Adbrite

Monday, October 15, 2012

මෙහෙමත් pen Drives දැකල තියෙනවද?

මෙහෙමත් pen Drives දැකල තියෙනවද?


අන්තර්ජාලයේ සැරිසරද්දී ලස්සන pen drives ටිකක් හම්බුනා. පරිගණක භාවිතා කරන කොයි කටත් pen drives නැතුවම බැරි දෙයක් නිසා වර්තමානයේ ජනප්‍රියම පරිගණක උපාංගයක් තමයි මේ pen drives . ඉතින් බලන්නකෝ මේවගේ ඒවා ඔයාල ගාවත් තියෙනවද කියල. 

Thursday, October 4, 2012

ජපානයේ අලුත්ම දුම්රිය - Hayabusa


ජපානයේ අලුත්ම දුම්රිය - Hayabusa


අපි මෙච්චර කල් ඉන්ටෙර්නෙට් money ගැන කතාකලා, ඒවගේම ජිවිතේ ජයගන්න හැටි, vegetarian life එකකට පුරුදු වෙන හැටිත් කතා කරා. එත් මන් අද කියන්න හිතුවේ සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් ගැන. ඒ තමයි දුම්රියක් ගැන! දැන් කියන්න එපා අපි දුම්රිය ගැන හොදට දන්නවා කියල. මේක ලංකාවේ එහෙම දුවන එකක් නෙමේ... මේක තියෙන්නේ ජපානයේ.






දුම්රියක් කිවුවට මේකේ අසාවකටවක්වත්  දුම් ටිකක් නෑ(විදුලි දුම්රියක්නේ) . අනිත් එක, ඇතුලේ දුම් බිම තහනම් කියල ලියලත් තියෙනවා. එහෙනම් අහවල් එකකටද දුම්රියක් කියන්නේ?



ඔන්න එහෙනම් අසන පටි එහෙම තද කරගෙන මේ දුම්රියේ ගමනක් යමු..... Hayabusa ශ්‍රේණියේ E5 කාණ්ඩය තමයි මේ ඔයා කියවන දුම්රිය. දැනට ජපානයේ තිබෙන දුම්රිය අතුරින් නවීනතම, අධිවේගී, ඉහලම  තාක්ෂනය සහිත දුම්රිය තමයි මේක. මේක ක්‍රියාත්මක වන්නේ Tokyo සහ Aomori කියන නගර 2 හරහා. කොළ සහ රිදී පැහැයෙන් යුක්ත හයබුසා දුම්රියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 320.

එනිසා හයබුසා දුම්රියට කිලෝ මීටර් 675 ක් දිගු ගමනක් සදහා ගත වන්නේ පැය 3යි මිනිත්තු 10 කි. ටෝකියෝ අගනගරයේ ඉදල Aomori දක්වා මේවනවිට දිනකට ගමන් වාර 3ක් තියෙනවා.

හයබුසා දුම්රියේ තියෙන ලක්ෂණ වලින් ඉදිරියෙන්ම ඇත්තේ සැපපහසුව හා මෝස්තරයයි. මෙම දුම්රියේ පලවෙනි පන්තියේ මැදිරියක යාමට යෙන් 26 360ක්(Rs.37,335.65 ) පමණ ගෙවන්න සිදු වෙනවා. ගමන අතර තුර ආහාර පන වලින් ඔබට ඉහලින්ම සැලකීමට සෑම මැදිරියකටම සාත්තු සේවිකාවක් බැගින්ද සිටිනවා. මහනිසි වෙලා ඉන්න විට කකුල් දෙක ඇති පදම් දිග හැරගෙන, විවේක ගන්න නම් මේකේ තියෙන leather seats කියපු බණ්ඩයක්.






මේ දුම්රියේ යනවිට දකින්නට ලැබෙන්නෙත් අපුරු දර්ශන. Aomori ප්‍රන්තයේ ප්‍රසිද්ද  ඇපල් වතු, Towada  විල, Osore හා Hakkoda කඳු පන්ති මේවායින් කිහිපයක්.

මෙම දුම්රිය ගමන ආරම්භ කල පළමු දිනයේ අපුරු සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි වේදිකාවේ සිටිය මගියෙක් දුම්රිය මාර්ගයට අද වැටීම. මෙම මගියා ආපසු යහතින් දුම්රිය වේදිකාවට ගොඩ වෙලා හියෙනවලු. කෙසේ හෝ මේ සිද්දිය නිසා පලවෙනි දිනයේම දුම්රිය මිනිත්තු 7k ප්‍රමාද වෙලාලු ගමන අරඹ කරලා තියෙන්නේ. ඕව මොනවාද මෙහෙ වෙන දේවල් හැටියට නේද?






ජපානය කියන්නේ  ආරක්ෂාකාරී හා කාර්යක්ෂම දුම්රිය සේවයක් ගැන ඉහලම වාර්තා තියපු රටක්. භුමි කම්පා වැඩියෙන්ම සිදුවෙන කලාපයක් වුනත් කිසිම දිනක Shinkansen කියන දුම්රිය සේවයේ දුම්රිය එකිනෙක ගැටීම හෝ පිලි පැනීම් කිසිවක් සිදුවෙලා නැතිලු. මේ වගේ සාර්ථක ගමනක් යන ජපන් බුලට් දුම්රිය සේවාවේ අනාගතය කෙබඳු වෙයි කියලද ඔයා හිතන්නේ? ජපානය මේ වනවිට තවත් අලුත් දුම්රියක් හදන්න අත ගහලයි තියෙන්නේ. මේ වනවිට පරීක්ෂණ ගමන් වලදී පවා පැයට කිලෝමීටර් 581ක වේගයක් ළගා කරගත්තු එම කාන්දම් බලයෙන් දුවන දුම්රිය වසර 2027දි කරලියට එයි කියලයි ජපානය බලාපොරොත්තු වෙන්නේ.






Wednesday, October 3, 2012

වචන 2 න් ජිවිතේ ජය ගන්න

වචන 2 න් ජිවිතේ ජය ගන්න






ඔබ  දන්නවද මේ ලෝකේ අපුරු වචන 2ක් තියෙනවා කියල? ඒ වචන 2න් එකක් කියන්න බැරි තරම් සුන්දරයි. අහන්න හරිම ප්‍රසන්නයි. ඒ වචනය නිතරම කියනවනං හෙවනැල්ලක් වගේ සාර්ථකත්වය ඔබේ පසුපස එනව එනවාමයි. ඒකාන්තයි!

අනික් වචනය නම් මෙතන කියන්න අපහසු  තරම් නරක වචනයක්. කවදාවත් අවශ්‍ය තැනකදීම හැර කියන්න හොඳ නැති එකක්. ඒක ඔබේ  කටින් පිට වන්නේ ඔබේම නරක වෙලාවට. දිට්ටදර්මවේදනිය කර්මයක් වගේ ඔබව  හොයාගෙන එන්නේ, ඔබෙන් පලි ගන්න.


ඉතින් මොකක්ද මේ වචන 2? එකක් තමයි "පුළුවන්" කියන ඒ සුන්දර ලස්සන වචනය. අනෙක තමයි "බැහැ" කියන කුනුහරුපය.


දැන් ඉතින් ඔබ මට හිනා වෙනවා, මන් පිස්සෙක් කියල කියනවා සිකුරුයි. ඔව්! ඔබ මේ වචන 2 කේ හරි තේරුම, ඒ දෙකෙන් ගන්න පුළුවන් වැඩ ගැන හරියටම දන්නේ නැත්නම් ඔයාට මාව හිතෙන්නේ පිස්සෙක් කියල තමයි. නමුත් මේක දිගටම කියෙවුවොත් ඔබ  තෙරුම්ගනියි "මම කියන්නේ ඇත්ත" කියල. ඉතින් සුදානම් වෙන්න අද ඉදන් ඔබේ  ජිවිතේ සාර්ථක කර ගන්න! මේ ලෝකේ ඉන්න සාර්ථකම පුද්ගලයා ඔබ  කියල ඔබට තේරෙන දවස වැඩි ඈතක නෙමෙයි..... 


 


මේ ලෝකේ  කොච්චර සාර්ථක මිනිස්සුන් ඉන්නවද? තමන්ගේම යාන වාහන, කුඩා පරිගණක වගේ ජංගම දුරකථන,
අති සුඛෝපබෝගී නිවාස භාවිතා කරන, අතට පයට වැඩ කාරයෝ, ඕනේ තරම් යහළුවෝ, බලන බලන අත සැප සම්පත් පිරිනු  මිනිස්සු/ගැහැණු කොච්චර ඉන්නවද?

ඒවගේම තමයි මේ ලෝකේ බිම් අගලක් නැති, අදින්න ඇදුමක් නැති, මළ පොතේ අකුරක්  දන්නේ නැති, දවසම නිදියන, කම්මැලි මිනිස්සුත් කොච්චර ඉන්නවද?

අර 2 වැනියට කියපු අය තමයි, "බැහැ" කියන වචනයට මුල් තැන දීල, ඒක ඉස්මුදුනින්ම පිළිගන්න අය. ඔබත් "බැහැ" ට මුල්තැන දෙනවනම්, ඔබගේත්  ඉරණම ඒ ආකාරයෙන්ම විසඳෙන දවස වැඩි ඈතක  නොවෙන්න පුළුවන් කියල මතක තියාගන්න.

ඉතින් අදම "පුළුවන්" කියන වචනයට මුල් තැන දෙන්න. එත් මුල් තැන දෙන හැටි දන්නේ නැත්නම් මේ පොස්ට් ඒක දිගටම කියවගෙන යන්න. බලන්න තව විනාඩි 5කින් ඔබ  අපුරු පුද්ගලයෙක් වෙනව ඒකාන්තයි.



මුලින්ම ඔබ  ඔබෙම  වයසේ ඉන්න තවත් කෙනෙක් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරන්න. බලන්න ඔබේත්  එයාගෙත් තියෙන ජීවිතවල, ලබාගත් ජයග්‍රහණවල, වෙනස්කම්. 



ඒ වෙනස්කම් වලින් කීයකට   ඔය තුල තිබුනං හොදයි කියල ඔබ හිතනවද? සමහර අයට සින්දු කියන්න බෑ. සමහර අයට අනෙක් අයව හිනාගස්සන්න පොඩි විහිලුවක්වත් කරන්න බැහැ. තවත් අයට කට්ටියක් ඉස්සරහට ගිහින් කතාවක් කරන්න බැහැ. තවත් අයකට අනෙක් අයගේ අවදානය දින ගන්න බැහැ.
ඒවගේම තමයි මේ හැකියා උපරිමයටම තියෙන අයත් ඉන්නවා.


ඉතින් උදාහරණයක් විදියට ගත්තු මේ හැකියාවන් ඔයාටත් තිබුනන් හොඳයි නේද? එහෙම නම් කරන්න තියෙන්නේ එක දෙයි. "බැහැ" නොකිය "පුළුවන්" කියල හිතන්න. ඔයාට සින්දුවක් කියාගන්න බැරි නම්, ඔයාට ඒ තත්වය වෙනස් කර ගන්න අවශ්‍ය නම්, ඔයාට සින්දු කියන්න පුළුවන් කියලයි හිතන්න ඕනේ. ඔයාගේ සිතට කාවද්දන්න ඔයාට සින්දු කියන්න පුළුවන් කියල. බැහැ කියන හැඟීම එලවල දාන්න. ඔය බැහැ කියල හිතාගෙන ඉන්නකම්, ඔයා සින්දු කියන්න පුහුණු  උනත්, කවදාවත් පිරිසක් ඉදිරියේදී සින්දුව කියාගන්න බැරුව යයි.  එක තමයි අපේ හිතේ හැටි! බැහැ කියන වචනයේ(අදහසේ) තියෙන භයානක කම ඒක තමයි.




 



ඔයාට මේ ඉදිරියට එන මාස කිහිපයක් තුල ලක්ෂයක් උපාය ගන්න ඕනේ අවශ්‍යතාවයක් තිබෙනවයි කියල හිතමු. ඒවුනාට ඒ ලක්ෂය උපයා ගන්න මාර්ගයක් ඔයා දන්නේ නැතෙයි කියලත් හිතමු. ඒක නිසා "ලක්ෂයක් උපාය ගන්න ඕනේ කියල හිතපු අවස්ථාවේ ඉදල, ඔයා හිතන්න ගන්නේ, මට රැකියාවක් නැති හින්ද, එක කොහොමටවත් කරගන්න බැරි දෙයක් කියල. එහෙම හිතුනු ගමන්, ඔයාගේ අර අරමුණ නැති වෙලා යනවා. එකට තියෙන ආසාව නැති වෙනවා. එවුනට ඔයාට ලක්ෂයක් උපයාගැනීම අවශ්‍යයි නේද?

හරි දැන් ඔයා අර ලක්ෂයක් උපයගන්න ඕනේ කියල හිතපු අවස්ථාවේදී, ඔයාට එක කරන්න පුළුවන් කියල හිතුනොත්, ඔයාට රැකියාවක් නැති උනත් ඒ ලක්ෂය ඔයාව හොයාගෙන එනවා එනවාමයි. ලක්ෂය හොයගැනිමම තමයි ඒ වෙලාවේ ඉදන් ඔයාගේ හිතේ කරකැවෙන්නේ. මෙහෙම ලක්ෂය හිතේ කරකැවෙන ගමන්, ඒක හොයන්න පුළුවන් හැටිත් ඔයාට ඉබේම මතක් වේවි. ලක්ෂය හොයන්න තියෙන ක්‍රම ඔයාගේ හිත ඔයාට කොහෙන් හරි හොයා  කියල දෙවි. ඒ මාර්ග වලට ඔයාව යොමු කරවී. ඔයාට ලක්ෂයක් හොයන්න පුළුවන් කියල හිතන හැම වාරයක් පාසාම, ඔයාගේ හිත ඔයාව  ලක්ෂය ලබාගන්න පුළුවන් තැනටම අරගෙන යාවි.


ලක්ෂයක් හම්බුනේ නැත්නම්, අඩුම ගන්නේ, හතලිස්දාහක් හරි, ඔයාට හොයල දීල තමයි ඔයාගේ හිත නවතින්නේ.  මෙන්න මේක තමයි "පුළුවන්" කියන වචනේ තියෙන බලවත් කම.


 


හිතමු ඔයාට පිරිසක් ඉස්සරහ කතාවක් කරන්න අපහසුයි කියල. නමුත් දවසක කෙනෙක් ඇවිත් ඔයාට කියනවා අසවල් දවසේ මේ ගැන කතා කරන්න කියල. නමුත් ඔයා දන්නවා ඔයාට මේගැන තියන්නේ අඩු අත්දැකීමක් කියල. දැන් ඉතින් මොකද කරන්නේ?. ආත්මය හා නම රැකගන්න ඕනේ නිසා අභියෝගය  බාරගන්න ඔයාට සිදු වෙනවා.  ඉතින් ඔයා ඒකට පුරුදු වෙන්න ඕනේ. හිතමු දැන් ඔයාට පුහුණු වෙන්න ඕනේ කියන අදහස හිතට ආවයි කියල. ඔන්න එතකොට අර"බැහැ" කියන රාක්ෂය එලියට ඇවිත් ඔයාට පහර දෙන්න ගන්නවා.

මට බැහැ. මට ලැජ්ජයි, මිනිස්සු මට හිනාවෙයි, මට වැරදෙයි, ඔක්කොම අමතක වේවි. මගේ කටහඬ පිටිපස්සේ අයට නැසෙයි. ඔයා වගේ ඍණාත්මක සිතුවිලි වලින් අර  " බැහැ" කියන රාක්ෂය ඔයාට පහර දෙනවා. ඒක හින්ද ඔයා කොච්චර පුහුණු උනත් කතාව පටන් ගත්තු ගමන් අර රාක්ෂය එලියට එනවා. ඔයා බලෙන්ම ගොත ගහන්න ගන්නවා. කොච්චර පුරුදු උනත් වැඩක් වෙන්නේ නෑ. තේරුණා නේද?


නමුත් "පුහුණු වෙන්න ඕනේ" කියල හිතපු අවස්ථාවේ ඔයාට  පුළුවන් කියල හිතුවනං, එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයාගේ හිතේ තියෙන බය නැති වෙලා යනවා. හිතට අදහස් ගලාගෙන එනවා. ඔයා පිරිස ඉදිරියේ නිර්භයව කතා කරන හැටි ඔයාට මැවිලා පේනවා. පුහුණු වෙන්න තියෙන ඕනෙකමත් වැඩි වෙනවා. ඒවගේම, කතා කරන්න තියෙන ආසාව වැඩි වෙනවා. ඒ අවස්ථාව එනකම්, ඇගිලි ගනිමින් ඉන්න තත්වයට ඔයාව පත් වෙනවා. දැක්කද පුළුවන් කියන වචනයේ තියෙන බලගතු කම?


ඉතින් ඔයාගේ හිතට මොකක් හරි අදහසක් ආපු වෙලාවේ ඉදලම ඔයාට පුළුවන් කියල හිතන්න. එහම හිතන්න හිතන්න ඔයාට ඉලක්කයක් වෙත යන්න තියෙන හැකියාව වැඩි වෙනවා. මම මේක පෞද්ගලිකව අත් දැකල තියෙන කෙනෙක්. ඒක හින්ද බය නැතුව කියන්නේ, බැහැ කියන වචනය ඔයා තුලින් එලවල දමන්න. පුළුවන් කියල හිතන්න හැමතිස්සෙම පුරුදු වෙන්න. එක ඔයාගේ ජිවිතයේ කොටසක් කරගන්න. ඔයාගේ ජිවිතයේ සාර්ථක කරගන්න. ජය වේවා!



ශාකමය ආහාර අනුබව කිරීමේ වාසි 49ක්.

ඔබ Vegetarian කෙනෙක්ද? 



මාහට මෑතකදී පැමිණි ඊමේල් පණිවිඩයකින් පරිගණක තිරය මත ගෙන හැර පෑවේ, මා කිසි විටෙක නොසිතු ඉතාමත් කෘර ඡායාරුප පෙළකි. ඒවා මෙතන පළ නො කිරීමට බලාපොරොත්තු වන්නේ එය එතරම් සදාචාර සම්පන්න නොවන නිසාය. මස් පිණිස සතුන් ගාතනය කිරීම සම්බන්ද එම ඡායාරුප මා තුළ ඇති කරේ බලවත් කැළබිමකි. නමුත් ඒ කෘර කාර්යට හවුල් නොවීම ගැන මා හට ඇති වුයේ කියා නිම කල නොහැකි අන්දමේ තෘප්තියකි.

මන්ද යත් එම email එක ලැබෙන විට පවා මා vegetarian කෙනෙකු නිසාය. මා මේ blog article එක ලිවීමට පවා තීරණය කරේ මස් වලට ගිජුව, අසරණ සතෙකුගේ ජීවිතය ගිල ගැනීමට ඔබත් නොදන්නා කම නිසා ඉබේම යොමු වීම අබමල් රේණුවකින් හෝ අඩු කිරීමටයි.

 ඉතින් මගේ මේ article එක කාගේ හෝ මස් සඳහා ඇති ආශාව යම් තරමකින් හෝ අඩු උනේද, මේ වයම සාර්ථක වුනේ යයි මට සිතිය හැකිය.

. කලකට පෙර මාද මස් අනුභව කරන්නෙකු වීමි. නමුත් එහි ආදීනව බොහෝ දෙන මට පැවසූ අතර, මගේ ඒකමතික තීරණය වුයේ මස් නොමැතිව මනුස්ස ජිවිතයක් පවත්වා ගෙන යා නොහැකි බවයි. කෙසේ වෙතත් අද මා මගේ ඒ මෝඩ තීරණය වෙනස් කරගෙන ඇති අතර, මස් කෙනෙකුගේ ජිවිතයකට කිසි සේත්ම අනවශ්‍ය බව මම පෞද්ගලික අත්දැකීමෙන් දනිමි.

මස් අනුභව කිරීමේ ආදීනව පවසනවාට වඩා මා සිතුවේ, ශාක නිෂ්පාදන අනුබව කිරීමේ වාසි ඔබට පැවසීමටයි. ඉතින් අන්තර්ජාලයෙන් සහ පොත් පතින් සොයා ගත කරුණු 49ක් මෙසේ ඔබට දක්වමි.

පරිසරය සම්බන්ධව,

1)  ශාක නිෂ්පාදන අනුභව කිරීමෙන් ඔබට නැති වී යන පොසිල ඉන්ධන රැක ගැනීමට දායක විය හැකිය. ඒ කොහොමද? හරක් මස් වල අඩංගු ප්‍රෝටීන් කැලරි 1ක් නිපදවීම සඳහා පොසිල ඉන්ධන කැලරි 78ක් වැය වේ. එසේම උරු මස් හා කුකුළු මස් ප්‍රෝටීන කැලරි 1ක් සඳහා පිළිවෙලින් පොසිල ඉන්ධන කැලරි 35 ක් හා 22ක් වැය වේ, ඉතින් ශාක නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් ඔබ පොසිල ඉන්ධන රැක ගැනීමටත් එහෙම නැත්නම් හදිසි ලෙඩෙක් කිලෝ මීටරයක් අතින් ඇති රෝහලකට ගෙන යාමට පෙට්‍රල් බිඳුවකින් දායක වීමටත් ඔබට හැකි නොවේද?

2)  ශාක නිෂ්පාදන නිපද වීමට වැය වන ජලය ප්‍රමාණය වගේ 3-15 ගුණයක ජලය ප්‍රමාණයක් සත්ව ප්‍රෝටිනමය ආහාර නිපද වීමට වැය වේ. ඉතින් vegetarian කෙනෙකු වීමෙන් ම ජලය රැකගැනීමට දාක නොවන්නේද?

3)  ධාන්‍ය වැනි ආහාර ඵලදැයි ලෙස භාවිතා කිරීමට මට හැකිය. හරක් මස් රාත්තලක් නිපදවීමට සොයා බෝංචි, හා වෙනත් ධාන්‍ය රාත්තල් 15ක් පමණ අවශ්‍ය වේ. එසේම, කුකුළු මස් හා බිත්තර රාත්තලක් සඳහා ධාන්‍ය රාත්තල් 6ක් පමණද වැය වේ. ඉතින් ධාන්‍ය කෙලින්ම මගේ ආහාර සදහා යොදවා ගැනීමෙන්, ලෝකයේ තව මිනිසුන් කි දෙනෙකුගේ කුසගින්න නිවීමට මට හැකි වේද?


4)  ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු සරු පස රැක ගැනීමට මට හැකිවේ. ධාන්‍ය සහ රනිල කුලයේ ශාක වඩාත් ඵලදායි ලෙස( ඉහත ආකාරයට) භාවිතා කිරීමෙන්, පොළොවේ මතුපිට පසෙකි සාරවත් භාවය රැක ගැනීමට මට හැකි වේ.

5)  ඇයි වනාන්තර ආරක්ෂා කිරීම ලෝකයේ නිවර්තන වනාන්තර රැසක් දිනපතාම නිරපරාදේ විනාශ කරනු ලැබේ.ඒ කුමකටද? ඉහල යන ජන ගහනයට සත්ව ආහාර නිපදවීමට, අවශ්‍ය සත්ව පාලන කටයුතු සදහා ඉඩ ලබා ගැනීමටයි. සත්ව නිෂ්පාදන වලට "එපා" කිවීමෙන්, නැවත ඇති කිරීම අති දුෂ්කර ස්වාභ ධර්මයේ මෙම වනාන්තර කොල්ලය අක්කරයකින් හෝ අඩු කිරීමට මම දායක වෙමි. වනාන්තර අපි අග්‍රනය කරන වාතය පිරිසිදු කිරිමටත්ම්, ඖෂද නිපදවීම සදහාත් ඍජුවම දායක වන බව ඔබ නොදන්නවා නෙමෙයි නේද?

ඔබේ සෞඛ්‍ය සම්බන්ධව,

6)  කුමන අන්දමේ ආකාරයකින් සත්ව ආහාර ඔබට සංග්‍රහ කළද, ඒවා ශාක ආහාර තරම් ඔබේ ඉඳුරන් පිනවයිද? නැහැ. 5 star හෝටලයක් වේවා, ඔබේ නිවසේ පවත්වන සාදයකදී හෝ වේවා, සත්ව ආහාර නිසා ඔබ තෘප්තිමත් වන්නේ නම් , එසේ වන්නේ ඔබ එයට ඇබ්බැහි වීම නිසා පමණක් වන අතර, නැත්නම්, එමගින් ඇත්තටම ඔබගේ ඉඳුරන් පින වෙන නිසා නොවේ. මන් vegetarian ආහාර ගැනීමෙන් හොදින් ඉඳුරන් පිනවා ගනිමි.

7)  ශාකමය ආහාර පෝෂක වලින් උණ නැත.( No deficiencies ) මේ ලෝකේ ඉන්න කුමන සාමාන්‍ය පුද්ගලයෙකු වේවා, ඔහුගේ හෝ ඇයගේ, ජිවිතයට අවශ්‍ය කිසිම පෝෂණ ගුණයක් ශාක ආහාරවල අඩු නැත.


8)  සත්ව ආහාර වල මේදය හා කොලස්ටරෝල් බහුලයි. ශාක ආහාර වලට සාපේක්ෂව නම් මේක ඉතාම ඉහළ අගයක්. විශේෂයෙන්ම, සත්ව ආහාර වල සංතෘප්ත මේදය අඩංගු වෙනවා. ශාක ආහාරවල කොලෙස්ටෙරෝල් නොමැති බව ඔබ දන්නවද?

9)  සත්ව ආහාරවල කාබෝහයිඩ්රේට නැත. විශේෂයෙන්ම සාමාන්‍ය දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය පිෂ්ටය සත්ව ආහාර වල බොහෝ විට නැත.නමුත් ශාක අහාර මින් පරිපුර්නයි.

10) සත්ව ආහාරවල විටමින්ප්‍රමාණ අඩුයි. (B සංකීර්ණය හැර) නමුත් ශාක ආහාර වල විටමින් ඕනේ තරම් ඇත.



11) කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය වැඩියෙන් අඩංගු වන්නේ සත්ව ආහාර වලද ශාක ආහාර වලද? සත්ව ආහාර වලයි. ආහාර දාම වල ඉහල පුරුක් වල සිටින්නේ සතුන් නිසා, සත්ව ආහර වල රසායනික ද්‍රව්‍ය අති විශාල සන්ද්‍රනයන්ගෙන් අඩංගුයි. කෘමිනාශක , වල්නාශක මෙවැනි රසායනික ද්‍රව්‍ය වේ.


12)සත්ව අහර වල විවිද ඖශද (livestock drugs ) ඇත. දැනට විසි දහසකට (20 000) කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් එනම් ස්ටේරෝල්(ස්ටේරෝල්ස්) , ප්‍රති ජිවක, හෝර්මෝන, සහ වෙනත් පශු ඖෂධ මස් සදහා ඇති කරන සතුන්ට ලබා දෙනු ලැබේ. එනිසා සත්ව ආහාර අනුභව කරන විට මේ අනේක විධි ඖෂධ වර්ග ඔබත් අනුභව කරන බව අමතක කරන්න එපා. මින් මතුව ඔබට ලැබෙන අහිතකර විපාක අති මහත්ය. ඒ අතින් මස් අනුබව කරන්නන්ට වඩා, vegetarian කෙනෙක් වූ මගේ සිරුර නිරෝගිය.


13) ව්‍යදිජනක ක්ෂුද්‍රජිවින් රැසක් සත්ව මස් හා මළ කුණු තුළ වාසය කරයි. මේ අතර වයිරස, බැක්ටීරියා, ප්‍රමුඛ ස්ථානයක් ගනී. බොහෝ වෙලාවට මොවුන් අති භයානකය. ඉතින් සත්ව මස් ආහාරයට ගන්නා විට, ඒ ක්ෂුද්‍ර ජීවින්ද අප ආහාරයට ගනියි. ශාක ආහාර වලද ක්ෂුද්‍රජිවින් නැතුවක් නෙමෙයි, ඒවායේ ඇති බයානක කම හා ව්‍යදිජනකතාවය සත්ව ආහාර වල ක්ෂුද්‍රජිවින්ට සාපේක්ෂව ඉතා අවමයි.


14)  ඇයි පනුවන් හා පරපෝෂිතයින්? උනුත් සත්ව ආහාර වල බහුල ජීවින්.


15)  සත්ව ආහාර වලට වඩා ශාක ආහාර වැඩි කලක් තබා ගන්න පුළුවන්. ඔබටම මෙය නිවසේදී අත් හදා බැලිය හැකියි. සමාන ප්‍රමාණ වලින් නිවිති හෝ වෙනත් පලා කැබැල්ලක් හා සොසේජස් වැනි මස් කැබැල්ලක් දවසක් විවෘතව තබන්න. බැලීමට වඩාත් අප්‍රිය කුමක්ද? වඩාත් දුගද හමන්නේ කුමක්ද?


16)  ශාක ආහාර නරක් වන බව ඔබට කල් තියාම දන ගත හැකියි. ඒවායේ ස්වරුපය වෙනස් වීමෙන්, ඒවා තුල ව්‍යදිජනක ජීවින් හට ගෙන ඇති බවත් පහසුවෙන් කිවිය හැකියි. නමුත් සත්ව ආහාර? ඔබ නිර්මාංශ නොවේ නම්, වැරදීමකින් කුණු මස්, ආහාරයට ගෙන ලෙඩ වූ අවස්ථාවක් සිහියට නැගේද? ඒ මස් ඔබ ආහාරයට ගත්තේ කුණු බව දැන දැන ද? එහෙමන්, සත්ව ආහාර කුණු වූ (විෂ වූ බව) බව කලින් දැන ගන්න බැහැ නේද? (බොහෝවිට)

17)  හදවත් රෝග? සත්ව ආහාර හදවත් රෝග සඳහා ඇති සම්භාවිතාව ඉතාම තදින් ඉහල නංවයි. හදවත් රෝග ලෝකයේ වැඩිම මරණ සන්ක්‍යවකට වග කියනු ලැබේ.


18)  ශාක ආහාර ඔබව පිලිකා වලින් ආරක්ෂා කරවනු ලබයි. සියලුම ස්වභාවික පිලිකා මර්දන කාරක (විටමින් ච, Beta කරොටින්, ආදී වශයෙන්) කිසිවකින් සතුන්ගෙන් ව්‍යුත්පන්න වූ දෙයක් මෙතෙක් හමු වී නැත. එමෙන්ම මස් පිසින විට බෙන්සීන් සංයෝග, සහ වෙනත් පිලිකා කාරක සංයෝග සැදේ. පිළිකාවක් සුව කරන වටා වැඩ වැදගත් වන්නේ, එය වලක්වා ගැනීමයි. ඔබ හොඳින් දන්නා සොයා බෝංචි වල පවා , ප්‍රෝටියෙස නිශේදක අඩංගු වේ. මෙය ඉතා ප්‍රබල ප්‍රති පිළිකා කාරකයකි(anticancer compound ). නමුත් මෙය සත්ව ආහාර වල සැලකිය යුතු හා ප්‍රමාණවත් ප්‍රමාණ වලින් කිසි විටෙක හමු නොවේ.


19)  සත්ව ආහාර අනුභවය ඔබව රෝගියෙක් බවට පත් කරවයි. මස් අනුභවයත්, ඉතා පුළුල් පරාසයක පැතිරුණු පිරිහෙන රෝග ගණනාවක් අතර ඇත්තේ විශාල සහ සම්බන්ධයක්(correlation)මෙම රෝග අතර,

20)  ඔස්ටියෝපොරෝසිස්

21)  වකුගඩු ගල්

22)  දියවැඩියාව

23)  බහු ජරඨතාව(multiple scelorosis )

24)  ආතරයිටිස්

25)  චර්ම රෝග
 
26)විදුරු මස් රෝග




27)  තරබාරුකම. සාමාන්යෙන් මස් අනුබව කරන්නන්ට වඩා, නිර්මාශ අය සිහින් සිරුරු වලට හිමකම් කියනු ලබයි. තරබාරු කමත් එක්තරා ආකාරයක රෝගයක් බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. වැඩිපුර මස් අනුභව කරන යුරෝපියන් අතර තරබාරුකම වඩාත් බහුලයි.


28)  වැඩිපුර මස් අනුබව කරන්නන් ඉතා බහුලව Intestinal Toxemia.නම් රෝගයට පහසුවෙන්ම ගොදුරු විය හැකියි. (Intestine -අන්ත්‍රය) සත්ව ආහාර නිසා මහා අන්ත්‍රය කුණු වීමටද ලක් විය හැකියි.


29)  සත්වමය ආහාර වලට ජීර්ණය සදහා, ආහාර ජීර්ණ මාර්ගය හරහා ගමන් කිරීමට ගතවන්නේ , ශාක ආහාර වලට සාපේක්ෂව කෙටි කාලයක්. මෙනිසා ආහාර සම්පුර්ණව ජීර්ණය නොවන අතර, ඒවා තුළ ඇති විෂබීජ ද සම්පුර්ණයෙන් විනාශ වීමට ලක් නොවෙයි. මෙනිසා විවිද විෂබීජ නිසා දේහයට පහසුවෙන් රෝග ඇති විය හැකියි.


30)  සත්වමය ආහාර වල තන්තු අඩංගු නැත. මොනවාද මේ තන්තු? මෙම තන්තු බොහෝ කාර්යන්ට උපකාරී වනවා. එනම් ජලය අවශෝෂණයට, වැඩිපුර මේදය ඉවත් කිරීමට, බඩවැල් සුද්ද පවිත්‍ර කිරීමට, බඩවැල් වල ක්‍රමකුන්චන තරංග නිසි පරිදි ඇති වීමට මෙම තන්තු උපකාරී වෙනවා. නමුත් මස්, හා කිරි වල තන්තු කිසිවක් නෑ. තන්තු අඩංගු එකම ප්‍රබවය ශාක ආහාරයි.


31)  සත්වමය ආහාරවල සතුන්ගේ බහිස්රවී ද්‍රව්‍ය අඩංගු විය හැකියි. එනම් අඩ්රිනලින් හෝමෝන, මුත්‍රා, යුරික් අම්ල ආදිය සත්ව ආහාරවල ඇත. නිදසුනක් ලෙස; ඔබ hambarg ආහාරයට ගෙන තිබේද? එහි රසය ඇති කිරීමට එක කරන ද්‍රව්‍ය වල සෝස් හැරුණු විට ඇත්තේ සත්ව රුඩිරය හා මුත්‍රයි. තව දුරටත් hamburg කෑමට ගන්නවද?


32)  සත්වමය ආහාරවල අධික ප්‍රෝටීන ප්‍රමාණයක් ඇත. මෙසේ ආහාරයට අධිකව ප්‍රෝටීන එක් වීමෙන්, රුදිරයේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි විය හැකි අතර, එය පසු කාලිනව විශාල වශයෙන් රෝග වලට වග කියනු ලැබේ.


33)  ඔබට නිර්මාංශ වීමෙන් දිර්ගායුෂ ලැබෙනු ඇත. මා කලින් පැවසූ ලෙසට, මස් ආහාරයට ගැනීමෙන් ඔබව රෝගී වීමට ඇති සම්භාවිතාව වැඩි වීම යනු, ඔබ ජිවත් වන වර්ෂ ගණන අඩු වීම නොවේද? වර්ෂ 100 කටත් අධිකව ජිවත් වන පුද්ගලයන් සැලකුවහොත් ඔවුන් අනිවාර්යෙන්ම පවසනුයේ ඔවුන් මස් වලින් තොර ජිවන රටාවකට හුරුව තිබු බවයි.


34)  ඒ විතරක් නොවේ. ඔබ දැනට ජිවිතයේ අත් විදින සුවයට වැඩි සුවයක් නිර්මාංශ වීමෙන් ඔබට අත් විදිය හැකියි.

ඔබේ ආර්ථිකයට පහසුවක්...

35)  මස් අනුබව කිරීමෙන් ඔබ රෝගී වන්නේ නම්, ඔබ අනිවාර්යෙන් ඒ සඳහා මුදල් වැය කල යුතුයි. නමුත් නිර්මාංශ වීමෙන් ඔබ නිරෝගී වීම නිසා විවිද රෝග සඳහා වැය කල යුතු මුදල් ඔබ අත ඉතිරි වේ. ඉතින් එය ඔබේ ආර්ථිකයට පහසුවක් නෙමේද?

36)  එමෙන්ම නිර්මාංශ ආහාර, සත්ව ආහාර වලට වඩා මිලෙන් අඩු නැද්ද?


සදාචාරාත්මකව ගත්තොතින්,

37)  මා සතුන්ට ආදරය දක්වන කෙනෙක් බවට පත් වනු ඇත. මම මට දක්වන ආදරය තරම්ම ම අනෙක් සතුන්ට ආදරය කරමි.


38)  සතුන් තදබල ලෙස ගල් කර ඇති කරනවට මා හට එකහෙලාම විරුද්ධ විය හැකියි. (මස් කැමම යනු සතුන්ට ආදරය නො දක්වන එක නෙමෙයිනේ) මා මස් කන්නේ නම්, මස් පිණිස සතුන් සිර කර දුක්කිතව ඇති කරනවට මා විරුද්ද වන්නේ කෙසේද?


39)  මා නිර්මාංශ වීමෙන් ම සියලුම සත්ව ජිවිත වලට ගරු කිරීමේ සචේතනික හැඟීම මා තුල ඇති වේ.




40)  මා මස් අනුබව කරන කෙනෙක් නම්, මස් පිණිස සතුන් ඝාතනය කිරීමේ ව්‍යාපාරවලට මා ද දායක වනු ඇත. ඔවුන් සතුන් මරන්නේ, අපට අනුභව කරන්න නෙමේද? එනිසා මා නිර්මන්ශීය.


41)  ඔබට මස්, අනුබව නොකර සිටිය නොහැකිද? ඔබට ඒ ආශාව මදක් කැප කරන්න නොහැකිද? නමුත් සතෙකුට ඔබේ ආශාව හා තෘප්තිය වෙනුවෙන් තම ජීවිතය කැප කරන්න හැකි නම්, ඇයි ඔබට තවත් සතෙකුගේ ජීවිතය රැක ගැනීමට, ඔබේ ආශාව මදකට කැප කල නොහැක්කේ? කෙතරම් ඛේධ ජනකද?


42)  නිර්මාංශ වීමෙන් මා සම්පුර්ණයෙන්ම ස්වභාවිකයි. මගේ දත්, මස්, බඩවැල්, සෑම එකක්ම තනිකරම ස්වභාවිකයි. මගේ මේ ශරීරිය වෙනත් සතුන්ගේ සහයකින් තොරව මට තනිවම පවත්වා ගත හැකි වීමෙන් ම තුල ස්වයං ආඩම්බරයක් ඇති නොවේද? එය ඔබ තුලත් ඇති වන්නේද?


43)  කර්මයක් කියල දෙයක් තිබේනම් මට අනිවාර්යෙන්ම විද වීමට සිදු වේ. මස් ආහාරයට ගැනීමෙන්, ම සත්ව ඝාතනයකට හවුල් නොවන්නේද? ඒ පව මට ගෙවීමට සිදු වෙනු ඇත.


44)  නිර්මාංශ වීමෙන් මං අවිහිසාව අගයන පුද්ගලයෙක් වනු ඇත .


45)  නිර්මාංශ පුද්ගලයන් සිටින ලෝකයක යුද්ධ ඇති නොවනු ඇත, සාමය ඉහලින්ම ආරක්ෂා වනු ඇත.

46)  මට පැහැදිලි හර්දය සාක්ෂියක් තිබෙනු ඇත. මා කරන කියන දේ නිවැරදි බව මම දනිමි. "මස් අනුභාවයෙන් තොර වීමට" මා ගත් තීරණයේ ඇති නිවැරදි තාවය මට හොදින්ම වැටහෙනු ඇත.


47)  නිදසුනක් ලෙස; ම නිර්මන්ෂිව සිටින්නේ මා අවට ඇති අයගේ ජිවිත ආරක්ෂා කිරීමටයි. මගේ හර්ද සාක්ෂියට එකඟව මා ගත් නිවැරදි තීරණය එයයි.


48)  සෑම මස් ආහාරයක් සඳහාම ආදේශ, වූ පහසුවෙන් සොයා ගත හැකි ශාකමය ආහාර ඇත. හතු මෙවැනි ආදේශකයක් නොවේද?




49) සත්ව අහරවල අඩංගු යකඩ පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත නොහැකි අතර, ශාක ආහාරවල අඩංගු යකඩ එසේ නොවේ.






just ignore the sinhala typing mistakes. k? ..... its hard to type properly : )