙ කොහේ හරි වැරැද්දක් ඇති. නැත්නම් එහෙම වෙන්නම බෑ.

හරි දැන් ඔයා Google Adsense ගිණුමක් හදාගෙන ඉවරයි. දැන් තේරුණා නේද Adsense කියන්නේ 100%ම නොමිලේ ලැබෙන එකක් කියල?





කාර් කතා කරපු අපුරු පුවතක්

පසුගිය සතියේ අගහරුවාදා දිනෙක අමෙරිකාවෙන් අමුතු පුවතක් වාර්තා උනා. ඒක කොච්චර පුදුම සහගත දැයි කියුවොත් හැමෝම හිතයි මට පිස්සු කියල. නෑ මට පිස්සු නෙමෙයි.



මේකයි උනේ. ඇමෙරිකාවේ මිචිගන් නුවර කුඩා නගරයක් තමයි Detorit කියන්නේ. එක වරම ඒ නගරයේ තිබුණු කාර්, බස් , වැන් වගේ වාහන 3000ක් විතර එකිනෙකත් එක්ක කතා කරන්න ගත්ත.

මේ කතා කරන වැඩේ කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහත්වරු කට්ටියක්. ඒ පැත්තේ පාරේ යන මිනිසුන්ගේ ආරක්ෂාවට කියල දියත් කරපු එකතරා ව්‍යාපෘතියක කොටසක් තමයි මේක. එකත් මහා අමුතු ව්‍යාපෘතියක්. ඒ පැත්තේ ස්වේච්චාවෙන් සහබාගි වුනු පුද්ගලයන් 3000කගෙ වාහන වලට අමුතු තාලේ උපකරණයක් සවි කරලා තියෙනවා අවුරුද්දක් යනකන්. ඉතින් මේ උපකරණයේ කාර්ය තමයි, රැහැන් රහිත සන්නිවේදන ක්‍රමයක් මගින්, තමන්ගේ වාහනේ වේගය, සිටින ස්ථානය, අනෙක් වහන හා traffic lights එක්ක හුවමාරු කර ගැනීම.


වාහනේ තියෙන පොඩි ස්පිකර් එකකින් වාහනේ රියදුරාට, ඉදිරියෙන් තියෙන අනතුරු ගැන කතා කරලා කියනවා. ඒ කියන්නේ, ඉස්සරහ යන වාහනේ එක්වරම බ්රේක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉදිරියෙන් මාර්ගයේ වෙනස්වීමක් වෙන්න පුළුවන් වගේ ඒවා.






මේ ව්‍යාපෘතිය මෙහෙයවන්නේ විශේෂයෙන් හදපු ප්‍රදේශවල නෙමෙයි, සාමාන්‍ය නගරයක් තුල. එක හින්ද මේක තමයි දැනට ලෝකයේ මේ සා විශාල පරිමාණයෙන් කරපු මේ ආකාරයේ ව්‍යාපෘතිය.
මේ ව්‍යාපෘතියේ පරීක්ෂණ වාර්තාව දැනටමත් පිටවී අවසන්. එකේ හොඳ මෙන්ම නරකත් තියෙනව. හොඳ පැත්ත ගත්තොත්, මේ පද්දතිය වාහන මිලියන 250 කට වැඩි ප්‍රමාණයකට පවා භාවිතා කරන්න පුළුවන්ලු. තවත් ගොඩක් ඒවා තියෙනවා.


ඒවුනාට, මේ පද්දතියට එක්වරම නරක රියැදුරන් කවුද හඳුනා ගන්න බැහැලු. ඔවුන්ව හඳුනා ගත්තත් ඒ සදහා සැලකිය යුතු තරම් කාල පමාවෙක් තියෙනවලු. ඒවගේම මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න මුදල් ආධාර දෙන්න තවම හිතපු තරම් ඉදිරිපත් වෙලා නැති නිසා ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක දැන් ප්‍රශ්නයක් වෙලාලු.


Sunday, September 23, 2012

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පහසු ක්‍රම 40 ක්.

අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පහසු ක්‍රම 40 ක්.



Infolinks  - මන් දන්නා තරමට, මෙම site එක තමයි, අන්තර්ජාලයේ දැනට වැඩියෙන්ම, text advertising සඳහා ගෙවන්නේ. ඔයාල දැකල ඇති සමහර වෙබ් අඩවි/බ්ලොග්ස් වල තියෙන ලිපි වල සමහර වාක්‍ය යටින් ඉරි 2ක් ගහල තියෙනවා. ඒවා උඩට mouse pointer එක රැගෙන ගිය විට popup එකක් එනවා වාක්‍ය යටින්. වැඩි දෙනෙක් නොදන්නවා උනාට මෙයත් හොඳ සල්ලි හොයන ක්‍රමයක්. කවුරු හරි මේකට කැමති නම් මේ site එකට ගිහින් register වෙන්න. ගැටලුවක් තියෙනවනම් අහන්න. 

Niche Store එකක් සාදා ගන්න - eBay එකේ products විකිණීම සඳහා සහයෝගය ලබා දෙන්න අපට පුළුවන් කියල ඔබ දන්නවද? එමගින් ඒ ඒ විකිණුම් වලින් යම් කොමිස් මුදලක් අපට ලබාගන්න පුළුවන්. ඉතින් මේ site එකට ගිහින් register උනහම අපට එවැනි eBay products විකිනීමට හැකි වෙබ් අඩවි නිර්මාණය කරන්න  හැකියාව ලැබෙනවා. 

Adsense - ඔබේ වෙබ් අඩවියේ ඇති ඉඩකඩ adsense වෙළෙඳ දැන්වීම් සඳහා විකුනන්න. දැනට අන්තර්ජාලයේ තියෙන විශාලතම හා විශ්වාසවන්තම වෙළඳ දැන්වීම් සේවය Google Adsense වේ.

Amazon products ඔබම විකුනන්න. - ඔබේ වෙබ් අඩවියේ, amazon products අලෙචි කරන ස්ථානයක් බවට පහසුවෙන්ම පත් කර ගන්න  පුළුවන්. එවිට Amazon products මිලදී ගැනීමට, ඔබේ visitors ලව ආපසු Amazon වෙබ් අඩවියටම යවන්න උවමනා නැහැ. එය ඔබේ site එක තුළ දීම කරන්න පුළුවන්. මෙමගින් shopping cart system එකක්ද site එකට add කරන්න පුළුවන්. 

Amazon.com - නිෂ්පාදනයක් කර, එය Amazon හරහා විකුනන්න.Click Here.

ලිපි ලිවිම - නොයෙක් දේවල් වෙන්නේ කොහොමද කියල කතාවක්/විස්තරයක් ලියන්න හැකිද? (උද - තීන්ත ගන්නේ කොහොමද?, වතුර යන බටයක් අලුත්වැඩියා කරන්නේ කොහොමද?) එම ලිපි, මෙම වෙබ් අඩවියට ලබා දුන් විට, ඔවුන් එයට කැමති නම් එක ලිපියක් සඳහා $5 සිට $20 දක්වා ගෙවන්න ඔවුන් සුදානම්.

Yahoo! Merchant Solutions - Yahoo වෙබ් අඩවියේ දායකත්වයෙන්, online වෙළඳසලක් සද ගන්න.


Azoogleads - මෙය වෙළඳ දැන්වීම් සපයන තවත් හොඳ ආයතනයක්. ඔබේ වෙබ් අඩවියේ ඉඩකඩ වෙළෙඳ දැන්වීම වලට ලබාදී, මුදල් උපයන්න. 

BidVertiser - ක්ලික් කර, මුදල් ඉපයන්න. මෙහි වාසිය වනුයේ, $10 ක් වූ අවම මුදලක් අප එකතු කර ගත විට එය අපට ලබාගත හැකි වීමයි.

Blog - හොඳ blog එකක් නිර්මාණය කර,  නිරතුරුවම  එයට වටිනා ලිපි එකතු කරන්න. ඉන්පසු එහි වෙළඳ   දැන්වීම් පළ කිරීමෙන් ඔබට මුදල් ලබා ගත හැකියි.Blog වලින් මුදල් උපයන ආකාරය සම්බන්ද මා ලිවූ විස්තරය කියවන්න.

CafePress - ඇඳුම් සදහා ගැලපෙන චිත්‍ර මෝස්‌තර නිර්මාණය කරන්න, එවිට මෙම වෙබ් අඩවිය මගින් ඒවා T -shirts හා hats වල මුද්‍රණය කරයි. ඉන් පසු ඒවා, විකිණීම සඳහා අන්තර්ජාල වෙළෙඳ සලක් නිර්මාණය කර ගැනීමට ඔබට පුළුවන්. 

Ether - ඔබ කුමක් හෝ සමාජයීය මාතෘකාවක් සම්බන්දව හොඳ දැනුමක් තියෙන අයෙක්ද? මෙම වෙබ් අඩවියෙන්, විවිද ගැටළු සම්බන්දව  ප්‍රශ්න තියෙන අයට කෙලින්ම ඔබත් සමග කතා කිරීමටත්, ඔබේ සහය ලබා ගත් පසු ගෙවීමටත්  අවස්ථාව සලසනවා. නමුත් මේ සඳහා ඔබම වෙළඳ ප්‍රචාර සිදු කළ යුතු අතර blog එකක් හෝ වෙබ් අඩවියක්  තිබේ නම් මෙය වඩාත් පහසු වේ. හැකියාව සමග වාසනාවත් තියෙනවනම්, පැයකට $ 250 ක් පවා උපාය ගන්න මේක කදිම අවස්ථාවක්.


eBay - සමහර විට ඔබ මෙම වෙබ් අඩවිය ගැන හොඳින් දන්නවා ඇති. ඔබ ගාව ඇති, ඔබට අනවශ්‍ය දේවල් මේ හරහා අනෙක් අයට විකුනන්න ඔබට පුළුවන්.

eBay Stores - ඔබටම කියා අන්තර්ජාල වෙළෙඳ සලක් තිබේ නම්, එහි ඇති භාණ්ඩ  මේ හරහා විකුනන්න ඔබට පුළුවන්. 

ELance - Programmers , Web Designers, blogs වලට ලිපි ලියන්නන්, ආදී අය සඳහා ගැනුම්කරුවන් මුණ ගස්වන ස්ථානයක් තමයි මේක. කෙටියෙන්ම කියතොත් Freelancing site එකක්.

Feedvertising - මෙයත් Text ads සපයන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක්. මෙය වඩාත්ම සුදුසු වන්නේ, Wordpress භාවිතා කරන අයට. 

Google Adsense - මෙය නම් හැමෝම වගේ දන්නා, ප්‍රසිද්ධ ආයතනයක්. Google Adsense මගින් ඔබේ වෙබ් අඩවියේ ලියවී තියෙන දේට අදාල වෙළඳ දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ හෝ බ්ලොග් එකේ පෙන්වයි. ඒ සදහා ඔබට මුදල් ලැබෙයි.

H3.com - මෙම  වෙබ් අඩවිය මගින් ඔබට සපයන විවිද කාර්යන් ඉටු කර මුදල් උපයන්න ඔබට පුළුවන්. මෙමගින් ලබාගත හැකි මුදල් ප්‍රමාණ $ 50 සිට $ 5000 දක්වා වෙනස් විය හැකියි. මේ සියලු දේ රදා පවතින්නේ, ඔබට ලබා දෙන   කාර්යේ තිබෙන දුෂ්කරතාව මතයි. ටිකක් පැහැදිලි කරන්න අමාරුයි, ගිහිල්ලම බලන්න.

InnerSell -හිතන්න ඔබට විකිණිය නොහැකි දෙයක්, ඔබේ පාරිභෝගිකයෙක් මිලදී ගන්න ඉල්ලනවා කියා. එවිට එම පාරිභෝගිකයින් මෙම වෙබ් අඩවියට යැවීමෙන් ඔබට යම් කොමිස් මුදලක් ලබයි. 

LinkShare.com - ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් තිබේ නම්, ඔබටත් මෙයට සහභාගී වෙන්න පුළුවන්. නොමිලේම  register වූ විට කුමන සමාගම් වල වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ යුතුයිද කියා ඔබට තෝරාගන්න අවස්ථාව ලැබේ. ඉන්පසු ඔබේ බ්ලොග්/වෙබ් අඩවියේ එම දැන්වීම් ප්‍රචාරය වන අතර, එම දැන්වීම් සඳහා කොමිස් මුදලක් ඔබට  ලැබෙනු ඇත.  

Overstock.com - ඔබේ භාණ්ඩ මෙම වෙබ් අඩවිය හරහා විකුනන්න. 

Shareasale.com - බැනර් මගින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරනු ලබන වෙබ් අඩවියක්. ඔබේ වෙබ් අඩවියේ/ බ්ලොග් එකේ බැනර් ads ප්‍රචාරය කරවා මුදල් ඉපයීමට අවශ්‍ය නම් යා යුතු හොදම ස්ථානය මෙයයි.  

Software Judge - විවිද  software සඳහා තක්සේරු ලිපි(reviews )  ලිවිම මගින් ඔබට මුදල් උපයා ගැනීමට  හැකියාව ලැබේ. එක review එකක් සඳහා සාමාන්යෙන් $50ක් වැනි මුදලක් ඔබට ගෙවනු ඇත. 

Shoemoney -මෙය ඔබට මුදල් උපයා ගත හැකි විවිද ක්‍රම රාශියක් දක්වන වෙබ් අඩවියක්. මා ද  මෙය හොදට පරිහරණය කරලා පුරුදු කෙනෙක්.  

Pay Per Post
- ඔබට ලිවීමේ හැකියාවක් තිබේනම්, ඔබ මෙය වහාම උත්සාහ කර බලන්න. මෙම වෙබ් අඩවිය මගින් ඔබට, ඔවුන්ගේ නිෂ්පාදන සම්බන්දව කරුණු ලබා දෙන අතර, ඔබට ඇත්තේ ඒවා ලස්සනට ගලපා ඒ ගැන ලිපි ලියා(reviews )  ඔවුන්ට ලබා දීමයි. ඒ සඳහා ඔබට මුදල් ගෙවනු ඇත.

Pheedo - ඔබේ බ්ලොග්/වෙබ් අඩවියට RSS පහසුකම තිබේ නම් එය Pheedo වෙබ් අඩවිය හරහා සිදු කරන්න. ඔබේ RSS ලිපි  වල මේ වෙබ් අඩවිය මගින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරනු ලබන අතර, ඔබේ RSS සේවාව සැලකිය යුතු තරම් විශාල එකක් නම් ඔබට වෙළෙඳ දැන්වීම් සඳහා ගෙවනු ලබන මුදල ද වැඩි අගයක්.

Vibrant Media - මේක ගැන නම් වැඩිය මුලදී හිතන්න යන්න එපා. ඔබේ වෙබ් අඩවියට මාසිකව 500 000 ක් පමණ page views තිබේද? එසේ නම්, මෙම වෙබ් අඩවිය වෙත ගොස් register  වන්න. මමගින් වෙබ් අඩවියේ ඇති ඇතැම් යටින් ඉරි ඇදී වාක්‍ය සදහා වෙළද දැන්වීම් ප්‍රචාරය කරනු ලබන අතර, ඒ සඳහා ඔබට මුදල් ගෙවනු ඇත. 


Saturday, September 22, 2012

Internet Money - Part 7 - Surveys

 Internet Money - Surveys


අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි තවත් ක්‍රමයක් තමයි විවිද සමීක්ෂණ කිරීම. ඉතින් මුදල් ටිකක් හොයාගන්න අවශ්‍යයි නම්,  ඔයාට පුළුවන් හොද ප්‍රසිද්ද ආයතනයක් සමග සම්බන්ද වෙලා, විවිද සමීක්ෂණ  කරන්න. අන්තර්ජාලයේ, මෙවැනි වෙබ අඩවි සිය ගණන් තියෙනවා.




ඒවුනාට ආරම්බයේදීම, විශාල මුදලක් හොයාගන්නවා කියල බලාපොරොත්තු  ඇති කර ගන්න එපා. නමුත් වාසනාව තියෙනවම්, හොද company එකක් සෙට් වෙනවා නම් මාසෙකට $50 ක් $100ක් හොයා ගන්න එක එච්චර අමාරු නෑ. මෙහෙම කියන්නේ, ඔහොම හම්බ කරන අයත් ලංකාවේ ඉන්න නිසයි.

  ඒවුනාට මේ කියුවේ, එක වෙබ් අඩවියකින් ඔච්චර හොයන්න පුළුවන් කියල නමෙයි. ඒ සඳහා ඔයා වෙබ් අඩවි කිහිපයක් සමගම සම්බන්ද වෙලා  surveys complete කරන්න ඕනේ. එතකොට තමයි chance එක වැඩි වෙන්නේ.


ඔබ යම් වෙබ් අඩවියකට සාමාජිකත්වය ලබා ගන්න විට ඔයාගේ සම්පුර්ම විස්තර ලබා දිය යුතු අතර, ඒවා සත්‍ය විය යුතුයි. මෙහිදී ඔයාට තෝරා ගැනීමට විවිද භාණ්ඩ  හා සේවා රැසක් ලබා දෙන අතර ඔබ මින් වඩාත්ම කැමති කුමකටද කියලත් ඔබගෙන් ප්‍රශ්න කරනවා. 

 ඒවා මගින් තමයි ඔබට අදාල surveys ලබා දෙන්නේ. එම surveys නියමිත කාලය තුළ සම්පුර්ණ කරන එක ඔයාගේ යුතු කමක් වන අතර, එසේ නොකිරීම සාමාජිකත්වය අවලංගු වීමට පවා හේතු වෙන්න පුළුවන්.

Internet Money - Part 6 - Videos සෑදීම

Internet Money - Video making

ඔබට ලස්සන videos නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවද? මේක ගොඩක් ගැලපෙන්නේ නිකන් විනොදෙට (පිස්සුවට වගේ fun videos හදන) videos හදන අයට.

තත්පර 30ක වගේ කුඩා video එකකින් පවා ඔයාට  විශාල මුදලක් ලබා ගැනීමේ හැකියාවක් තියෙන බව ඔයා දන්නවද? youtube වගේ වෙබ් අඩවි  වල ගොඩක්ම තියෙන්නේ, විවිද භාණ්ඩ  අලෙවි කිරීම සඳහා සැකසුනු videos .


මුලින්ම කරන්න  තියෙන්නේ, භාණ්ඩ  විකිණිමට අනුග්‍රාහක කිරීමට හැකියාව තියෙන (affiliate marketing) වෙබ් අඩවියක් සොයා ගැනීමයි. ඊළගට  ඔවුන් ඔබට දෙන, භාණ්ඩයක් ගැන කුඩා video එකක් හදන එක. ඒකත් හරිම සරලයි. video ඒක අවසන් වූ පසු,  අදාල භාණ්ඩය මිලදී ගත හැකි ස්ථානයේ URL ඒක තත්පර 4,5ක් පෙන්වන්න.
 
එතකොට ඒක නරබන කෙනා අදාල ස්ථානයට ගිහින්, ඒ භාණ්ඩය මිලදී ගනීවි.එතකොට ඔයාට භාණ්ඩයේ මිලෙන් යම් කොමිස් මුදලක්  ලැබෙනවා.


ඔයාගේ video ඒක වඩාත් ලස්සනයි නම්, ටිකක් විහිළු අන්තර්ගත වෙනවා නම්, වඩාත් ප්‍රයෝජනවත් විස්තර අඩංගු නම්, භාණ්ඩය මිලදී ගැනීමේ සම්භාවිතාව වැඩියි.  මුලින්ම ගොඩක් ගණන් වැඩි products වලට යන්න එපා. ගොඩක් දෙනෙක්ට මිලදී ගන්න පුළුවන් ලබා products වලින් පටන් ගන්න.

ඔයාට මෙහෙම videos සැදීමට products ලබා දෙන වෙබ් අඩවියක් තමයි Commission Junction,

Internet Money - Part 5 - ලිපි සහ වාර්තා ලිවිම

  Internet Money - ලිපි සහ  වාර්තා  ලිවිම



ඔයාට නිර්මාණශීලිව ලිවීමේ හොඳ හැකියාවක් තියෙනවනම්, විවිද ලිපි ලියා ඒවා වෙබ් අඩවි වලට මුදලට භාර දීමද කරන්න පුළුවන්.

 ඒවුනාට නිකන් හිතට ආපු පලියට ලියන්න එපා. මුලින්ම තීරණය කරන්න ඕනේ  කුමක් සම්බන්දවද ඔයාට වඩාත්ම හොඳින්  ලිවීමට හැකියාවක් තියෙන්නේ කියල. ඊට පස්සේ ඒක හිතින් plan කරන්න. ඊට පස්සේ තමයි ලියන්න පටන් ගන්න ඕනේ.


සමහරවිටෙක, ඔයා කොපමණ හොඳ දෙයක් ලියුවත්, ඒවා වෙබ් අඩවියට අනවශ්‍ය දෙයක් සම්බන්දව ලියවිලා ඇත්නම් කිසිසේත්ම වැඩක් වෙන්නේ නැහැ. එක නිසා වඩාත්ම සුදුසුම වන්නේ, ඔයා ලිවිය යුතු දේ ගැන මුලින්ම, අදාල වෙබ් අඩවියෙන් විමසීමක් කරන්න. මෙහෙම, ලිපි සඳහා ගෙවීම් කරන වෙබ් අඩවි වනුයේ Online Writing Jobs, PoeWar Freelance Jobs සහ Writing.com.

Internet Money - Part 4 - Email Handling

Internet Money - Emails Handling

 
අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි තවත් ක්‍රමයක් වනුයේ emails කියවීම හා handle කිරීමයි. නමුත් මෙම ක්‍රමයේදී, emails විශාල ප්‍රමාණයක්  කියවීමට සිදුවන අතර, අතැම විටෙක ඒවා වෙනත් පුද්ගලයන්ට forward කිරීම, ඒවාට පිළිතුරු සැපයීම, අනවශ්‍ය එමිල්ස් delete කිරීම, ආදිය කිරීමටද සිදු වෙයි.

 එපමණක් නොවෙයි නිර්මාණාත්මක  ලෙස emails සැකසීම, ඒවා පුද්ගලයන් විශාල ප්‍රමාණයකට යැවීමටද ඔබට ඇතැම් විටෙක සිදුවෙයි.ඔබට ප්‍රමාණවත්  තරම් වෙලාව තිබිම හා ගොඩක් දෙනෙකුගේ email addresses දැන ගෙන (save කර තිබීම) අමතර සුදුසුකමක් ලෙස සලකන්න පුළුවන්.

 එතකොට යම් ආයතනයකින් ඔබට emails මෙපමණ ප්‍රමාණයක් යැවීමට  කියා contract එකක් භාර දුන්නොත් ඔබේ යහළුවන්ට පවා යැවීමෙන් එය ඉක්මනින් කිරීමට ඔබට හැකිවෙනවා.

ම අත්දුටු තවත් දෙයක් වනුයේ, email accounts ඔබට මුදල් ගෙවා  සාදවා ගැනීමට පවා සමහර ආයතන සැදී පැහැදී සිටීමය.

දැනට වඩාත්ම ඉදිරියෙන් සිටින email account පහසුකම දෙන වෙබ් අඩවි වනුයේ, Gmail.com , Yahoo.com සහ live.com වේ.

Internet Money - Part 3 - Blogging

Internet Money - Blogging



Blogging කියල කියන්නේ මාත් දැනට භාවිතා කරන ක්‍රමයක්. මේ වනවිට මමද blogging කිරීමෙන් සැලකිය යුතු මුදලක් මාසිකව උපයනවා. ඔබ මේ වනවිට කියවන, මේ ලිපි ඇත්තේද blog එකකයි. ඔබට, ඔබේම  කියා වෙබ් අඩවියක් නැත්නම්, මුදල් උපයීමට වඩාත්ම පහසු ක්‍රමය blog එකක් සද ගැනීමයි.  

Blog එකක් හදා ගන්නවනම් wordpress හෝ blogger  තමයි ගොඩක් වෙලාවට මුල් තැන ගන්නේ. නමුත් මන් නම් යෝජනා කරන්නේ, blogger භාවිතා කරන්න කියලයි.

මොකද, එකේ google adsense ads පල කිරීමට ඔබට අවස්ථාව ලබා දෙනවා. මේ වනවිට ලෝකයේ  වෙබ් අඩවි වලින් 85%කම මුදල් උපයන්නේ google adsense ads තම වෙබ් අඩවියේ පළ කිරීමෙන්. Adsense account එකක් හද ගන්නේ කොහොමද කියල දැනගන්න මෙතන ක්ලික් කරන්න.


බ්ලොග් එකක් හදල එකට visitors ල ගෙන්න ගන්න ඕනේ නම්, එහි අන්තර්ගතය එක කියවන අයට ප්‍රිය වෙන්න ඕනේ. නැත්තන් කවුරුත් කියවන්නේ නැනේ! ඒවගේම තමයි සරල විදියට ලියල තියෙන්නත් ඕනේ. නිකන් අකුරුම තිබිල හරියන්නෙත් නෑ. පින්තුර  , video  ආදිය යොදාගෙන ඉතා අලංකාරව blog එකක් සද ගැනීමෙන් එකට එන visitors  ගණන වැඩි කර ගන්න පුළුවන්.

Friday, September 21, 2012

Internet Money - Part 2 - Freelancing

Internet Money - FREELANCING 

 
අද මන් ලියන්න සිතුවේ ඔබේ හැකියා වලින් ප්‍රයෝජන අරන් අන්තර්ජාලයේ රැකියාවක් කරන ආකාරය සම්බන්ද විස්තරයක්. ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ FREELANCING කියල. 

මෙවැනි වෙබ් අඩවි කිහිපයක්ම තියෙනවා. මේ වෙබ් අඩවි හැම එකේම වගේ ක්‍රියාකාරීත්වය සමානයි. සරලව ගත්තොත්, මේවායේ සාමාජිකත්වය ගත්තම, අපට පුළුවන් අපේ හැකියා, දක්ෂතා ඒවායේ දැන්වීමක් ලෙස පළ කරන්න. 

එතකොට අපගෙන් සේවාවක් ලබාගන්න කවුරු හරි කැමතිනම් ඔවුන්ට පුළුවන් අපව සම්බන්ද කරලා, අනතුරුව ගනුදෙනු කතාකරගන්න. මෙහිදී, ප්‍රථමයෙන් ඔබට මුදල් ගෙවනු ලබන අතර සේවාව නිසියාකාරව ලබා දීම ඔබේ යුතුකමක්. මෙයින් ඔබටත්, ඔබේ පරිබෝගිකයටත් දෙදෙනාටම වාසි අත්වෙනවා. 

එනමුත් මෙහිදී, වෙබ් අඩවි වලට යම් කොමිස් මුදලක් අප ලබා දිය යුතුයි. එය ගොඩක් වෙලාවට 10% වැනි ප්‍රමාණයක්. උදාහරණයක් නම්, ඔබේ ගනුදෙනුව $150 ක් නම්, වෙබ් අඩවියට $15ක් ලැබෙනවා.

මෙම වෙබ් අඩවි වල ග්‍රෆික් ඩිස්ය්නින්, ෆොටෝ එඩිටින් , video creating , proof reading , advertising , programming , doing homework  වගේ සරල ඒවා ට පවා තැනක් තියෙනවා.



 කොහොමත් මෙම අඩවි වල සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු, බොහෝ දෙනෙක් ප්‍රථම සතිය තුලම පවා &150 ට වඩා උපයන අවස්ථා තියෙනවා. එවුනට ඔබ නිකන් බලාගෙන සිටියට වැඩක් නෑ. ඒ සඳහා කැපවීමෙන්, නිසියාකාරව සේවය පරිබෝගිකයට ලබා දෙන්න ඕනේ, එතකොට ඔවුන් ඔබව තවත් අයට යෝජනා කිරීමද කරනවා. මෙය වෙබ් අඩවිය තුළ ඔබව ප්‍රසිද්ද වීමටත් හේතුවක්.

එහෙනම් මේ පහල තියෙන වෙබ් අඩවි වලට ගොස් සාමාජිකත්වය ලබා  ගන්න. ඔබට ඇතිවෙන ගැටළු සම්බන්දව comments දමන්න අමතක කරන්න එපා.  මම හැකි ඉක්මනනින් ඔබට සහය වන්නම්.


odesk වෙබ් අඩවියෙන් මුදල් ඉපයීමට මෙහි ක්ලික් කරන්න. 
freelancer වෙබ් අඩවියෙන් මුදල් ඉපයීමට මෙහි ක්ලික් කරන්න. 


Freelance Jobs

එන්ඩේවර්(Endeavour) ෂටලයට විශ්‍රාම යන්න ගස් 400ක් කපන්න ඕනෙලු!!!


එන්ඩේවර් කියන්නේ පොලොව වට ඇති තරම් රවුම් ගහපු අභ්‍යවකාශ ෂටලයක්. ඒ රාජකාරි කරපු කාලේ, එහෙම උනත් දැන් එක පරණ පොලිස් කරයෙක්ගේ ගාණට වැටිලා තියෙන්නේ.ව්ශ්‍රම අරගෙන ජිවිතේ අවසාන කාලේ එන්ඩේවර් ෂටලය ගෙවන්නේ ලොස් ඇන්ජලිස් කෞතුකාගාරයේ. එකට යන්න තියෙන කිලෝමීටර් 19 ක දුර පසු කර යාමට මාර්ගයේ තියෙන ගස් වැල් ගොඩක් කපන්න සිද්ද වෙලාලු.

ෂටලයට ලොස් ඇන්ජලිස් ගුවන් තොටුපලේ ඉදල ,කැලිෆෝර්නියා විද්‍යා මධ්‍යස්ථානයට යාමට බාධා රහිත මාර්ගයක් හදන්න, එක යන පාරේ තියෙන ගස් 400 කට වැඩි ගණනක් කපන්න වෙනවලු. ඒ විතරක් නෙමෙයි, පාරේ තියෙන ලයිට් කණු, ට්‍රැෆික් ලියිට් , ටෙලිෆොනේ කණු පවා ගොඩක් ඒවා අයින් කරන්න වෙනවා කියලයි බලධාරීන් කියන්නේ. කොහොමද වැඩේ?

දින දෙකක මෙහෙයුමකින් ක්‍රියාත්මක වන මේ ගමන සංවිදානය කරන විද්‍යා මද්‍යස්ථානය කපන ගස් වෙනුවට අලුතින් ගස් 1000ක් හිටවන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේම මාර්ග තදබදය, විදුලිය බිද වැටීම හා වෙනත් මහජන සේවා හැකිතරම් හොදින් පවත්වාගෙන යාමටත් මොවුන් පොරොන්දු වෙලා තියෙනවා.



ෂටලයේ නමටම ගැලපෙන විදියට මෙයත් (endavour = වෑයම,උත්සාහය) "මෙයත් විශාල වැයමක්. මේක අපේ රටට ජාතික සම්පතක්. මේක දැන් මෙහෙම පාරවල නිකන් ඇදන් ගියාට, අනාගතේ පුංචි දරුවෙකුගේ ඉදන් වැඩිහිටියෙකු දක්වා ඕනෙම වයසක කෙනෙක් සතුටු කරන්න පුළුවන් දෙයක් " මෙහෙම කියන්නේ විද්‍යා මද්යස්ථානයේ සභාපති වන ජෙෆ්රි රුඩොල්ෆ්.

නාසා ආයතනයේ ෂටල සදහා වන නැවතුම් ස්ථාන 4 න් එකක් ලෙස, ලොස් අන්ජෙලිස් කෞතුකාගාරය ස්ථිර ස්ථානයක් ලෙස තෝරාගෙන තියෙන්නේ 2011 අප්‍රේල් වල. මිට පෙර මෙවැනි විශාල දෙයක් ඒ පැත්තේ පාර වල වල ගෙනිහින් නැතිලු.

ටොන් 75ක් බර මේ අහස්යත්රාව, අඩි 122 ක් දිගයි. පළල ආදී 78යි. උස ගත්තොත් තට්ටු 5 ක ගොඩනැගිල්ලට සමානලු. ඉතින් මේක ගෙනියන්න තීරණය කරලා තියෙන්නේ රෝද සහිත විශේෂ වේදිකාවක. මේකට වැඩි වේගයකින් යන්න බැරිලු. සාමාන්‍ය වේගය ගත්තොත් පැයකට සැතපුමයි ලු.




මේ වේදිකාවට අංශක 90 ක කෝණයක් පවා පහසුවෙන් හැරවිය හැකිලු. කොහොමහරි මේක පදවන්නේ නම් එකේ පැත්තකින් පයින් යන කෙනෙකු විසින් දුරස්ථ පාලකයකින්.


එන්දෙවර් ෂටලය මෙහෙයුම් වලට සම්බන්ද වුනේ, චැලෙන්ජර් ෂටලය වසර 1986දි අභ්‍යවකාශ ගාමින් 7 දෙනෙකු සමග පුපුරා විනාශ වූ පසුවයි. මේ වනවිට ෂටලය මෙහෙයුම25කත සම්බන්ද වෙලා තියෙන අතර, කිලෝ මීටර් මිලියන 123ක් ප්‍රමාණයක් ගමන් කර තියෙනවා.

Thursday, September 20, 2012

අගහරුගේ චන්ද්‍රග්‍රහණයක් - Exclusive Scientific News




පසු ගිය සතියේ කියුරියෝසිටි (Curiosity ) රෝවරයට ඉතා දුලබ ගනයේ සිදුවීමක් ඡායාරූප ගත කිරීමට අවස්ථාවක් ලැබිණි. ඒ තමයි, ෆෝබෝස් නම් අගහරුගේ චන්ද්‍රයෙක්, සුර්යයා හා අගහරු අතර කක්ෂයක යාම නිසා ඇතිවූ චන්ද්‍රග්‍රහණයක්.



එය ඉතාම උපක්‍රමශීලිව ගත ඡායාරූප යක්. පෘතුවිය හා අපේ චන්ද්‍රයාට (සඳ) සාපේක්ෂව ගත් කල ෆෝබෝස් හා ඩිමොස් යන චන්ද්‍රයන් අගහරුවලට ඉතාම ආසන්නව පිහිටයි. එනිසා ඒවා අහසේ අගහරු වටා ගමන් කරන වේගය සාපේක්ෂව වැඩියි. ඒකට ගතවෙන කාලයන් බැලූ විට, ෆොබෝස්ට පැය 8 ක්ද, ඩිමොස්ට පැය 30 ක්ද වෙයි.

පසුගිය බ්‍රහස්පතින්දා තමයි මෙය සිදුවුනේ.



(Curiosity Rover)



"අපි ඒක දැක්කේ ෆෝබෝස් හිරුගේ හැප්පෙන්න ඔන්න මෙන්න යනවා වගේ. ඒක අර්ධ චන්ද්‍රගහනයක්." මෙහෙම කියන්නේ අබ්යවකෂගාමියෙක් වන මාර්ක් ලේමොන් සහ Texas A&M විශවවිද්‍යාලයේ නියෝජිත පිරිසක්.


රෝවරය එහි වම් හා දකුණු කැමරා වලින් පින්තුර 600 කට වැඩ ප්‍රමාණයක් ගනු ලැබුව ද චන්ද්‍රග්‍රහණයේ අවස්ථා හසු කර ගැනීමට හැකිවී ඇත්තේ පින්තුර 100 ක් වැනි ප්‍රමනයකටයි. එම ගත් පින්තුර සියල්ලමත් පෘතුවියට ඒවා නැත.



අගහරු මතදී කියුරියිසිටි රෝවරයට සහය වීමට තවත් සගයෙක්ද අගහරු මත සිටි. අගහරුගේ අනික් පසින් ක්‍රියාත්මක වන ඔපචුනිටි(Opportunity ) කියන රෝවරයත් මෙම චන්ද්‍රග්‍රහණය හසු කර ගැනීමට උත්සහ කර ඇති බවත් සඳහන් වේ


මෙම ඡායාරූප වැදගත් වන්නේ එය චන්ද්‍රග්‍රහණයක් වූ පමණටම නෙමෙයි, එය විද්යන්ග්නයින්ට (scientist) අගහරුගේ අභ්‍යන්තර ව්‍යුහය අධ්‍යනය කිරීමට ද වැදගත් වේ. මෙම චන්ද්‍රයින්ගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා අගහරුගේ හැඩය ටිකෙන් ටික වෙනස් වන බවයි පැවසෙන්නේ.

(අගහරු මත)

තවත් වසර මිලියන 15ක් පමණ ගතවන විට ෆෝබෝස් චන්ද්‍රයා ද, අගහරුගේ ගුරුත්වාකර්ශනයට ලක්වී, අගහරු මතම වැදී සුනු විසුනුව යාමට විශාල ප්‍රවණතාවයක් ඇත. සුර්යා හා අගහරු අතර ෆෝබෝස් චන්ද්‍රයාගේ පිහිටුම දක්වන ව්‍යුහය , විද්යන්චයින්ට(scientist ) ෆොබෝස්ගේ කක්ෂය නිවැරදිව දන ගැනීමටත් එම කක්ෂය කොපමණ වේගයකින් වෙනස් වනවා ද යන්න දැනගැනීමටත් හැකියාව ලැබේ.

කියුරියිසිටි රෝචාරය අහස නිරීක්ෂණය මේ අගහරුවාදා නවත්වන ලද්දේ, චන්ද්‍රයන් 2ම එය පසුකරගෙන යාමෙන් අනතුරුවයි.

ලේමොන් පවසන ආකාරයට මෙය ඡායාරූප නගන්න ඉතාම අපහසු ක්‍රියාවක්. එයට ඉතාම නිවැරදි කාල නිර්ණ ක්‍රම අවශ්‍ය වෙනවා.

මීලග චන්ද්‍රග්‍රහණය සිදුවීමට ඇත්තේ තවත් මස 11කින්. එතෙක් කල් කියුරියෝසිට්ය් යානය හොඳ තත්වයේ පවත්වාගෙන යාමටත් අවශ්‍ය වෙනවා.

ඔන්න කියුව වගේම අදත් තවත් කාටත් වැදගත් වෙයි කියල හැගුනු scientific news එකක් දැම්ම. දැන් ඉතින් මට යන්න අවසරයි.

Wednesday, September 19, 2012

ඕසෝන් ස්ථරයේ සිදුර කුඩා වෙයි-විද්‍යාත්මක ප්‍රවෘත්ති-(EXCLUSIVE )




ඕසෝන් ස්තරය යනු පෘතුවි වායුගෝලයේ ඉහළ ඇති ඕසෝන් නම් වායුවෙන් සැදුනු ප්‍රදේශයක්.ඉහළ බැලුවම නිල් පාටට ලස්සනට පෙන්නේ මේ ඕසෝන් ස්තරයයි. එය හුදෙක් ලස්සනට වඩා සුර්යගෙන් පතිත වෙන අහිතකර කිරණ වලින් පෘතුවියේ සිටින ජීවින් ආරක්ෂා කිරීමේ මහානුභාව සම්පන්න පලිහක් ලෙස ක්‍රියා කරයි. නමුත් 1980 ගණන්වල භාවිතා කරන ලද විවිද රසායනික ද්‍රව්‍යන් නිසා මෙම ඕසෝන් ස්තරය විනාශ වීම යාමේ බරපතල තත්වයක් මේ දක්වාම තිබුණි. විනාශවී යාමේ ප්‍රතිපලයක් ලෙස ඕසෝන් ස්ථරයේ විශාල සිදුරක් ද හටගෙන තිබුණි. නමුත් 2011 වසරට වඩා මේ වසරේදී එහි ප්‍රමාණය අඩු වී ඇති බවයි නවතම වාර්තා වලින් හෙළි වනුයේ.එය සියලු ලෝක ජනතාවට සුභ ආරංචියක් වන බව ඒකාන්තයි.



ඒ කෙසේවෙතත් සිදුරේ ප්‍රමාණය 2010 වසරට වඩා විශාල වන අතර , එය සම්පුර්ණයෙන්ම යථා තත්වයට පත්වීමට තවත් ඉතා විශාල කාලයක් (සියවස් ගණනාවක්) ගත වනු ඇත.


මිට වසර 25 කට පෙර ඇතිකර ගන්න ලද මොන්ට්‍රියල් ගිවිසුමේ, අරමුණ වුයේ එවකට, භාවිතා කරමින් තිබුණු, ඕසෝන් ස්තරයට වින කරන රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් කිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසුන් අතර මිලියන ගණනින් තිබුණු අක්ෂි පිළිකා හා චර්ම පිළිකා අඩු කරගැනීමට හැකි වූ බවයි එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිදානය පවසන්නේ.


අර්ක්ටික් මහද්වීපයට ඉහළින් ඇති වායුගෝලයේ උෂ්ණත්වය හා අපවර්ති ගෝලයේ වලාකුළු වල පැතිරීම සම්බන්ධ තොරතුරු වලින් ලද නිගමන වලට අනුව, උක්ත සිදුර 2010 වසරට වඩා වැඩි මුත්, 2011 ට වඩා කුඩා බවයි ලෝක කාලගුණ සංවිදානය(WMO ) වරෙක නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වුනේ.



ඒ අනුව, වර්ග කිලෝමීටර මිලියන 19ක් වන සිදුර, මේ වසර අවසාන වනවිට වසර 2006 තිබුණු ප්‍රමාණයටත් වැඩ කුඩා වීමට ඉඩ ඇති බව එම සංවිදානය පවසයෝ. සාමාන්‍ය වාර්ෂික දත්ත වලට ඇහුව සිදුරේ වැඩිම වර්ගපලයක් සැප්තැම්බර් මාසයේද, වැඩිම ගැඹුරක් ඌච්ටෝබර් මස වලදීද නිරීක්ෂණය කල හැකිය.




එමෙන්ම ඔවුන් කියන ආකාරයට, 1980 ගණන්වල අප නොදැනුවත් කම නිසා භාවිතා කර, මේ වනවිට ඉහළ වායුගෝලයේ ඇති CFC (ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්) සම්පුර්ණයෙන්ම විනාශ වීමට තවත් සියවස් ගණනාවක්ම ගතවනු ඇත. එතෙක් කල්, මෙම රසායන ද්‍රව්‍ය, ඕසෝන් වියන නිරතුරුව විනාශ කරමින් තිබෙනු ඇත.එකල ශීතකරණ යන්ත්‍ර වල, ස්ප්‍රේ කන්(ස්ප්‍රය් කන්) වල මෙන්ම සුවඳ විලවුන්බෝතල් වලත් මෙම CFC අඩංගුව තිබුණි. (2000 වසරෙන් පසු CFC භාවිතය තහනම් කරන ලදී) වර්තමානයේ ද පැරණි ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු වලදී, CFC වායුගෝලයට නිකුත් විය හැකි වැඩි ප්‍රවණතාවක් ඇත.

Thursday, September 13, 2012

Learn to write a product review

Unable to write about your product or website? Can't think of how to give a start or end seems like kicking off the reader? Well, I understand. Your article should be short and sweet, and also the core should be easily absorbed.

 If the review fulfills these ideas, more than 90% of readers tend to read twice and more than 85% tend to buy your product.

 If you want a product review written based on above, order my gigs and experience high increments on your sales. (My reviews are around 500 words.) Start today!

p.s = I m ready to provide you samples any time you want, even though you order or not!

Here are some samples that I have written. What I suggest you is, first have a look on these, and then write in your own. Next compare with mine. Then you'll know what are your errors and you can fix them yourself. Ok its time to start. 

 Sample 1

Philips Dimmable LED bulb


Philips 12.5w LED bulb can replace your 6ow incandescent bulb, saving you up to 130.45 in energy cossts.

You like it? This houses a cluster of light emitting diodes-tiny circuits, which glow when electricity passes through them. More than 85% of energy it consumes is transformed into light, unlike low efficient incandescent and CFL bulbs which gives out much heat in addition to light.

This is ideal for use in kitchens, living rooms, libraries, gardens and hallways in your table lamps.

Available in 2 colors; (white) cool day light and (Yellow) warm day light. This is completely yellow when switched off, and turns to the colors mentioned when lighting. And this lights instantly, with the wall switch on. Because of the built in improved electronic circuit this is a fully dimmable bulb like an ordinary incandescent bulb.  The light doesn't fade your fabrics unlike other incandescent and CFL bulbs.

Bulb comes in 2 types of holders, so this can be installed into any ordinary holder. It has a long life that counts more than 30 years. So this avoids the hassle of replacing bulbs often. Even if a single LED burns it doesn't affect the bulb because hundreds of LED's are included. As this bulb is Energy star certified you don't need to worry about energy consumption. (Remember it reduces
your electricity bill) You can easily dispose the bulb and don't need to worry about environment pollution, because no mercury is added and it is fully degradable. You can help preserve the environment, while helping to reduce your carbon foot print.


Useful product information.

Operating voltage 120 w
Operating wattage 12.5 w
Weight 1 pound
Dimensions 2.3 x 2.3 x 4.1 inches
Brightness 805
Color Temperature 2700 Kelvin
Comes in 4 shapes.



 Sample 2

 

Sony Bravia 32’ LCD Television


Sony Bravia 32’ Television gives you a full entertainment experience, which is enhanced with Sony's latest technology. Image quality is very high, so you can enjoy clear picture details with 720p image resolution. You can watch movies and your favorite channels, and Watch photos in your USB Drive, or Connect your Laptop/PC to use this as a monitor.

There are four HD Inputs which includes two HDMI inputs for sources like your HD cable box, home theater system, Blu-ray Disc player or PS3 system, one HD component input and a PC input (HD-15 pin).

With the Digital Noise Reduction facility you can experience ultra-vivid HD clarity and less grain on the KDL32BX330 with the whole family. Digital Noise Reduction enhances detail in whatever you're watching with meticulous processing. The images are sharp, clear and life-like. It even helps clean up video from USB and other PC sources so the picture looks pristine and vivid.


There are two USB ports on sides of the television. Where you can plug your pen drive or the camera, or what ever the portable device you have. It has the ability to quickly identify any electronic device unlike other televisions. Sony Bravia can auto detect any analog or digital channel waves on air.

The viewing distance is from 3 ft to 10 ft. Due to its light weight, it’s not necessary to worry about falling down and hurting your kids. So this is very ideal for home use. Sony Bravia comes in a 1 year limited company warranty.

Important Information

Backlight Type : CCFL
Display Device : LCD
Display Resolution :      720p
Screen Size (diagonal): 32 Inches
HDMI:             2 (Rear)
Component Video (Y/Pb/Pr): 1 (Rear Hybrid with                            Composite)
Composite Video: 1 (Rear Hybrid with Component)
USB 2.0 Ports: 2 (Side)
RF Connection:            1 (Rear)
Analog Audio Input: 1 (Rear)
PC Input :         1 (Rear Hybrid with HDMI)
AC Power Input:          1 (Rear)
Digital Audio Output:1 (Rear)
Audio Out:       1 (Side)
Dimensions:      30 1/2 x 19 1/8 x 3 1/4 Inches-(30 1/2 x 20 3/4 x 8 1/4-Inches With Stand)

Anyway in a 32 inch TV you can't expect things like wi-fi, Skype, LED backlights and MultiFlow Connection. But all these facilities are enabled in TVs above 32 inches. Any way, you have to buy the cables separately because they don't come as a package. At last what I conclude is, Sony Bravia is a great entertainment device which gives you the best enjoyment you expect from a TV.



 

Sample 3

The Sony 1100 Radio.


The Sony 1100 radio is a device that gives you something more than you expect from an ordinary radio. Its portable size is very convenient that you can easily slide it into your shirt , jacket pocket or the handbag. You can use this at your home, or the garage, or while gardening or even at a party. The built in 3.2' mono speaker gives out a pretty good sound enjoyment but honestly it tends to distort at higher levels. Even if so, it's quite satisfying. Or you can plug your ear phones to the built-in ear phone jack and enjoy while riding, jogging or at a public place.

This comes only in Black color, lets think it as a style. The radio is easy to use and has a well thought out simple. Buttons are quite large which can be even pressed and operated by your 80 year old grandma. In the front panel you can see the band selection switch and the analog display. The led indicator is quite useful in tuning stations even in dim lights. 

This can be operated by both batteries and AC line. 4 good alkaline batteries provide an extended 80 hrs battery life, more than enough to use at power cuts. The built in power code is very useful unlike the other radios, where you have to run to wall-marts when the power code gets misplaced. The built in telescopic antenna ensures increased range and solid reception.

The carrier handle flips up when necessary and you will notice that  there is an indentation in the cabinet which allows you to slip in a finger to raise it easily.

and there is an indentation in the cabinet which allows you to slip in a finger to raise it easily.

 Finally, The shape makes it easy to place in most locations and it is very stable, making it unlikely to get knocked over.
If it didn’t have the manufacturer marked  I would have easily guessed that it was a Sony product. It has the great performance and clever design that I associate with Sony.










Thursday, September 6, 2012

ඇස් බැඳුම්- මායම්

අපි ඇත්ත ලෝකේ දකින සමහර ඒවා අපේ මොළය තේරුම් ගන්නේ වෙනස් ආකාරවලට. ඒ කියන්නේ, ගොඩක් වෙලාවට අවට පරිසරයේ තියෙන අනික් වස්තු එක්ක සසඳලා තමයි ඔබ දකින දේ තේරුම් ගන්නේ. මේක නිසා සමහර දේවල්වල ප්‍රමාණය, වර්ණය, දීප්තිය ආදිය වෙනස්වෙලා  පෙනෙන්නේ. සමහර වෙලාවට ඔබට ඇතැම් දේවල් නොපෙනි තියෙන්නත් පුළුවන්. මේ නිසා බොහෝ විනෝදජනක දේවල් සහ  පින්තුර පවා බිහිවෙලා තියෙනවා. ඉතින් අද මන් හිතුවේ එහෙම ඇස් බැඳුන් ටිකක් ඔබට පෙන්නන්න.
මේ රුපයේ පෙනෙන්න තියෙන කොටු ඇද වෙලා වගේ නේද පෙනෙන්නේ?එවුනට ඒවා ඇත්තම සමචතුරශ්‍ර. කොහොමද වැඩේ?  යමු ඊලග  එකට 





මේ ඉහල රුපය කවදාවත් ඇත්ත ලෝකයේදී නිර්මාණය කරන්න බැරි අතාත්වික දෙයක්. මේකේ තිරස්ව තියෙන කනුව, දෙපස තියෙන සිරස් කණු 2 ට සම්බන්ද වෙලා තියෙන හැටි බලන්න. පෙනෙන විදිහට හරි ලේසියෙන් හදන්න පුළුවන් කියල හිතුවට, කවදාවත්ම බැරි දෙයක්. 





 මේකට කියන්නේ රූබින්ගේ මුහුණ කියල. මේක ඔයාට පෙනෙන්නේ මල් වාස් එකක් විදිහටද එහෙම නැත්තම් එකිනෙකා දෙස බලන් ඉන්න මිනිසුන් දෙදෙනෙකුගේ මුහුණු 2ක් විදිහටද? 


 මේකේ මැද්දේ තියෙන කළු තිත දිහා බලාගෙන මුහුණ මොනිටර් එකේ තිරය දෙසටත් ඉන් ඉවතටත් ගෙන යන්න. මොහොක්ද වෙන්නේ? වටේ තියෙන ඒවා තිත වෙත එන ආකාරයත් ඉවතට යන ආකාරයත් පෙනෙනවා නේද? පට්ටයි නේ? 





 මේ ඉරි වැටිච්ච රුපය දිහා බලාගෙන හිස දෙපසට වන්න. මොක්කක්ද ඇතුලෙන් පෙනෙන්නේ?








ඔබ හිතන්නේ මේ ගොඩනැගිල්ලේ කණු කීයක්‌ තියෙනවා  කියලද? 






මේ පෙරළෙනවා වගේ පෙනෙන ගෝල 2න් කුමන එකද විශාලම එක? ඇත තියෙන එක ලොකුවට පෙනුනට 2ම විශාලත්වයෙන් සමානයි. 





මේකත් අපුරු එකක්. මේ සමනලයගේ මැද තියෙන කතිරය දිහා තත්පර  30ක් විතර බලාගෙන ඉන්න. ඊට  පස්සේ සුදු  බිත්තියක් දිහා බලන්න. එවිට සමනලයා බිත්තියේ ඉන්නවා වගේ තමයි ඔයාට පෙනෙන්නේ.






 ආඃ මේ මොකක්ද? ට්කක් පරණ තලේ කාර් එකක්. කාර් එකේ අමුත්තක් පෙනෙන්නේ නැද්ද? මට නම් වෙලාවකට පෙනෙන්නේ කාර් එකේ front view එකක්. තවත් වෙලාවකට side view එකක්. මේකේ අමතර රෝදයයි ඉස්සරහ veeduruvayi   නිසා තමයි ඉස්සරහට තියෙනවා වගේ පෙනෙන්නේ. ඒ වගේම පැත්තට තියෙනවා වගේ පෙනෙන්නේ, මේකේ රෝද 4 තියෙන විදිහ හින්ද. 



මේක නම් ඇත්තම එකක්. මේක තියෙන්නේ ස්පන්නයේ(Spain කියන රටේ) තියෙන අක්වලන්තය කියන උද්‍යානයේ. නරභාන්නන එන අයට පෙනෙන්නේ මේ කරාමය අහසේ පාවෙමින් තියෙනවා වගේ. ඒවුනාට ඇත්තටම වෙලාතියෙන්නේ ඒක නෙමෙයි. කරාමයේ වතුර එන තැනින්ම පොකුණේඉඳල  ඉහලට ගිය නලයක් මගින්ම තමයි කරාමය රදවාගෙන තියෙන්නේ. වතුරට ඒ නලය වැහිලා තියෙන හින්ද තමයි කරාමය අහසේ පාවෙනවා වගේ පෙනෙන්නේ. 


 තව ටිකක් තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඒවත් දාන්නම්.  මේවා නරඹපු ඔබට ස්තුතියි...!

Tuesday, September 4, 2012

පරණ කාර් - රථ ගායට බෙහෙත් - Volkswagon Beetle

කාලෙකට පස්සේ අලුත්  ජාතියේ පොස්ට් එකක් දන්නා කියල හිතුනා. ලංකාවේ සමහරක් කට්ටියට ඉතින් කාර් පිස්සුව නොහොත් රථගය  නහුතෙටම තියෙනවනේ. කට්ටියක් කාර් modify කරන්න හදනකොට තවත් කට්ටියක් බලන්නේ කාර් එක original condition එකෙන්ම තියාගන්න. තවත් සමහර අය පරණ කාර් එකතු කරනවා. අද කාලේ බෙන්ස්, වොල්වෝ වගේ ලොකු වාහන භාවිතා කරන අය ගාවත් අවුරුදු 60, 70 පැරණි කාර් තියෙනවා. එකට හේතුව තමයි මේ කාර් වල තියෙන එතිහාසික වටිනාකම.

දැන් නම් පාරතොටේ අලුත් කාර් වැහි වහල. ඒවා ගැන ඉතින් හැමෝම කතා වෙනවනේ. එක හින්ද වැඩිය කතාබහට ලක් නොවෙන, නමුත් ගොඩක් දෙනා අහන්න කැමති පරණ කාර් ටිකක් ගැන විස්තර දාන්නයි බැලුවේ. මුලින්ම බලමු දැනටත් ගොඩක් ජනප්‍රිය කාර් එකක් වන Volkswagon Beetle එක ගැන.

Volkswagon Beetle 


මේක ලංකාවේ පාර වල නම් බහුලවම දකින්න පුළුවන් කාර් එකක්. සමහර අය race පදින්නත් ගන්නවා. ලක්ෂ 4ක් 5ක් වියදම් කරොත් නියමෙටම modify කරලා ගන්න පුළුවන්. සින්දු වලට වීඩියෝ හදන අවස්ථාවලදී පරණ කාර් වලින් නළු නිලියෝ යනවා දකක්ල ඇති නේද? ඒවගේ වෙලාවට මේ කාර් තමයි බොහොමයක්ම ගන්නේ.


ඉස්සර අපේ ගෙදරත් තිබුනේ මෙයින් එකක් තමයි. දැන් නම් නැහැ. විකුනපු එක නම් මෝඩ වැඩක් කියල දැන් තමයි තේරෙන්නේ. මේ කාර් එක මුලින්ම හදල තියෙන්නේ 1938 දී. එදා ඉදන් 2003 වෙනකම්ම  Beetle කාර්  නිෂ්පාදනය වුණා . ඒ හැම එකකම තිබුනේ එකම ස්වරුපය. නමුත් ඒවායේ පහසුකම් නම් ක්‍රමයෙන් වැඩි උනාලු.

මේ Beetle එකේ 1200, 1300, හා 1500 කියල models 3ක් ආවා. ඒවායේ එන්ජින් ධාරිතාවෙන් තමයි මේ models හදුන්වල තියෙන්නේ.  මේ කාර් එක තමයි ලෝකයේ වැඩියෙන්ම එක මොඩෙල් එකකින් වැඩිම ප්‍රමාණයක් හදපු කාර් එක. මේවා මුලදී ජර්මනියේ නිෂ්පාදනය කරලා පසුව බ්‍රසිලයේද නිෂ්පාදනය කරා.


ඒ කාලේ හැටියට ඉතාම සැපපහසු වාහනයක්. 1950 ගණන්වල හදපු beetle කාර් වල සැප පහසුව වෙනත් පොඩි  ඇමෙරිකන් කාර් වලට වඩා ඉතාම ඉහල මට්ටමක තිබුණු නිසා මේක ඇමෙරිකාවේ ප්‍රධානම පෙලේ අලෙවි වෙච්ච කාර් එකක්.
ඉස්සරහට ගියර් 4ක් ද පිටුපසට ගියර් 1ක් ද සහිත ගියර් පද්ධතියක් තමයි මේකට තියෙන්නේ. ගියර් දාන විදිහත් දැන් කාර් වල වගේමයි. වෙනසකට තියෙන්නේ රිවස් ගියර් එක දන්නා තියෙන්නේ ලිවර් එක ටිකක් පහලට එබීමෙන් පස්සේ.


මේකට තියෙන්නේ sportz කාර් වල පෙනුමක්. දොරවල් 2 යි තියෙන්නේ. එක හින්ද පිටුපස අසන වලට යන්න ඕනේ ඉදිරිපස ආසනය නවල. පසුපස විදුරු අරින්න බැහැ. එවුනට සමහර models වල නම් අරින්න පුළුවන් පොඩි වීදුරුවක් පිටුපස වීදුරුවේ කෙළවර තියෙනවා. ඒ කාලේ blowers තිබුනේ නැති නිසා ඉදිරිපස කන්නාඩි ගාවත් මේවගේ පොඩි විදුරු කැලි 2 ක් තියෙනවා ඕනේ පැත්තකට කරකවන්න  පුළුවන්.


මේකේ මේ අමුතු ජනෙල ක්‍රමය නිසා A /C  කරන්නත් හරිම පහසුයි. ඔරිජිනල්  මොඩෙල් එකේ A /C  තිබුනේ නැති උනාට දැන් ගොඩක් අය මේවා A/C  කරගෙන තමයි තියෙන්නේ. මේකේ engine එක තියෙන්නේ පිටුපස. එක හින්ද පසුපස එළවුම් රෝද තමයි මේවට තියෙන්නේ. ඩිකිය සහ අමතර රෝදය තියෙන්නේ ඉස්සරහ. මේකේ පිටිපස්සට සයිලන්සර් 2ක් තියෙනවා.

වොල්ක්ස්වගන් ආයතනය මේවනවිට මේ කාර් මිලියන 21ක් නිෂ්පාදනය කරලා තියෙනවා. අන්තිමට හදල තියෙන්නේ 2003 දී. එකේ තිබුනෙත් 1940 ගණන් වල හදපු Beetle කාර් එකේම පෙනුමමයි. එකෙන් හිත ගන්න පුළුවන් නේද මේකේ ජනප්‍රියතාවය කොච්චරද කියල?

2003 අන්තිමට හදපු කාර් 30 000 නම් කරලා තියෙන්නේ Última Edición හෙවත්  Final Edition කියලා. 2003 දී එහෙම නිෂ්පාදනය නැවැත්වීමට සිදුවීම ගැන වොල්ක්ස්වාගොන්  ආයතනය විශේෂ ශෝක දැන්වීම් ද පල කරලා තියෙන බවයි සැලකෙන්නේ.


තවත් කාර් ගැන ලියන්න තියෙනවා. ඉඩ තියෙන වෙලාවට VolksWagon Beetle එක ගැන තව විස්තර  දාන්නම්. ඊලග පොස්ට් එකේදී නැවත හම්බ වෙන කම් ඔබට සුභ දවසක්  !!!


Internet Money - Part 1 - ad ක්ලික් කිරීම

ad ක්ලික් කිරීම.

  මේක තමයි මේ වැඩේට බහින කෙනෙක් කරන මුල්ම වැඩේ. මුලදී අමාරුයි. පොඩි කට්ටක් කන්න වෙනවා.  පහු වෙනකොට ලේසියි. වැඩේ අල්ලගත්තනම් විනෝදාංශයක් විදියට කරන්නත් පුළුවන්. මේක ඉන්ටෙර්නෙට් එකේ හෙවුවම  ගොඩක් වෙබ් අඩවි එනවා. එත් ඉතින් 95% ම පට්ටපල් බොරු. 



මුලින්ම කරන්න තියෙන්නේ ඉහල තියෙන බැනර් එක ( image එක) ක්ලික් කරලා ඒ වෙබ් අඩවියට ගිහින් register  වෙන්න ඕන. ඒගොල්ලෝ ඔයාගේ ඊ මේල් අකවුන්ට්  එකට එවන මේල් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔබ  "මනුස්සයෙක්" කියල තහවුරු කරන්නත් ඕනේ. 
 
ඊට පස්සේ මේ වෙබ් අඩවියෙන් ඔයාලට දෙන ලිස්ට් එකේ තියෙන ads ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ක්ලික් කරාම අලුත් පිටුවකින් වෙනත්  වෙබ් අඩවියක් ආරම්භ වෙනවා. එක තත්පර 10ක් විතර ඔවුන් කියන වෙලාවක් open  කරගෙන ඉන්න තමයි තියෙන්නේ. එච්චරයි. 





ඔය එහෙම ක්ලික් කරන එක ad  එකකට සාමාන්යෙන්  රුපියලක් වගේ තමයි ගෙවන්නේ. දවසට ඔහොම ads  100ක් ක්ලික් කරොත් මාසෙට 3000ක් එක වෙබ් අඩවියකින්. පොඩි ගණනක් තමයි. එවුනට එහෙම වෙබ් අඩවි 10 ක් විතර හොයාගත්ත නම් මාසෙකට කැත නැතුව  30000 ක් අතටම. හොදට කලා බීල ඇදල ඉන්න ඒ මදැයි. ඔය ඉතින් ad  ක්ලික් කිරීමෙන් විතරයි. ඒ විතරක් නෙමෙයි,  ඔවුන්ගේ වෙබ්  අඩවිය වෙනත්  අයට  අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරනවට වෙනම ගෙවනවා. ඒවා ඉතින් දවස් 3, 4ක් යනකොට නිකම්ම තේරෙයි. කියා දෙන්න ඕනේ නම් comment එකක් දාන්න.


තව වෙබ් අඩවි තියෙනවා ඒවා පසුවට ඉතුරු කරමු.








Monday, September 3, 2012

Online money හොයන විදිය ශුද්ධ සිංහලෙන්.

 


අපිට ඕනේ කරන මොකක් හරි ගන්න ගෙදරින් සල්ලි හම්බුනේ  නැත්තම් අපි මොකද කරන්නේ? මුලින්ම හිතෙන්නේ online ජොබ් එකක් කරලා සල්ලි හොයනවා කියන එක. ඊට පස්සේ ඉතින් කරන්නේ ගූගල්  එපා වෙනකම්ම නෙට් එකේ online jobs හොයන එක. එත් ඉතින් online jobs කියල කීයක්  තියෙනවද? gooooooogle කියන වචනේ තියෙන බෝල ගණන් කරන්න බැරි තරම් පිටු පිරෙන්න online ජොබ්ස්! එතකොට ඉතින් online job කිරිල්ලත් එපා වෙලා මට ඕන මගුලක් නැතෙයි කියාගෙන නිකන් ඉන්න තමයි හිතෙන්නේ. මේකනේ සාමාන්‍යයෙන් වෙන  දේ.



 
Online jobs කියල ඉන්ටෙර්නෙට් එකේ ඕන තරම් දේවල් තිබුනට බහුතරයක්ම බොරු ඒවා. එතැනදී වෙන්නේ ඔයාල ඒ වෙබ් අඩවි වලට ගියාම ඒවායේ තියෙන වෙන වෙන උප්පරවැට්ටි වලට ඉබේම අහුවෙන එක.

 එළියෙන් කියල තියෙන තරම් සුන්දරක් ඇතුලේ නෑ. . සමහර වෙබ් අඩවි කරන්නේ, online jobs කියන නම යොදාගෙන  ඒ වෙබ් අඩවි වලට එන visitors ගණන වැඩි කර ගන්න එක. එතකොට ඒවාට වෙළද දැන්වීම් සදහා වැඩි මුලදක් ලැබෙනවා. ඕවට ඉතින් අපේ ගොඩක් උන් රැවටෙනවා. මේක ලියන අපිත් මුලදී  ඕවට රැවටුනා තමයි. 



ඕව ඔහොමෙයි කියල ඉතින් online  සල්ලි හම්බ නොකර බෑනේ
. සාධාරණව අපෙන් වැඩක් කරගෙන සල්ලි දෙන වෙබ් අඩවි  නැතුවම නෙමෙයි. ඒවුනාට ඒවා ඉතින් ගූග්ලේ හොයල  සෙට් කර ගන්න ටිකක් අමාරුයි.

Business හොදට තියෙනවනම් Google ,Yahoo වලට සල්ලි ගෙවා ගෙවා තමන්ගේම වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගන්න ඕන නැහැනේ. ඒවා ඉතින් set වෙන්නේ ගොඩක් වෙලාවට forums හා යාලුවන්ගෙන් වගේ ක්‍රම වලින් තමයි.

අපේ පාඩම ආරම්භ  කරන්න කලින් online   සල්ලි හොයන ක්‍රම මොනවාද කියල  කියල  ඉන්නම්. නැත්තන් ඉතින් හිතට මොකක්ද වගේ. අපිත් බොරුවක් කරනවා කියල හිතයි....


1) ads  ක්ලික් කිරීම.

2) දී ඇති වැඩ කොටසක් කිරීම
3) ලේඛන (articles )  කියවා  rate කිරීම.
4) දත්ත පිටපත් කිරීම.
5) වෙබ් අඩවි වලට නොයෙක් දී ලිවිම.
6)බ්ලොග් පවත්වාගෙන යාම.
7)වෙබ් අඩවි පවත්වාගෙන යාම
8)ෆොටෝෂොප්, ෆ්ලෑෂ් වගේ මෘදුකාංග වලින් නොයෙක් නිර්මාණ කිරීම.
9) ඉංග්‍රීසි දන්නවනම් ව්‍යාකරණ නිවැරදි කිරීම.

10) Freelancing 
 
මේ වගේ තව ගොඩක් ගොඩක් ක්‍රම සහ විදි තියෙනවා. ඒවා පස්සට කියන්නම්. ඔක්කොම මුලටම කියුවම අගයක් නැනේ...!

දැන් ඒවා විස්තරාත්මකව
සලකා බලමු.
 


තමන්ට අවශ්‍ය කොටස දන ගැනීම සදහා පහත links භාවිතා කරන්න 

Internet Money - Part 1 - ad ක්ලික් කිරීම
Internet Money - Part 2 - Freelancing
Internet Money - Part 3 - Blogging
Internet Money - Part 4 - Email Handling
Internet Money - Part 5 - ලිපි සහ වාර්තා ලිවිම
Internet Money - Part 6 - Videos සෑදීම
Internet Money - Part 7 - Surveys

මිට අමතව සරල ක්‍රම 40 කින් යුක්ත "අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ක්‍රම 40ක්" සදහා මෙතන ක්ලික් කරන්න