ජපානයේ අලුත්ම දුම්රිය - Hayabusa
අපි මෙච්චර කල් ඉන්ටෙර්නෙට් money ගැන කතාකලා, ඒවගේම ජිවිතේ ජයගන්න හැටි, vegetarian life එකකට පුරුදු වෙන හැටිත් කතා කරා. එත් මන් අද කියන්න හිතුවේ සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් ගැන. ඒ තමයි දුම්රියක් ගැන! දැන් කියන්න එපා අපි දුම්රිය ගැන හොදට දන්නවා කියල. මේක ලංකාවේ එහෙම දුවන එකක් නෙමේ... මේක තියෙන්නේ ජපානයේ.දුම්රියක් කිවුවට මේකේ අසාවකටවක්වත් දුම් ටිකක් නෑ(විදුලි දුම්රියක්නේ) . අනිත් එක, ඇතුලේ දුම් බිම තහනම් කියල ලියලත් තියෙනවා. එහෙනම් අහවල් එකකටද දුම්රියක් කියන්නේ?

එනිසා හයබුසා දුම්රියට කිලෝ මීටර් 675 ක් දිගු ගමනක් සදහා ගත වන්නේ පැය 3යි මිනිත්තු 10 කි. ටෝකියෝ අගනගරයේ ඉදල Aomori දක්වා මේවනවිට දිනකට ගමන් වාර 3ක් තියෙනවා.
හයබුසා දුම්රියේ තියෙන ලක්ෂණ වලින් ඉදිරියෙන්ම ඇත්තේ සැපපහසුව හා මෝස්තරයයි. මෙම දුම්රියේ පලවෙනි පන්තියේ මැදිරියක යාමට යෙන් 26 360ක්(Rs.37,335.65 ) පමණ ගෙවන්න සිදු වෙනවා. ගමන අතර තුර ආහාර පන වලින් ඔබට ඉහලින්ම සැලකීමට සෑම මැදිරියකටම සාත්තු සේවිකාවක් බැගින්ද සිටිනවා. මහනිසි වෙලා ඉන්න විට කකුල් දෙක ඇති පදම් දිග හැරගෙන, විවේක ගන්න නම් මේකේ තියෙන leather seats කියපු බණ්ඩයක්.
මේ දුම්රියේ යනවිට දකින්නට ලැබෙන්නෙත් අපුරු දර්ශන. Aomori ප්‍රන්තයේ ප්‍රසිද්ද ඇපල් වතු, Towada විල, Osore හා Hakkoda කඳු පන්ති මේවායින් කිහිපයක්.
මෙම දුම්රිය ගමන ආරම්භ කල පළමු දිනයේ අපුරු සිදුවීමක් වෙලා තියෙනවා. ඒ තමයි වේදිකාවේ සිටිය මගියෙක් දුම්රිය මාර්ගයට අද වැටීම. මෙම මගියා ආපසු යහතින් දුම්රිය වේදිකාවට ගොඩ වෙලා හියෙනවලු. කෙසේ හෝ මේ සිද්දිය නිසා පලවෙනි දිනයේම දුම්රිය මිනිත්තු 7k ප්‍රමාද වෙලාලු ගමන අරඹ කරලා තියෙන්නේ. ඕව මොනවාද මෙහෙ වෙන දේවල් හැටියට නේද?
ජපානය කියන්නේ ආරක්ෂාකාරී හා කාර්යක්ෂම දුම්රිය සේවයක් ගැන ඉහලම වාර්තා තියපු රටක්. භුමි කම්පා වැඩියෙන්ම සිදුවෙන කලාපයක් වුනත් කිසිම දිනක Shinkansen කියන දුම්රිය සේවයේ දුම්රිය එකිනෙක ගැටීම හෝ පිලි පැනීම් කිසිවක් සිදුවෙලා නැතිලු. මේ වගේ සාර්ථක ගමනක් යන ජපන් බුලට් දුම්රිය සේවාවේ අනාගතය කෙබඳු වෙයි කියලද ඔයා හිතන්නේ? ජපානය මේ වනවිට තවත් අලුත් දුම්රියක් හදන්න අත ගහලයි තියෙන්නේ. මේ වනවිට පරීක්ෂණ ගමන් වලදී පවා පැයට කිලෝමීටර් 581ක වේගයක් ළගා කරගත්තු එම කාන්දම් බලයෙන් දුවන දුම්රිය වසර 2027දි කරලියට එයි කියලයි ජපානය බලාපොරොත්තු වෙන්නේ.
No comments:
Post a Comment