Adbrite

Wednesday, October 3, 2012

ශාකමය ආහාර අනුබව කිරීමේ වාසි 49ක්.

ඔබ Vegetarian කෙනෙක්ද? 



මාහට මෑතකදී පැමිණි ඊමේල් පණිවිඩයකින් පරිගණක තිරය මත ගෙන හැර පෑවේ, මා කිසි විටෙක නොසිතු ඉතාමත් කෘර ඡායාරුප පෙළකි. ඒවා මෙතන පළ නො කිරීමට බලාපොරොත්තු වන්නේ එය එතරම් සදාචාර සම්පන්න නොවන නිසාය. මස් පිණිස සතුන් ගාතනය කිරීම සම්බන්ද එම ඡායාරුප මා තුළ ඇති කරේ බලවත් කැළබිමකි. නමුත් ඒ කෘර කාර්යට හවුල් නොවීම ගැන මා හට ඇති වුයේ කියා නිම කල නොහැකි අන්දමේ තෘප්තියකි.

මන්ද යත් එම email එක ලැබෙන විට පවා මා vegetarian කෙනෙකු නිසාය. මා මේ blog article එක ලිවීමට පවා තීරණය කරේ මස් වලට ගිජුව, අසරණ සතෙකුගේ ජීවිතය ගිල ගැනීමට ඔබත් නොදන්නා කම නිසා ඉබේම යොමු වීම අබමල් රේණුවකින් හෝ අඩු කිරීමටයි.

 ඉතින් මගේ මේ article එක කාගේ හෝ මස් සඳහා ඇති ආශාව යම් තරමකින් හෝ අඩු උනේද, මේ වයම සාර්ථක වුනේ යයි මට සිතිය හැකිය.

. කලකට පෙර මාද මස් අනුභව කරන්නෙකු වීමි. නමුත් එහි ආදීනව බොහෝ දෙන මට පැවසූ අතර, මගේ ඒකමතික තීරණය වුයේ මස් නොමැතිව මනුස්ස ජිවිතයක් පවත්වා ගෙන යා නොහැකි බවයි. කෙසේ වෙතත් අද මා මගේ ඒ මෝඩ තීරණය වෙනස් කරගෙන ඇති අතර, මස් කෙනෙකුගේ ජිවිතයකට කිසි සේත්ම අනවශ්‍ය බව මම පෞද්ගලික අත්දැකීමෙන් දනිමි.

මස් අනුභව කිරීමේ ආදීනව පවසනවාට වඩා මා සිතුවේ, ශාක නිෂ්පාදන අනුබව කිරීමේ වාසි ඔබට පැවසීමටයි. ඉතින් අන්තර්ජාලයෙන් සහ පොත් පතින් සොයා ගත කරුණු 49ක් මෙසේ ඔබට දක්වමි.

පරිසරය සම්බන්ධව,

1)  ශාක නිෂ්පාදන අනුභව කිරීමෙන් ඔබට නැති වී යන පොසිල ඉන්ධන රැක ගැනීමට දායක විය හැකිය. ඒ කොහොමද? හරක් මස් වල අඩංගු ප්‍රෝටීන් කැලරි 1ක් නිපදවීම සඳහා පොසිල ඉන්ධන කැලරි 78ක් වැය වේ. එසේම උරු මස් හා කුකුළු මස් ප්‍රෝටීන කැලරි 1ක් සඳහා පිළිවෙලින් පොසිල ඉන්ධන කැලරි 35 ක් හා 22ක් වැය වේ, ඉතින් ශාක නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් ඔබ පොසිල ඉන්ධන රැක ගැනීමටත් එහෙම නැත්නම් හදිසි ලෙඩෙක් කිලෝ මීටරයක් අතින් ඇති රෝහලකට ගෙන යාමට පෙට්‍රල් බිඳුවකින් දායක වීමටත් ඔබට හැකි නොවේද?

2)  ශාක නිෂ්පාදන නිපද වීමට වැය වන ජලය ප්‍රමාණය වගේ 3-15 ගුණයක ජලය ප්‍රමාණයක් සත්ව ප්‍රෝටිනමය ආහාර නිපද වීමට වැය වේ. ඉතින් vegetarian කෙනෙකු වීමෙන් ම ජලය රැකගැනීමට දාක නොවන්නේද?

3)  ධාන්‍ය වැනි ආහාර ඵලදැයි ලෙස භාවිතා කිරීමට මට හැකිය. හරක් මස් රාත්තලක් නිපදවීමට සොයා බෝංචි, හා වෙනත් ධාන්‍ය රාත්තල් 15ක් පමණ අවශ්‍ය වේ. එසේම, කුකුළු මස් හා බිත්තර රාත්තලක් සඳහා ධාන්‍ය රාත්තල් 6ක් පමණද වැය වේ. ඉතින් ධාන්‍ය කෙලින්ම මගේ ආහාර සදහා යොදවා ගැනීමෙන්, ලෝකයේ තව මිනිසුන් කි දෙනෙකුගේ කුසගින්න නිවීමට මට හැකි වේද?


4)  ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු සරු පස රැක ගැනීමට මට හැකිවේ. ධාන්‍ය සහ රනිල කුලයේ ශාක වඩාත් ඵලදායි ලෙස( ඉහත ආකාරයට) භාවිතා කිරීමෙන්, පොළොවේ මතුපිට පසෙකි සාරවත් භාවය රැක ගැනීමට මට හැකි වේ.

5)  ඇයි වනාන්තර ආරක්ෂා කිරීම ලෝකයේ නිවර්තන වනාන්තර රැසක් දිනපතාම නිරපරාදේ විනාශ කරනු ලැබේ.ඒ කුමකටද? ඉහල යන ජන ගහනයට සත්ව ආහාර නිපදවීමට, අවශ්‍ය සත්ව පාලන කටයුතු සදහා ඉඩ ලබා ගැනීමටයි. සත්ව නිෂ්පාදන වලට "එපා" කිවීමෙන්, නැවත ඇති කිරීම අති දුෂ්කර ස්වාභ ධර්මයේ මෙම වනාන්තර කොල්ලය අක්කරයකින් හෝ අඩු කිරීමට මම දායක වෙමි. වනාන්තර අපි අග්‍රනය කරන වාතය පිරිසිදු කිරිමටත්ම්, ඖෂද නිපදවීම සදහාත් ඍජුවම දායක වන බව ඔබ නොදන්නවා නෙමෙයි නේද?

ඔබේ සෞඛ්‍ය සම්බන්ධව,

6)  කුමන අන්දමේ ආකාරයකින් සත්ව ආහාර ඔබට සංග්‍රහ කළද, ඒවා ශාක ආහාර තරම් ඔබේ ඉඳුරන් පිනවයිද? නැහැ. 5 star හෝටලයක් වේවා, ඔබේ නිවසේ පවත්වන සාදයකදී හෝ වේවා, සත්ව ආහාර නිසා ඔබ තෘප්තිමත් වන්නේ නම් , එසේ වන්නේ ඔබ එයට ඇබ්බැහි වීම නිසා පමණක් වන අතර, නැත්නම්, එමගින් ඇත්තටම ඔබගේ ඉඳුරන් පින වෙන නිසා නොවේ. මන් vegetarian ආහාර ගැනීමෙන් හොදින් ඉඳුරන් පිනවා ගනිමි.

7)  ශාකමය ආහාර පෝෂක වලින් උණ නැත.( No deficiencies ) මේ ලෝකේ ඉන්න කුමන සාමාන්‍ය පුද්ගලයෙකු වේවා, ඔහුගේ හෝ ඇයගේ, ජිවිතයට අවශ්‍ය කිසිම පෝෂණ ගුණයක් ශාක ආහාරවල අඩු නැත.


8)  සත්ව ආහාර වල මේදය හා කොලස්ටරෝල් බහුලයි. ශාක ආහාර වලට සාපේක්ෂව නම් මේක ඉතාම ඉහළ අගයක්. විශේෂයෙන්ම, සත්ව ආහාර වල සංතෘප්ත මේදය අඩංගු වෙනවා. ශාක ආහාරවල කොලෙස්ටෙරෝල් නොමැති බව ඔබ දන්නවද?

9)  සත්ව ආහාරවල කාබෝහයිඩ්රේට නැත. විශේෂයෙන්ම සාමාන්‍ය දිවි පෙවෙතක් සඳහා අවශ්‍ය පිෂ්ටය සත්ව ආහාර වල බොහෝ විට නැත.නමුත් ශාක අහාර මින් පරිපුර්නයි.

10) සත්ව ආහාරවල විටමින්ප්‍රමාණ අඩුයි. (B සංකීර්ණය හැර) නමුත් ශාක ආහාර වල විටමින් ඕනේ තරම් ඇත.



11) කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය වැඩියෙන් අඩංගු වන්නේ සත්ව ආහාර වලද ශාක ආහාර වලද? සත්ව ආහාර වලයි. ආහාර දාම වල ඉහල පුරුක් වල සිටින්නේ සතුන් නිසා, සත්ව ආහර වල රසායනික ද්‍රව්‍ය අති විශාල සන්ද්‍රනයන්ගෙන් අඩංගුයි. කෘමිනාශක , වල්නාශක මෙවැනි රසායනික ද්‍රව්‍ය වේ.


12)සත්ව අහර වල විවිද ඖශද (livestock drugs ) ඇත. දැනට විසි දහසකට (20 000) කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් එනම් ස්ටේරෝල්(ස්ටේරෝල්ස්) , ප්‍රති ජිවක, හෝර්මෝන, සහ වෙනත් පශු ඖෂධ මස් සදහා ඇති කරන සතුන්ට ලබා දෙනු ලැබේ. එනිසා සත්ව ආහාර අනුභව කරන විට මේ අනේක විධි ඖෂධ වර්ග ඔබත් අනුභව කරන බව අමතක කරන්න එපා. මින් මතුව ඔබට ලැබෙන අහිතකර විපාක අති මහත්ය. ඒ අතින් මස් අනුබව කරන්නන්ට වඩා, vegetarian කෙනෙක් වූ මගේ සිරුර නිරෝගිය.


13) ව්‍යදිජනක ක්ෂුද්‍රජිවින් රැසක් සත්ව මස් හා මළ කුණු තුළ වාසය කරයි. මේ අතර වයිරස, බැක්ටීරියා, ප්‍රමුඛ ස්ථානයක් ගනී. බොහෝ වෙලාවට මොවුන් අති භයානකය. ඉතින් සත්ව මස් ආහාරයට ගන්නා විට, ඒ ක්ෂුද්‍ර ජීවින්ද අප ආහාරයට ගනියි. ශාක ආහාර වලද ක්ෂුද්‍රජිවින් නැතුවක් නෙමෙයි, ඒවායේ ඇති බයානක කම හා ව්‍යදිජනකතාවය සත්ව ආහාර වල ක්ෂුද්‍රජිවින්ට සාපේක්ෂව ඉතා අවමයි.


14)  ඇයි පනුවන් හා පරපෝෂිතයින්? උනුත් සත්ව ආහාර වල බහුල ජීවින්.


15)  සත්ව ආහාර වලට වඩා ශාක ආහාර වැඩි කලක් තබා ගන්න පුළුවන්. ඔබටම මෙය නිවසේදී අත් හදා බැලිය හැකියි. සමාන ප්‍රමාණ වලින් නිවිති හෝ වෙනත් පලා කැබැල්ලක් හා සොසේජස් වැනි මස් කැබැල්ලක් දවසක් විවෘතව තබන්න. බැලීමට වඩාත් අප්‍රිය කුමක්ද? වඩාත් දුගද හමන්නේ කුමක්ද?


16)  ශාක ආහාර නරක් වන බව ඔබට කල් තියාම දන ගත හැකියි. ඒවායේ ස්වරුපය වෙනස් වීමෙන්, ඒවා තුල ව්‍යදිජනක ජීවින් හට ගෙන ඇති බවත් පහසුවෙන් කිවිය හැකියි. නමුත් සත්ව ආහාර? ඔබ නිර්මාංශ නොවේ නම්, වැරදීමකින් කුණු මස්, ආහාරයට ගෙන ලෙඩ වූ අවස්ථාවක් සිහියට නැගේද? ඒ මස් ඔබ ආහාරයට ගත්තේ කුණු බව දැන දැන ද? එහෙමන්, සත්ව ආහාර කුණු වූ (විෂ වූ බව) බව කලින් දැන ගන්න බැහැ නේද? (බොහෝවිට)

17)  හදවත් රෝග? සත්ව ආහාර හදවත් රෝග සඳහා ඇති සම්භාවිතාව ඉතාම තදින් ඉහල නංවයි. හදවත් රෝග ලෝකයේ වැඩිම මරණ සන්ක්‍යවකට වග කියනු ලැබේ.


18)  ශාක ආහාර ඔබව පිලිකා වලින් ආරක්ෂා කරවනු ලබයි. සියලුම ස්වභාවික පිලිකා මර්දන කාරක (විටමින් ච, Beta කරොටින්, ආදී වශයෙන්) කිසිවකින් සතුන්ගෙන් ව්‍යුත්පන්න වූ දෙයක් මෙතෙක් හමු වී නැත. එමෙන්ම මස් පිසින විට බෙන්සීන් සංයෝග, සහ වෙනත් පිලිකා කාරක සංයෝග සැදේ. පිළිකාවක් සුව කරන වටා වැඩ වැදගත් වන්නේ, එය වලක්වා ගැනීමයි. ඔබ හොඳින් දන්නා සොයා බෝංචි වල පවා , ප්‍රෝටියෙස නිශේදක අඩංගු වේ. මෙය ඉතා ප්‍රබල ප්‍රති පිළිකා කාරකයකි(anticancer compound ). නමුත් මෙය සත්ව ආහාර වල සැලකිය යුතු හා ප්‍රමාණවත් ප්‍රමාණ වලින් කිසි විටෙක හමු නොවේ.


19)  සත්ව ආහාර අනුභවය ඔබව රෝගියෙක් බවට පත් කරවයි. මස් අනුභවයත්, ඉතා පුළුල් පරාසයක පැතිරුණු පිරිහෙන රෝග ගණනාවක් අතර ඇත්තේ විශාල සහ සම්බන්ධයක්(correlation)මෙම රෝග අතර,

20)  ඔස්ටියෝපොරෝසිස්

21)  වකුගඩු ගල්

22)  දියවැඩියාව

23)  බහු ජරඨතාව(multiple scelorosis )

24)  ආතරයිටිස්

25)  චර්ම රෝග
 
26)විදුරු මස් රෝග




27)  තරබාරුකම. සාමාන්යෙන් මස් අනුබව කරන්නන්ට වඩා, නිර්මාශ අය සිහින් සිරුරු වලට හිමකම් කියනු ලබයි. තරබාරු කමත් එක්තරා ආකාරයක රෝගයක් බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. වැඩිපුර මස් අනුභව කරන යුරෝපියන් අතර තරබාරුකම වඩාත් බහුලයි.


28)  වැඩිපුර මස් අනුබව කරන්නන් ඉතා බහුලව Intestinal Toxemia.නම් රෝගයට පහසුවෙන්ම ගොදුරු විය හැකියි. (Intestine -අන්ත්‍රය) සත්ව ආහාර නිසා මහා අන්ත්‍රය කුණු වීමටද ලක් විය හැකියි.


29)  සත්වමය ආහාර වලට ජීර්ණය සදහා, ආහාර ජීර්ණ මාර්ගය හරහා ගමන් කිරීමට ගතවන්නේ , ශාක ආහාර වලට සාපේක්ෂව කෙටි කාලයක්. මෙනිසා ආහාර සම්පුර්ණව ජීර්ණය නොවන අතර, ඒවා තුළ ඇති විෂබීජ ද සම්පුර්ණයෙන් විනාශ වීමට ලක් නොවෙයි. මෙනිසා විවිද විෂබීජ නිසා දේහයට පහසුවෙන් රෝග ඇති විය හැකියි.


30)  සත්වමය ආහාර වල තන්තු අඩංගු නැත. මොනවාද මේ තන්තු? මෙම තන්තු බොහෝ කාර්යන්ට උපකාරී වනවා. එනම් ජලය අවශෝෂණයට, වැඩිපුර මේදය ඉවත් කිරීමට, බඩවැල් සුද්ද පවිත්‍ර කිරීමට, බඩවැල් වල ක්‍රමකුන්චන තරංග නිසි පරිදි ඇති වීමට මෙම තන්තු උපකාරී වෙනවා. නමුත් මස්, හා කිරි වල තන්තු කිසිවක් නෑ. තන්තු අඩංගු එකම ප්‍රබවය ශාක ආහාරයි.


31)  සත්වමය ආහාරවල සතුන්ගේ බහිස්රවී ද්‍රව්‍ය අඩංගු විය හැකියි. එනම් අඩ්රිනලින් හෝමෝන, මුත්‍රා, යුරික් අම්ල ආදිය සත්ව ආහාරවල ඇත. නිදසුනක් ලෙස; ඔබ hambarg ආහාරයට ගෙන තිබේද? එහි රසය ඇති කිරීමට එක කරන ද්‍රව්‍ය වල සෝස් හැරුණු විට ඇත්තේ සත්ව රුඩිරය හා මුත්‍රයි. තව දුරටත් hamburg කෑමට ගන්නවද?


32)  සත්වමය ආහාරවල අධික ප්‍රෝටීන ප්‍රමාණයක් ඇත. මෙසේ ආහාරයට අධිකව ප්‍රෝටීන එක් වීමෙන්, රුදිරයේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි විය හැකි අතර, එය පසු කාලිනව විශාල වශයෙන් රෝග වලට වග කියනු ලැබේ.


33)  ඔබට නිර්මාංශ වීමෙන් දිර්ගායුෂ ලැබෙනු ඇත. මා කලින් පැවසූ ලෙසට, මස් ආහාරයට ගැනීමෙන් ඔබව රෝගී වීමට ඇති සම්භාවිතාව වැඩි වීම යනු, ඔබ ජිවත් වන වර්ෂ ගණන අඩු වීම නොවේද? වර්ෂ 100 කටත් අධිකව ජිවත් වන පුද්ගලයන් සැලකුවහොත් ඔවුන් අනිවාර්යෙන්ම පවසනුයේ ඔවුන් මස් වලින් තොර ජිවන රටාවකට හුරුව තිබු බවයි.


34)  ඒ විතරක් නොවේ. ඔබ දැනට ජිවිතයේ අත් විදින සුවයට වැඩි සුවයක් නිර්මාංශ වීමෙන් ඔබට අත් විදිය හැකියි.

ඔබේ ආර්ථිකයට පහසුවක්...

35)  මස් අනුබව කිරීමෙන් ඔබ රෝගී වන්නේ නම්, ඔබ අනිවාර්යෙන් ඒ සඳහා මුදල් වැය කල යුතුයි. නමුත් නිර්මාංශ වීමෙන් ඔබ නිරෝගී වීම නිසා විවිද රෝග සඳහා වැය කල යුතු මුදල් ඔබ අත ඉතිරි වේ. ඉතින් එය ඔබේ ආර්ථිකයට පහසුවක් නෙමේද?

36)  එමෙන්ම නිර්මාංශ ආහාර, සත්ව ආහාර වලට වඩා මිලෙන් අඩු නැද්ද?


සදාචාරාත්මකව ගත්තොතින්,

37)  මා සතුන්ට ආදරය දක්වන කෙනෙක් බවට පත් වනු ඇත. මම මට දක්වන ආදරය තරම්ම ම අනෙක් සතුන්ට ආදරය කරමි.


38)  සතුන් තදබල ලෙස ගල් කර ඇති කරනවට මා හට එකහෙලාම විරුද්ධ විය හැකියි. (මස් කැමම යනු සතුන්ට ආදරය නො දක්වන එක නෙමෙයිනේ) මා මස් කන්නේ නම්, මස් පිණිස සතුන් සිර කර දුක්කිතව ඇති කරනවට මා විරුද්ද වන්නේ කෙසේද?


39)  මා නිර්මාංශ වීමෙන් ම සියලුම සත්ව ජිවිත වලට ගරු කිරීමේ සචේතනික හැඟීම මා තුල ඇති වේ.




40)  මා මස් අනුබව කරන කෙනෙක් නම්, මස් පිණිස සතුන් ඝාතනය කිරීමේ ව්‍යාපාරවලට මා ද දායක වනු ඇත. ඔවුන් සතුන් මරන්නේ, අපට අනුභව කරන්න නෙමේද? එනිසා මා නිර්මන්ශීය.


41)  ඔබට මස්, අනුබව නොකර සිටිය නොහැකිද? ඔබට ඒ ආශාව මදක් කැප කරන්න නොහැකිද? නමුත් සතෙකුට ඔබේ ආශාව හා තෘප්තිය වෙනුවෙන් තම ජීවිතය කැප කරන්න හැකි නම්, ඇයි ඔබට තවත් සතෙකුගේ ජීවිතය රැක ගැනීමට, ඔබේ ආශාව මදකට කැප කල නොහැක්කේ? කෙතරම් ඛේධ ජනකද?


42)  නිර්මාංශ වීමෙන් මා සම්පුර්ණයෙන්ම ස්වභාවිකයි. මගේ දත්, මස්, බඩවැල්, සෑම එකක්ම තනිකරම ස්වභාවිකයි. මගේ මේ ශරීරිය වෙනත් සතුන්ගේ සහයකින් තොරව මට තනිවම පවත්වා ගත හැකි වීමෙන් ම තුල ස්වයං ආඩම්බරයක් ඇති නොවේද? එය ඔබ තුලත් ඇති වන්නේද?


43)  කර්මයක් කියල දෙයක් තිබේනම් මට අනිවාර්යෙන්ම විද වීමට සිදු වේ. මස් ආහාරයට ගැනීමෙන්, ම සත්ව ඝාතනයකට හවුල් නොවන්නේද? ඒ පව මට ගෙවීමට සිදු වෙනු ඇත.


44)  නිර්මාංශ වීමෙන් මං අවිහිසාව අගයන පුද්ගලයෙක් වනු ඇත .


45)  නිර්මාංශ පුද්ගලයන් සිටින ලෝකයක යුද්ධ ඇති නොවනු ඇත, සාමය ඉහලින්ම ආරක්ෂා වනු ඇත.

46)  මට පැහැදිලි හර්දය සාක්ෂියක් තිබෙනු ඇත. මා කරන කියන දේ නිවැරදි බව මම දනිමි. "මස් අනුභාවයෙන් තොර වීමට" මා ගත් තීරණයේ ඇති නිවැරදි තාවය මට හොදින්ම වැටහෙනු ඇත.


47)  නිදසුනක් ලෙස; ම නිර්මන්ෂිව සිටින්නේ මා අවට ඇති අයගේ ජිවිත ආරක්ෂා කිරීමටයි. මගේ හර්ද සාක්ෂියට එකඟව මා ගත් නිවැරදි තීරණය එයයි.


48)  සෑම මස් ආහාරයක් සඳහාම ආදේශ, වූ පහසුවෙන් සොයා ගත හැකි ශාකමය ආහාර ඇත. හතු මෙවැනි ආදේශකයක් නොවේද?




49) සත්ව අහරවල අඩංගු යකඩ පහසුවෙන් ශරීරයට අවශෝෂණය කරගත නොහැකි අතර, ශාක ආහාරවල අඩංගු යකඩ එසේ නොවේ.






just ignore the sinhala typing mistakes. k? ..... its hard to type properly : )


1 comment: