Adbrite

Tuesday, July 26, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් - මුද්‍රණය කිරීම - Printing

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මගින් අප සාදා ගන්න ලිපිගොනු මුද්‍රණය කිරීම ඉතාම පහසුවෙන් මුද්‍රණය කර ගත හැකිය. අද ලිපියෙන් අප කතා කරන්නේ එසේ යම් ලිපියක් මුද්‍රණය කර ගන්නේ කෙසේ දැයි කියායි. 

නමුත් මේ සෑම දෙයකටම මත්තෙන් ඔබේ පරිගණකයේ මුද්‍රණ යන්ත්‍රයක් ස්ථාපනය කර තිබිය යුතුය.

ප්‍රථමයෙන්ම FILE  මෙනුවෙන් OPEN තෝරාගෙන ඔබට අවශ්‍ය ලිපි ගොනුවක් විවෘත කර ගන්න.


දැන් මෙහි FILE ක්ලික් කර මතුවෙන මෙනුවෙන් PRINT ක්ලික් කරන්න. 



මුද්‍රණ යන්ත්‍රයක් තෝරා  ගැනීම.


එවිට පහත දැක්වෙන ලෙසට තවත් මෙනුවක් දර්ශනය වේ. එහි කොටු කර ඇති ප්‍රදේශයේ ඔබේ ප්‍රින්ටරය පෙන්විය යුතුය. එසේ පෙන්වන්නේ නැත්නම්, එහි ඇති කුඩා ඊතලය ක්ලික් කර එන මෙනුවෙන් ඔබේ ප්‍රින්ටරය තෝරා ගන්න.


පිටු සම්බන්ද තොරතුරු දැක්වීම.


ඉන්පසු කළ යුත්තේ ඔබට මුද්‍රණය කිරීමට අවශ්‍ය පිටු සම්බන්ධ තොරතුරු දැක්වීමයි.ඔබට පිටු සියල්ලම මුද්‍රණය කිරීමට අවශ්‍ය නම්, එසේ වෙන වෙනම දැක්විය යුතු නොවේ.


ඉහත රුපයේ මෙන්, Print Custom Range යන බට්න් එක මත ක්ලික් කර පසු ඔබට ඉහත දැක්වෙන්නක් සේ තවත් මෙනුවක් දර්ශනය විය යුතුය. එහි පළමුවන තේරීම නම්, Print All Pages යන්නයි. එය මත ක්ලික් කිරීමෙන් පිටු සියල්ලක්ම මුද්‍රණය කර ගත හැකිය.

එමෙන්ම, 

Print Selection - ක්ලික් කිරීමෙන්, ඔබ Highlight කර ඇති කොටසක් පමණක් මුද්‍රණය කර ගත හැකිය.
Print Current Page - දැනට කර්සරය තිබෙන පිටුව පමණක් මුද්‍රණය වේ.
Print Custom Range -  මෙමගින් ඔබට අවශ්‍ය පිටු පමණක් මුද්‍රණය කර ගත හැකිය. ඒ සඳහා එම පිටු වල අංකයන් කොමා මගින් වෙන් කර එහි ටයිප් කර යුතුය. උදාහරණයක් ලෙස. ඔබට දෙවැනි, පස්වැනි සහ නවවැනි වැනි පිටු මුද්‍රණය කිරීමට අවශ්‍ය නම්, පහත දැක්වෙන ලෙස Print Custom Range යන්න ක්ලික් කර,  ඉන්පසු ලැබෙන හිස්තැනෙහි පහත දැක්වෙන ලෙස ටයිප් කර යුතුය. 


එක් පැත්තක හෝ දෙපැත්ත මුද්‍රණය කිරීම.


 සාමාන්යෙන් අප මුද්‍රණය කරනු ලබන්නේ හාෆ් ශීට් කොලයේ තනි පැත්තේය. නමුත් ඇතැම් අවස්ථාවන්හිදී අපට දෙපත්තේම මුද්‍රණය කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවක බොහෝ දෙනා කරන්නේ  පිටුවක්  මුද්‍රණය කර    කොලය මුද්‍රණ යන්තරයට අනික් පැත්ත හරවා ඇතුලත් කර නැවතත් ප්‍රින්ට් කොමාන්ඩ් එක දීමයි. එය ඉතා අසීරු කටයුත්තකි. නමුත් මෙම බට්න් එක ක්ලික් කර ඇති විටෙක, පරිගණකය ස්වයංක්‍රීයව පිටුවක් හැර පිටුවක් මුද්‍රණය කර, අවසානයේ ඔබට පිටු සියල්ලම අනිත් පැත්ත හරවා මුද්‍රණ යන්ත්‍රයට දැමීමට අණ කරයි. 

එවිට ඔබ අර්ධ ලෙස  මුද්‍රණය වූ පිටු ටික නිවැරදිව ඇතුලත් කර පසු, ඉතුරු පිටු ටික මුද්‍රණය වේ. එක වර පිටු විශාල ගණනක් මුද්‍රණය කරන්නේ නම් එය ඉතා පහසු කාර්යයක් වනු ඇත.

මේ සඳහා කල යුත්තේ, පහත දක්වා ඇති කොටසේ අංග වන, Print One Sided  හෝ  Manually Print On Both Sides යන ඒවායින් ඔබට අවශ්‍ය දේ ක්ලික් කිරීමයි.





Collated අංගය ගැන දන ගනිමු.



සිතන්න ඔබ පිටු 400 යක පමණ විශාල පොතක් යහළුවන්මු දෙදෙනෙක්ට දීමට පිටපත් දෙකක් බැගින් මුද්‍රණය කිරීමට සුදානම් වන්නේ යයි. ඔබට එය ආකාර දෙකකින් මුද්‍රණය කර හැකිය. එනම්, 

1. ප්‍රථමයෙන් එක පොතක් මුද්‍රණය අවසාන කර අනෙක් පොත මුද්‍රණය කිරීමට පටන් ගැනීම. 

2. එසේ නැත්නම්. සෑම කොලයකින්ම එකවර පිටපත් දෙකක් බැගින් ගසා, පසුව ඒවා වෙන් කර පොත් දෙක සාදා ගැනීම. උදාහරණය ලෙස, 1 පිටුවෙන් පිටපත් දෙකක්ද, 2 පිටුවෙන් පිටපත් දෙකක්ද බැගින් මුද්‍රණය වේ.



ඔබ මෙම අංගයෙහි, Collated ක්ලික් කර ඇති විට මුද්‍රණය වන්නේ පලමු ආකාරයෙන්ය. Uncollated ක්ලික් කර ඇති විට දෙවැනි ආකාරයට මුද්‍රණය වේ.

Portrait සහ Landscaping ගැන දැන ගනිමු.





ඔබට ඉහත රුප වල වෙනසක් පෙනේද?  ඔබ Portrait Orientation යන්න තෝරා ගත් විට පළමු වන ආකාරයටත්, Landscape යන්න තෝරා ගත් විට දෙවැනි ආකාරයටත් මුද්‍රණය වේ,

පිටුවේ ප්‍රමාණය සැකසීම.


පහත පෙන්වා ඇති බට්න් එකෙන් කෙරෙන්නේ අපට අවශ්‍ය පිටුවේ ප්‍රමාණය තොර ගැනීමයි. සාමාන්‍යන් ලංකාවේ බහුලව භාවිත වෙන්නේ A4 ප්‍රමාණයේ කොලයි. එබැවින් පහත කොටු කර ඇති බට්න් එක ක්ලික් කර ඉන් A4 තොරා  ගන්න. 


මෙසේ නොකරන්නේ නම්, ඔබ මුද්‍රණ යන්ත්‍රයට ඇතුලත් කරන කොලයේ ඔබට අවශ්‍ය අන්දමට වඩා කුඩාවට හෝ විශාලව මුද්‍රණය වේ. එබැවින් මෙය වැදගත් කටයුත්තකි.

Margin එක සැකසීම.


මුද්‍රණය කරන පිටුවේ ඉහල,පහල, වම සහ දකුණ කොටස් වලින් අප යම් කිසි ඉඩක් ඉතුරු කර යුතුය. පිටු ඇමිණීම, ගානට කැපීම, ආදී කාර්යයන් සඳහා එසේ ඉඩ ඉතුරු කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ඉතුරු කර යුතු ඉඩ ප්‍රමාණය දැක්වෙන්නේ මෙම අංගයෙනි.. සාමාන්යෙන් එය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.  

කොළයකට අවශ්‍ය පිටු ගණන.


ඔබට එක හාෆ් ශීට් කොලයකට පිටු ගණනාවක් කුඩා කර මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් මෙම බට්න් එක ක්ලික් කර ඊට අවශ්‍ය අංගය තෝරාගන්න.

මුද්‍රණය කිරීම.


දැන් ඔබ පැමිණ ඇත්තේ අවසාන කොටසටයි. පහත රුපයේ පෙන්වා ඇති පරිදි ඔබට අවශ්‍ය පිටපත් ගණන මින් තෝරා ගන්න.. 

ඉන්පසු ඔබට කිරීම ඇත්තේ නැවතත් පහත රුපයේ ඇති පරිදි විශාල ප්‍රින්ට් බට්න් එක ක්ලික් කිර්මයි. එවිට ඔබට අවශ්‍ය පරිදි සහ ඔබ විසින් සකසා ඇති පරිදි මුද්‍රණය වීම සිදුවේ.



ගැටළු නිරාකරණය.


ඇතැම් අවස්ථාවලදී, ඔබ මුද්‍රණය වීමට අවශ්‍ය කොමාන්ඩ් එක ලබා දුන්නත් මුද්‍රණය වීමක් සිදු නොවිය හැකිය, එවැනි අවස්ථාවක පහත දේ පිමිබන්ද අවධානය යොමු කරන්න.

1. මුද්‍රණ යන්ත්‍රයේ USB කේබල් එක ගලවා තිබිය හැකිය.
2. මුද්‍රණ යන්ත්‍රය ක්‍රියා විරහිත වී තිබිය හැකිය.
3. මුද්‍රණ යන්ත්‍රයේ තීන්ත ඉවර වී තිබිය හැකිය.
4. කොළ අවසන් වී හෝ සිරවී තිබිය හැකිය.
5. කොළ සිර වී තිබිය හැකිය.
6. මුද්‍රණ යන්ත්‍රයේ උඩු පියන විවෘත කර හෝ කොළ එලියට පැමිණෙන ට්‍රේ  එක වසා තිබිය හැකිය.







Friday, July 22, 2016

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - බට්න්ස් ගැන තව දුරටත් - කොටස 3


තිරයේ පහල දකුණු කෙලවර දෙස බැලුවිට ඔබට පහත ආකාරයේ සැකැස්මක් දැකගත හැකි වනු ඇත. එහි ඇති බ්ට්න්ස් පිළිබඳව අප දැන් දන ගනිමු.

Word 2013 
Word 2007

ඔබේ මොනිටරයේ තිරය කුඩා නම්, ඔබට මෙහි ඇති විශාලන කිරීමේ ධන හෝ ඍණ ලකුණු මත ක්ලික් කිරීමෙන් ඔබට දිස්වන ප්‍රමාණය අඩුවැඩි කර ගත හැකිය. එසේත් නැත්නම්, මැද ඇති කුඩා ඊතලය වමට ගෙන යාමෙන් පිටුව කුඩා කරගැනීමටත්, දකුණට ගෙන යාමෙන් විශාලනය කරගැනීමටත් ඔබට හැකිය. සාමාන්යෙන් මෙය 100% ලෙස පවතී.

වර්ඩ් 2007 වල නම්, ඉහත සඳහන් කර විශාලනය කිරීමේ බටන්ස් වලට මදක් ඉහලින්, ඉහලට සහ පහලාට යොමු වුනු  තවත් ඊතල දෙකක් දිස්වේ. ඒවා මගින් පිටුව ඉහලට සහ පහලට ගෙන යාම  සිදුවේ.  ඒ බ්ට්න්ස් දෙක මැද ඇති රවුම ක්ලික් කිරීමෙන් (පහත රුපය බලන්න) විවධ දේ පහසුවෙන් කර ගත හැකි ShortCuts නමින් හඳුන්වන තවත් මෙනුවක් විවෘත වේ. ඒවාට අදාල ක්‍රියාවන් මවුස් එකේ ඊතලය  මතට ගෙන යාමෙන් ඔබට දැන ගත හැකි වේ..


------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.



මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - විවෘත කර ගැනීම සහ සාමාන්‍ය සැකැස්ම - කොටස 2

මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයෙන් වැඩ ගැනීමට පෙර එය ඔබේ පරිගණකයේ විවෘත කර ගත යුතුය. නමුත් එය  කරනා ආකාරය එක් එක්  වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් වේ. එබැවින් ඒ සඳහා ඔබේ මෙහෙයුම් පද්ධතිය කුමක්දැයි ඔබ දැන සිටිය යුතුය.

ඔබ වින්ඩොව්ස් XP, Vista හෝ Seven පරිශීලකයෙක් නම්,


  • Start Button එක මත ක්ලික් කර All Programs වෙත යන්න. ඉන් පසු එන මෙනුවෙන්, මිMicrosoft Office තෝරා ගන්න. 
  • එම මෙනුවේ Microsoft Word නම්, තේරීම ක්ලික් කරන්න.
  • එවිට Microsoft Word  විවෘත වෙනු ඇත.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විවෘත වූ පසුව, ඔබට එහි මැද විශාල සුදු අවකාශයක් දැකගත හැකිය. ඔබ සියලුම නිර්මාණයන් හා ලිපිලේඛන යතුරු ලියනය කරනු ලබන්නේ මෙම සුදු අවකාශයේය. එය සුදු පැහැති කොලයකට සම කල හැකිය.




සුදු අවකාශයට ඉහලින් ඇති කොටස හඳුන්වනු ලබන්නේ රිබන් එක නමිනි. එය ඇත්තෙන්ම අලංකාර රිබන් එකක් මෙන් දිස්වේ.. ටයිප් කිරීමේදී අකුරු වල ප්‍රමාණය, වර්ගය, පින්තුර, වගු  එකතු කිරීම, ව්‍යාකරණ නිවැරදි කිරීම ආදී සැම ක්‍රියාවකටම අදාල බටන්ස් ඇත්තේ මෙම රිබන් එකෙහිය.

රිබන් එක Tabs නමින් තවත් කොටස් වලට බෙදා තිබේ. ඒවා නම්, Home, Insert, Page Layout, Referrence, Mailing ආදිය වේ.

එම එක් එක් Tab එක මත ක්ලික් කර ඒවායේ ඇත්තේ කුමන කුමන buttons දැයි  විමසා බලන්න. එක එක බට්න් එක මතට ඔබේ මවුස් එකේ ඊතලය ගෙන ගිය විට ඊට අදාළ නම දිස්වනු ඇත.

මෙසේ එක් එක අංගය විපරම් කර පසු නැවතත් ඔබ Home tab එක වෙත පිවිසෙන්න. අපට අත්‍යවශ්‍ය බොහෝ බටන්ස්  මෙම tab eke පවතී. එනම්, ormatting, alignment, cut, copy and paste ආදියයි. එම එක් එක් බටන් එකෙන් වෙන කාර්යය අප පසුව විමසා බලමු.

------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.








මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - Save කරන ආකාරය

අපි යම් කිසි ලිපියක් හෝ වෙනත් නිර්මාණයක් කරමින් සිට මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය, හදිසියේ හෝ යම් හෙයකින් වසා දමන්නේ යයි සිතන්න. නමුත් අපට එම ලිපිය හෝ නිර්මාණය නැවතත් යම් දිනක නැරඹිමට  අවශ්‍ය වේ  . එසේ නම් ඒ සඳහා එම ලිපිය අපට නැවතත් විවෘත කර ගැනීමේ  හැකියාව තිබිය යුතුය..

ඇත්තෙන්ම ඒ පහසුකම මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුල ලබා දී ඇත. ඔබ යම් කිසි කාර්යයක් කරමින් සිටින්නේ එය නැවත යම් දිනක ආපසු එලෙසම විවෘත කර එය පවත්වාගෙන යාමේ අදහසින් නම්, එම ලිපිය ඔබේ පරිගණකයේ තන්පැත් කල යුතුය. එවිට නැවත යම් දිනක එය ඔබට එලෙසෙම විවෘත කර ගැනීමට හැකි වේ. 

එසේ තැන්පත් කරීම මයික්‍රොසොෆ්ට් වර්ඩ් තුළ හඳුන් වනු ලබන්නේ Save කිරීම ලෙසයි.

අපි මෙම පාඩම තුලින් ඔබේ ලිපියක් සුරක්ෂිතව පරිගණකයේ තැන්පත් කරන්නේ කෙසේ දැයි ඉගෙන ගනිමු.


 ප්‍රථම වතාවට Save කිරීම 


  • Microsoft Office button එක ක්ලික් කරන්න. 
  • ඉන්පසු පැමිණෙන මෙනුවෙන් Save යන්න තෝරා ගන්න
Save යන්න තෝරා ගැනීමෙන්, ඔබේ ලිපිය ඔබ මිට පෙරත් save කර ඇති එකක්නම්, එම ස්ථානයේම save වීම සිදු වේ. ඔබ මෙය save කරන්නේ ප්‍රථම වතාවට නම්, මීළඟට save as නමින් ඩයලොග් box එකක් දර්ශනය වේ. 




  • පහත දක්වා ඇති පරිදි, Save In ඉන් නමින් දක්වා ඇති Drop Down Menu එකින් ඔබට Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගන්න.. 
එය ඔබ නොදන්නේ නම්, එය වෙනස් නොකර තබන්න.. පහත උදාහරණයේ නම්, ඩෙස්ක්ටොප් එක මත මෙය save වේ.

  • ඉන්පසු ලිපියට නමක් ලබා දෙන්න. පහත උදාහරණයේ නම්, නම ලෙස යොදා ඇත්තේ Cover Letter යනුවෙන්ය.
  • අවසානයේ save  යන්න ක්ලික් කරන්න. එමගින් ඔබේ ලිපිය save වීම සිදුවේ.



 Save As භාවිත කර Save කිරීම

සමහර විටෙක ඔබට මෙම ලිපිය වෙනත් ස්ථානයක save කිරීමට අවශ්‍ය වේ. එනම් පෙන් ඩ්‍රයිව් එකක් තුල, ඔබේ දුරකතනයේ, එසේත් නැත්නම් ඔබේ පරිගණකයේම වෙනත් ස්ථානයක save කිරීමට සිදු වේ. එවැනි විටෙක අප තෝරා ගත යුත්තේ Save As නම් තෝරාගැනීමයි.

ඉන් පසු ඉහත දක්වා ඇති පරිදිම ඩයලොග් box එකක් දිස් වේ. එහි,


  •  Save In ඉන් නමින් දක්වා ඇති Drop Down Menu එකින් ඔබට Save කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා ගන්න.
  • ඉන්පසු ලිපියට අවශ්‍ය නම් වෙනත්  නමක් ලබා දෙන්න
  • අවසානයේ save  යන්න ක්ලික් කරන්න. එමගින් ඔබේ ලිපිය වෙනත් ස්ථානයක save වීම සිදුවේ.

මයික්‍රොසොෆ්ට් වර්ඩ් සිංහලෙන් - කොටස 1

වර්තමානයේ බොහෝ දෙනා ලිපි සංස්කරණ කටයුතු සඳහා යොදා ගනු ලබන පරිගණක මෘදුකාංගයක් වනුයේ මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයයි. වසර ගණනාවක සිට පරිගණක ආශ්‍රිත ඉතා ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය කිරුළු දරා සිටි. එනම් අද ඊයෙක නොව වර්ෂ 1983 සිට අද දක්වාම එය ඇති ජනප්‍රිය පරිගණක මෘදුකාංගයක් වේ.


මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයේ භාවිතයන් ඉතා පුළුල් පරාසයක පැතිර තිබේ. ඉන් කිහිපයක් නම්..


  • අලංකාර පින්තුර, ප්‍රස්ථාර හා වගු ඇතුලත් ව්‍යාපාරික ලිපි ගොනු නිර්මාණය.
  • පෞද්ගලික හා වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ලිපි සැදීම.
  • ආරාධනා පත්‍ර, දැන්වීම් ආදිය නිර්මාණය.
  • ප්‍රශ්න පත්‍ර සැකසීම, පොත් ලිවිම, සටහන් සැදීම ආදී කාර්යයන්ට....


එබැවින් මෙම මෘදුකාංගය පිලිබන්ධව දැන සිටීම ඉතාම කාලෝචිත දෙයකි. වර්තමානයේ පරිගණක ආශ්‍රිත බොහෝ රැකියා සඳහා  මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය පිලිබ්නදව් මනා දැනුමක් තිබීම අනිවාර්යය සුදුසුකමකි. එපමණක් නොවේ, මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය ලංකාවේ වැඩියෙන්ම විකිනෙනන මෘදුකාංග පාඨමාලා වලින් එකකි. එබැවින් මෙම වෙබ් අඩවිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය සම්බන්දව ඔබට ඉගැන්වීමට මේ ආකාරයට දීර්ඝ විස්තර සහිත ලිපි රැසක් පළවනු ලැබේ..

මෘදුකාංගය පිලිමබ්න්දව නම් කතා කිරීමට අපට බොහෝ දේ තිබේ. නමුත් ඊට මත්තෙන් අපට අවශ්‍ය වන වෙනත් කරුණු කිහිපයක් පිලිම්බන්දාව් ඔබව දැනුවත් කිරීම වටින දෙයකි.

වර්ඩ් භාවිත කිරීමට නම්, යතුරු පුවරුව පිළිබඳවද ඔබට මනා දැනුමක් තිබිය යුතුය. සාමාන්යෙන් භාවිත වන ඉංග්‍රීසි යතුරු වලට වඩා තවත් බොහෝ යතුරු යතුරු පුවරුවක තිබේ. ඒවා නම්, එම යතුරු විවිධ කාර්යයන් කිරීම සඳහා භාවිත වේ. ඒවා පිළිබඳව දැන සිටීමෙන් ඔබගේ ලිපි ගොනු සම්බන්ධ කාර්යයන් ඉතා පහසුවෙන් සහ  ඉක්මනින් සිදු කර ගැනීමට හැකි වනු ඇත.  

Esc - ඔබ විසින් විවෘත කරන ලද, ඕනෑම ඩයලොග් බොක්ස් එකක් නැවත වැසීමට, හෝ වෙනත් ඕනෑම යතුරක් ඔබන ලද්දේ නම්, එය කැන්සල් කිරීමට මෙම යතුර භාවිත වේ.

Tab - Spacebar එකින් ඔබට ලබා දෙන ඉඩකඩට වඩා වැඩි ඉඩක් එකවර කර්සරය දකුණට ගෙන යාමට මෙය භාවිත වේ, 

 Caps Lock - මෙම යතුර එබීමෙන් යතුරු පුවරුවේ දකුණු පස, (ලැප්ටොප් පරිගණක වල නම්, එම යතුරේම) කොළ පැහැති බල්බයක් දැල්වේ.  ඉංග්‍රීසි කැපිටල් අකුරු ලිවීමට පෙර මෙම යතුර එබිය යුතුය. සාමාන්යෙන් මෙය ක්‍රියාත්මක නොකළහොත් යතුරු පුවරුවේ අකුරු සිම්පල් අකුරු ලෙස ටයිප් වේ.

Shift - ඉහත සඳහන් කළ, capslock යතුර මෙන්ම, මෙය ඔබාගෙන සිටීමෙන් ඉංග්‍රීසි සිම්පල් අකුරු කැපිටල් බවට හෝ, කැපිටල් අකුරු සිම්පල් අකුරු බවට හෝ පත් කළ හැකිය. නමුත් ඒ සඳහා අවශ්‍ය අකුර සමග මෙම shift යතුරද ඔබා ගෙන සිටිය යුතුය. එපමණක් නොවේ, කොමා, නැවතීමේ ලකුණු, ප්‍රශ්නාර්ථ ලකුණු ආදිය ටයිප් කිරීමට මෙම shift යතුර ඔබා ගෙන සිටිය යුතුය.

Home - මෙමගින් ඔබ ටයිප් කරමින් සිටින අකුරු පේලියේ මුල් අකුර වෙතට කර්සරය ගෙන යාම සිදුවේ. Ctrl යතුර සමග මෙය එබීමෙන්, මුළු ලිපියේම පළමුවන අකුර වෙත කර්සරය ගෙන යාම සිදුවේ.

End - මෙමගින් ඉහත සඳහන් කළ, Home යතුරේ විරුද්ධ ක්‍රියාව සිදුවේ. එනම්, පේළියක අවසාන අකුර වෙත කර්සරය ගෙන යාම මෙමගින් සිදුවේ. 

Delete - මෙමගින් කර්සරයට දකුනෙක්  ඇති අකුරු මැකීම සිදුවේ. අකුරු හයිලයිට්  කර, මෙය එබීමෙන් වචන හෝ පේලි ගණනාවක් එකවර මැකීමට මෙමගින් පුළුවන්.

Backspace - මෙමගින්   කර්සරයට වමෙන්   ඇති අකුරු මැකීම සිදුවේ. අකුරු හයිලයිට් කර, මෙය එබීමෙන් වචන හෝ පේලි ගණනාවක් එකවර මැකීමට මෙමගින් පුළුවන්.

Page Up / Page Down - මෙම යතුරු මගින් ඔබගේ ලිපියේ ඉහලට සහ පහලට ගමන් කර හැකිය. ඔබේ පවුස් එකේ වම සහ දකුණු බට්න් වලට මැදින් කරකවන රෝදයක් ඇත්තෙන් නම් එය කරකවිමෙන්ද, ලිපියේ ඉහල සහ පහල යාමට පුළුවන්.

ඊළඟ ලිපිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විරුර්ත කරන ආකාරයේ සිට එහි සාමාන්යේ සැකැස්ම පිළිබඳව ඔබට අදහසක් ලබා දෙනු ඇත.

------------------------------------------------------------

ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.


Thursday, July 7, 2016

ඔබ නොදනින ඔබේ අසිරිමත් මනසේ මහා බලය

තම සිතට තම අතමය සෙවණැල්ල.. යනු ඉපැරණි වටිනා කියමනකි. නමුත් අප කා තුලත් ඊටත් වඩා බෙහෙවින් වටිනා සෙවනැල්ලක් තිබේ. එය අපට ඕනෑ ආකාරයකට හසුරවා ගත හැකි මහා බලසම්පන්න සෙවණැල්ලකි. එය වරින් වර වෙනස් වුවත්, එලිය වැටෙන අතට වෙනස් වන සෙවනැල්ලක් නොවේ. එය ගලේ කෙටුවාක් මෙන් බොහෝ කලක් එක දිගටම පවත්වාගත හැකි සෙවණැල්ලකි. කුමක්ද මේ මහානර්ඝ සෙවනැල්ල? 

එනම් අප කා තුලත් පවතින අපේ සිතයි. බොහෝ දෙනෙක් අපගේ මේ සිතේ වටිනා කම ගැන හොඳින් අවබෝධ කරගෙන නොමැත. අප සෑම කෙනෙකුටම සිතක් තිබේ. එය තුල ඇති මහත් වූ බලයක් ගැබ්ව තිබෙන බව බොහෝ දෙනෙක් නොදනී.

විවිධ පුද්ගලයන් තම තමන්ගේ සිත් විවිධ කටයුතු සඳහා විවිධාකාරයෙන් යොදා ගනිය්. අප කල්පනා කරන්නේ අපගේ සිතෙනි.. ඉදිරියට කරන්නට තිබෙන වැඩ කටයුතු සැලසුම් කරන්නේ සිතෙනි.. විවිධ අධ්‍යාපනික ගැටළු විසඳන්නේ, පාඩම් කරන්නේ සිතේ බලයෙනි. මිනිසාග් හඳට ගියේද  කාගේ හෝ ඇතිවුණු සිතිවිල්ලක් හේතුවෙනි. ජපානය සුනු විසුනු වී පරම්පරා ගානක් යනතෙක්  ජානමය විකෘති ඇති කිරීමට හේතු වුයේ සිතයි. කෙනෙකු සසර බැඳීම් වලින් ඉවත්වී මහණදම් පුරන්නේද සිතිවිල්ලක් නිසයි. 

මේ අනුව බලන කල සිතේ බලය මේ සාක් යයි කිව නොහැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙයි. නමුත් ඕනෑම කෙනෙකුට අවශ්‍යතාව තිබේ නම් ඒ බලය වැඩි කරවා ගෙන තමන්ට රිසි සේ අත්විඳිය හැකිය. 

 නමුත් බොහෝ දෙනෙන්ක් සිත යොදා ගන්නේ  සාමාන්‍ය එදිනෙද වැඩ කටයුතු සඳහාය. දියුණු වීමට, මුදල් හදල වැඩි කර ගැනීමට, විභාග සමත් වීමට, ජයග්‍රහණ කරා යාමට සිතේ හැකියාව සහ බලය එක එල්ලේම යොදා ගන්න පුද්ගලයින් බොහෝ අඩුය. 

අපට අවශ්‍ය ඕනෑම දෙයක් අප වෙත ගෙන දීමේ මහා හැකියාවක් අප සිතට ඇති බව ගොඩක් දෙනෙක් නොදනින කරුණකි. ඇතැම් අය මොන මොන ක්‍රමයකින් හෝ ඒ බව වටහාගෙන සමාජයේ ඉතා ඉහල තලවලට පැමිණෙති. මහා ධනවතුන් වෙති. නමුත් ඒ  ඉතා සීමිත පිරිසකි.


නිදසුනක් ලෙස, අප රටේ සිටින මුස්ලිම් ජාතිකයින් පිළිබඳව සිතා බලමු. ඔවුන් සෑම දිනකම දෙවියන් යඤ කරයි. ඒ සඳහා ඔවුන් සෑම දිනෙකම එකම වෙලාවක් වෙන් කරගෙන තමන්ට අවශ්‍ය දේ දෙවියන්ට දැඩි භක්තියකින් යුතුව පවසයි. මේ රටේ ප්‍රධාන ව්‍යාපාර රැසක ඒකාධිකාරයක් ඇත්තේ මුස්ලිම් ජනතාව අත මත බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් එලෙසෙ තමන්ට අවශ්‍ය දේ තදින් දැඩි භක්තියකින් යුතුව පවසන විට එය ඔවුන්ගේ යටි සිතේ තදින් තැන්පත් වේ. 

ලංකාවේ මුස්ලිම් ජාතිකයින් පමණක් නොවේ, මැද පෙරදිග බොහෝ රටවල් දෙස බලන්න.. කොටි ප්‍රකෝටිපතියන් ඒවායේ ජිවත් වේ.. මිට දශක කිහිපයකට පෙර නිසරු කාන්තාර ලෙස පැවති එම දේශනයන්බො දැන් අහස උසට දිවෙන මදුරු, මාලිගා වලින් ලොව අන් සෑම රජයක්ම පරද්දවයි. ඩුබායි රටේ බර්ජ් කලීෆා කුලුන දැන් ලොව උසම කුලුනයි.. එය ලෝකයේ මනස්කාන්ත නගර වලින්ද එකක් වෙයි. 

කුමක්ද මෙයට හේතුව? පොලොව තුල මහා විශාල තෙල් නිධි පැවතීම පමණක්මද? නැත, රටේ සියලු දෙනාම එක විට, එකම වුවමනාවකට තද විස්වාසයකින් යුතුව දෙවියන්ට යඤ කිරීමේදී, ඒ අවශ්‍යතා ඔවුන්ගේ යටි සිත් වල ඉතා තදින් තැන්පත් වේ. ඇති මහත් පිරිසකගේ යටි සිත් එකට ක්‍රියාකර ඔවුන් සැම දෙනාටම ධනවත් වීමට ඉඩකඩ සලසයි.

අප පොළොවේ කුමන කුමන සම්පත් ඇත්දැයි අපි නොදනිමු. සමහර විටෙක ඔබ මේ මොහොතේ වාඩි වී සිටින්නේ මිට මීටර් 10කට පමණ යටින් ඇති මැණික් නිධියක් මත විය හැකිය. එසේත් නැත්නම් ඔබ වත්තේ ඇති නිසරු බිම් කඩක් යට වසර දහස් ගණනකට පෙරාතුව වළලන ලද මහා නිධානයක් තිබිය හැකිය. එසේත් නැත්නම් ඔබ අද දින ලොතරැයියක් මිලදී ගත හොත් එය ජයග්‍රහණය කර ඔබ ක්ෂණයකින් කොටි පතියක් වනු ඇත. අප ඒ කිසිත් නොදනිමු.

නමුත් අපේ යටි සිත අපේ වාසනාව ගැන හොඳින් හඳුනයි. අපිට අවශ්‍ය සම්පත් මෙන්ම, ඒවා ලඟා කරගත හැකි මාර්ග පිළිබඳව හොඳින් දනී. නමුත් ඒ ඒ දේවල් අපට ලබාදීමට යටි හිතට අවශ්‍යතාවයක් නොමැත. ඒ මන්ද? ඒ, අපට ඒ දේවල් අවශ්‍ය බව අප විසින් අපගේ යටි හිත වලට කා වද්දා නොමැති හෙයිනි. 

ඒ සඳහා අවශ්‍ය වනුයේ අපට ඕනෑ කරන දේ කෙලින්ම අපගේ සිතට කීමයි. ඔබට අවශ්‍ය දේ ඉතා තදින් ඔබේ යටි හිතේ තැන්පත් වූ විට, ඒ දේ මොන විදියකින් හෝ ඔබ වෙත ගෙන දීමට ඔබගේ යටි සිත ක්‍රියාකරයි.

වාසනාව පිළිබඳව සමහරක් දෙනා විස්වාස නොකරයි. ඒ අයගේ ඇදහීම වනුයේ උත්සාහය මඟින් ඔබට අවශ්‍ය දේ ගෙන දෙන බවයි. 

මහන්සි වී වැඩ කල පමණින්ම සම්පත් ඔබ වෙත ලඟා නොවේ. එය එසේ නම් ඇඟ වෙහෙසව කුලී වැඩ කරන පුද්ගලයින් මේ රටේ ධනවත්ම පිරිස විය යුතුය. නමුත් එය එසේ නොවේ. ඔවුන්ගේන් වැඩ ගන්න පාලක පන්තියයි ධනවතුන් වනුයේ. ඔබගේ මහන්සිය කෙසේ වෙතත් යටි සිතේ අරමුණ ඔබට අවශ්‍ය දේ වෙත යොමු වී පැවතීම තරම් තවත් දෙයක් නොමැත. 

ඔබ ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක් විය හැකිය. ඔබගේ වෙලන්දසලේ ප්‍රචාරක කටයුතු කොතරම් හොඳ වුවත් ඒ උත්සාහය තරමට ඔබට පාරිභෝගිකයින් නොසිටිනු ඇත. 

අප සමාජයේ ඇතැම් ව්‍යාපාරිකයින් සිටියි, නමුත් කිසිදු ප්‍රචාරයක් නොකරන ඔබේ ආයතනයටත් වඩා කුඩා වෙළඳසල්  වෙත දෛනිකව විශාල පාරිභෝගිකයින් පිරිසක් පැමිනෙනු දැක ඔබ කම්පා වූ අවස්ථා එමටව ඇත. 

ඔබගේ ව්‍යාපාරයට පාරිභෝගිකයින් කැන්දා දීමට ඔබගේ යටි හිත තරම් ප්‍රබල හේතුකාරකය තවත් නොමැත. භෞතික කිසිදු දෙයකට වඩා ඔබට නොපෙනෙන නමුත් ඔබ තුල සිටින සිතට මහා ශක්තියක් ඇත.

කුමක් ද මිට හේතුව.? ඒ ඔබේ සහ ඒ ඒ ව්‍යාපාර හිමි අයගේ යටි සිත් ක්‍රියා කරන ආකාරයේ වෙනසයි.

දිනකට සුළු වෙලාවක් වෙන් කරගෙන ඔබට අවශ්‍ය දේ තදින් ඔබේ සිතට දැනුම් දෙන්න.. ඒ සඳහා සුදුසුම වෙලාව ලෙස මා අත්දැකීමෙන් අවභෝධකරගෙන සිටින්නේ රාත්‍රියේ නිදා ගැනීමට ප්‍රථමවත් , උදැසන අවදි වී ඇඳෙන් බැසීමට පෙරත්ය. මේ අවස්ථාවේ ඔබ, ඔබේ යටි සිත් වලට කරන්නාවූ යෝජනා හා අණ කිරීම් ඉතා තදින් යටි සිතේ තැන්පත් වේ. ඒ අවස්ථාවල කරන්න වූ අවශ්‍යතා ඉතා ඉක්මනින් ඉටු වන බව මම හොඳා කාරයෙන්ම දනිමි.

කුමන ආකාරයටද ඔබ ඔබේ යටි සිතෙන් උදවු ලබා ගනුයේ? ඒ සඳහා ස්වයං යෝජනාවක් ඔබ ඔබේ යටි සිතට කල යුතුය. උදාහරණයක් ලෙස, ඔබට මේ  වසර තුලදී රතු පාට බ්ලුබර්ඩ් මෝටර් රථයක් අවශ්‍යයි සිතන්න.. ඔබ ඒ දේ මෙලෙස ඔබේ සිතට පවසන්න..

"හැකි තාක් ඉක්මනින් රතු පාට අලුත් බ්ලුබර්ඩ් කාර් එකක් මට හිමි කර දීම ගැන මගේ යටි සිතට ගොඩක් ස්තුතියි."

මෙලෙස ඔබ නිදා ගැනීමට පෙර සහ, උදෑසන ඇඳෙන් බැසීමට පෙර තෙවරක් බැගින් සිතින් කියන්න. එමෙන්ම, ඔබ ලස්සන රතු පාට බ්ලුබර්ඩ් රථයකින් බසින් හැටි, එය උජාරුවෙන් පදවන හැටි, අනෙක් අය ඔබට ප්‍රශංස කරන හැටි ගැන සිතින් දකින්න.. සෑම දිනකම මෙසේ ඔබ සිතන විට ඔබේ ඒ අරමුණ ඉෂ්ට කිරීමට ඔබේ සිත අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත.

ඔබට ඒ සඳහා මුදල් නැත්නම්, මුදල් ලබා ගැනීමට අවශ්‍ය මාර්ගයක් ඔබට පෑදෙනු ඇත. රැකියාවක්, ව්‍යපරෙන් මහා ලාභයක්, ලොතරැයි දිනුම් ඇදීමක්.. ආදී කුමන හෝ ක්‍රමයකට ඔබට මුදල් ලැබෙනු ඇත. එසේත් නැත්නම්, ඔබට ඉතාමත් ලාභ වන ආකාරයකට ඉතාමත් අඩු මිලට එවනි මෝටර් රථයක් ඔබට කාගෙන් හෝ මිලදී ගැනීමට පවා හැකි වනු ඇත.

ඔබේ යටි සිතේ බලය අසීමිතයි. අද ඔබ, ඔබේ සිතට අණ කරන දේ හෙටම ඉෂ්ට නොවනු ඇත. නමුත් හැකි තාක් ඉක්මනින් ඒ දේ ඔබට ලඟා කරදීමට ඔබේ යටි සිත කටයුතු කරනු ඇත. අවශ්‍ය වනුයේ ඒ දේ ලැබෙන තුරු දැඩි අධිෂ්ටානයෙන් යුතුව සිටීමයි. 





ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු  මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න. 

දේශාන් වලල්ලාවිට 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



ඇපල් අයිෆෝන් දුරකතනයේ ඉතිහාසය සහ විකාශනය

ජංගම දුරකථන කොතෙකුත් තිබේ යයි ඔබට විටෙක සිතෙන්නට ඇත. නමුත් ඔබ සිතන තරම් ජංගම දුරකථන මෙලොව නැත. මන්ද යත් මෙලොව වාසි ජනතාවගෙන් සියයට පනහක් වත් තරම් අය තවමත් ජංගම දුරකතනයක් තියා ස්ථාවර දුරකතනයක සෙවනැල්ලක් වත් දැක නොමැති බැවිනි. නමුත් අප රටේ  නම් ජංගම දුරකථන සඳහා ලියාපදිංචි කර ඇති සිම් පත් ගණන රටේ මිනිසුන් ගන්නටත් වඩා වැඩිය. 

මේ ලොව ජංගම දුරකථන මාදිලි බොහෝසෙයින් තිබේ. එයිනුදු ඇපල් අයිෆෝන් දුරකතයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. මේ වනවිට ඇපල් අයිෆෝන් මෙලොවට පැමිණ වසර 9කට අධිකයි. පෙනෙන විදියට නම් එහි ජනප්‍රියත්වය  වසරින් වසර වැඩිවේ . එනිසාම එහි විකාශනය හා ඉතිහාසය පිළිබඳව තොරතුරු බිඳක් ගෙන හැර පෑමට අපි  සුදානම් වුනෙමු.

 අයිෆෝන් දුරකතනයට වසර සිය ගණන් ඉතිහාසයක් නොවුනත් එහි පළමු එළිදැක්වීම සිදු වුනේ වසර 2007 දිය. එනම් මිට වසර 9 කට පමණ ඉහතදීය. අද පවතින අයිෆෝන් එකක් හා සැසඳීමේදී ළදරු වියක පැවතුනත්, එකල හැටියට  අයිෆෝන් දුරකතනය එම  යුගයේ දැවැන්තම සොයාගැනීමක් විය. එය, එකල මිනිසුන් නොදුටු විරු වස්තුවක් විය. ලොකු කුඩා සියල්ලන්ටම පාහේ එය සෙල්ලම් බඩුවක් තරම් අරුම පුදුම දෙයක් විය.  අයිෆෝන් දුරකතනයේ පළමු එලි දැක්ම සිදු කර එය වෙළඳපොළට නිකුත් කර දිනයේ ඇපල් වෙළඳසල් වල වැල නොකැඩී ජන ගංගාවන් එක් රැස් වන්නට විය. සමහරුන්ට පෝලිම් වලට වී බොහෝ වේලා සිට ගෙන සිටින්නට විය. ඉල්ලුමට හරියන්න ලබා දිය නොහැකි වීමෙන් තවත් අයට පාරේ බැංකු මතට වී කල් මරන්නටද සිදුවිය.  අයිෆෝන් දුරකතනය පළමු දිනයේදීම පුදුම සහගත ලෙස අලෙවි වන්නට විය.

මෙතරම් ප්‍රචලිත වූ ප්‍රථම අයිෆෝන් දුරකතනයේ එකල ගති ලක්ෂණ කිහිපයක් අපි විමසා බලමු.

 ප්‍රථම අයිෆෝන්   දුරකතන ගිගා බයිට් 4 සිට 16 දක්වා ප්‍රමාණයන්ගෙන් මිලදී ගත හැකිවිය. දැන් මෙන්ම එකල ද මෙමරි කාර්ඩ් දැමීමේ හැකියාවක් ඒවා තුල නොවුනි. එහි තිරය ප්‍රමාණයෙන් අඟල් 3.5ක් වූ අතර දුරකතනයේ මුළු බර ග්‍රෑම් 135කි. අයිෆොන් දුරකතනයේ පිටුපස කැමරාව මෙගා පික්සල් 2ක එකකි. එහි ඉදිරිපස කැමරාවක් නොවිය. 

කුඩා පරිගණකයක් බඳු වූ එහි ප්‍රොසෙසරය 400MHz වේගයක් සහිත විය. රැම් මතකය 128mb කි.
එමෙන්ම එය සතුව සාපේක්ෂව  දියුණු වෙබ් බ්‍රව්සරයක් විය. එකල පැවතුනු අනෙකුත් සාමාන්‍ය හා ස්මර්ට්ෆොන් වලින් වෙබ් අඩවි නැරඹීමේදී වූ සංකුලතා අයිෆෝන් දුරකතනයේ වෙබ් බ්‍රව්සරයේ නොවිය. වෙබ් පිටුවක්  නැරඹීමේදී එහි සැලැස්ම බොහෝ විට වෙනස් වී දර්ශනය වුවත් අයිෆෝන් තුළින් නැරඹීමේදී එසේ නොවුනි. ඊට හේතුව වුයේ WAP තාක්ෂණයට වඩා හොඳ තාක්ෂණයක් අයිෆෝන් සතුව තිබීමය.

ඇපල් සමාගමේ ප්‍රවර්ධන සංකල්පයකට අනුව  අයිෆෝන් එක  එකල පැවති ජනප්‍රිය උපාංග ත්‍රිත්වයක එකතුවකි. ඒ අනුව අයිෆෝන් එකක් යනු පුළුල් තිර අයිපොඩ් එකක්, ජංගම දුරකතනයක් සහ අති  ප්‍රබල අන්තර්ජාල උපාංගයක එකතුවකි.

නමුත් ඇතැම් දේවලින් නම් අයිෆෝන් එක මිලෙන් අඩු වෙනත් ජංගම දුරකථන  වලටත් වඩා දුර්වල විය. MMS, වීඩියෝ තිරගත කිරීම්, වෙනස් කල හැකි නාද රටා, මෙමරි කාර්ඩ් ආදිය අයිෆෝන් තුල නොවිය. එමෙන්ම එක් කෙටි පණිවිඩයක් එකවර යැවිය හැකි වුයේ එක් අංකයකට පමණකි. කොපි, පේස්ට් කිරීම් ආදී සරල ක්‍රියාවන් මෙන්ම ඊට වඩා සංකීර්ණ පද සැකසුම් කාර්යයන් හෝ ප්‍රථම අයිෆෝන් දුරකතනයෙන් කල නොහැකි විය.

එය සතුව Google maps අන්තර්ගත කර තිබුනත් GPS පහසුකම තිබුනේ නැත. එසේ වුවත් GPS පවා නොමැතිව මාර්ග දිශා ලබා දීමේ හැකියාව නම් අයිෆෝන් සතුව පැවතුනි.

කෙසේ වෙතත් යථෝක්ත පහසුකම් එකල හැටියට ඉතාමත් ඉහල ගනයේ ඒවා විය. 

ප්‍රථම අයිෆෝන් දුරකතනයෙන්  ඇමතුම් ලබා ගත හැකි වුයේ AT&T සිම්පත් භාවිතයෙන් පමණි. මන්ද යත් ප්‍රථම අයිෆෝන් එක තුල පවතී තාක්ෂනය අනෙකුත් දුරකථන ජාල  සමාගම් ඒ වනවිටත් බැහැර කර ඊට වඩා අලුත් තාක්ෂනයන් වෙත මාරු වී තිබුණු නිසායි.  නමුත් ස්ටීව් ජොබ්ස් විසින් 
AT&T සමාගම  සමග එක්ව තිබුණු ගිවිසුම් වලට අනුව සෑම AT&T භාවිත කරන අයිෆෝන් බිලකින්ම මසකට ඩොලර් දහයක මුදලක් ඇපල් සමාගමට හිමි විය යුතු විය. විශ්ලේෂණ දත්ත වලට අනුව 2007 වර්ෂය අවසාන වනවිට ඇපල් දුරකථන මිලියන 3 කට වඩා අලෙවි විය යුතුව තිබුණි. 

මේ සා අති විශාල ඉල්ලුමකට සෑහෙන්න අයිෆෝන් නිපදවීම, ඇපල් සමාගමේ සේවකයින්ට අතිශය පීඩාකාරී විය.   එහි මෘදුකාංග ඉංජිනේරුවන්ට  දින ගණන් නිදි වර්ජිත රාත්‍රියන්  ගත කරන්නට සිදු විය. එහි වූ, එක්තරා නිෂ්පාදන කලමනකරිවරයකට අපුරු ඇබැද්දියකට මුහුණ දීමටද මෙකල සිදු විය. දැඩි කාර්ය බහුල තාවය නිසා, තම කාර්යාලයිය කාමරයට වැදුණු ඇය දොර වැසුයේ දැඩි වේගයෙනි. එම වේගයට අගුල කැඩී දොර නැවත අර ගැනීම පවා නොහැකි විය. එහි සෙසු සේවකයන්ට සිදු වුයේ පැය ගණනක් ගතකර, දොර කඩා ඇයව එලියට ගැනීමටයි.

මුල්ම අයිෆෝන් දුරකතය 8GB හා 16GB ලෙස වර්ග දෙකකින් පැමිණියේය. මින් 8GB එක ඩොලර් 399 කටත්, 16බGB එක ඩොලර් 499 කටත් අලෙවි විය.  එකල  අයිෆෝන් දුරකතනය ලොව මිල අධිකම දුරකථනය නොවුනු අතර ඊට වඩා මිලෙන් බොහොම වැඩි දුරකථන ඕන තරම් වෙළඳ පොලේ විය. 

එකල දල වශයෙන් ඩොලර් 399 කට අලෙවි වූ, අයිෆෝන් එකකින් අපල සමගම ලැබූ ශුද්ධ ලාභය $89කි. එසේ නම්, අයිෆෝන් මිලියන 3කින් ඔවුන් ලද ලාභය කෙතරම් දැයි ඔබම සිතා  බලන්න.  ඒ, එක් දුරකතනයක වසර දෙකක බිල සඳහා ඩොලර් 240ක කොමිස් මුදලක් ලැබීමට  AT&T සමාගමත් සමග ඇති කරගත් ගිවිසුමට අමතරවයි.

මෙවැනි විශාල ලාභයක් ලැබුවේ අපල සමාගම පමණක්ම නොවේ. අයිෆෝන් මිලදී ගත බහුතරයක්,  AT&T වෙත නව පාරිභෝගිකයින් විය. එබැවින් AT&T හි සිම්පත් සහ අන්තර්ජාල දත්ත පැකේජ විකුණුම් ඇති ශ්‍රිඝ්‍රතාවයකින් ඉහල යන්නට විය.

අයිෆෝන් දුරකතනයේ දෙවැනි පරම්පරාව එලි දැක්වුණේ තවත් වසරක් පමණ ගොස්ය. එනම් 2008 වසරේදීය. එහි පළමු අයිෆෝන් දුරකතනයට වඩා පහසුකම් රැසකින් යුක්ත විය. මුලදී නොතිබුණු 3G සම්බන්ධතාවය සහ GPS මෙහිදී සපයා තිබුණි. අයිෆෝන් දුරකතනයකට ඡයාරූප ගත හැකි වුවත්, වීඩියෝ   තිරගතරීමේ හැකියාවක් මේ වනවිටත් තිබුනේ නැත.

එම තිරගත කිරීමේ පහසුකම අයිෆෝන් දුරකතනයට ලැබුනේ 2009 දී එලි දැක්වුණු 3GS දුරකතනයත් සමගයි. එපමණක් නොවේ, කටහඬ හඳුනා ප්‍රතිචාර දැක්වීමටද එයට හැකි විය. නමුත් එම කටහඩ පාලනය කරන වැඩසටහන  එකල "සිරි" නමින් හැඳින් වුයේ නැත. මෙම දුරකථනය කොතෙකුත් ජනප්‍රිය වුවද යත්, පළමු සතියේදීම දුරකථන මිලියනයකට වඩා විකිණී ඇත.

2010 වර්ෂදී තවත්  අයිෆෝන් දුරකතනයක් එලි දැක්විණි. එය අයිෆෝන් 4 නම් විය. ඉදිරිපස කැමරාවක් සහිත පළමු ඇපල් දුරකථනය මෙම අයිෆෝන් 4 විය. එමෙන්ම, තිරයේ ප්‍රමාණය වෙනස් නොකර පික්සල් ප්‍රමාණය වැඩි කරමින් Retina Display හඳුන්වා දෙනු ලැබුයේද මෙමගිනි.

4S අයිෆෝන් දුරකථනය එලි දක්වනු ලැබුයේ වර්ෂ 2011 දිය.  කටහඬට  ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන තව දුරටත් සංවර්ධනය කර වත්මන් "සිරි" වැඩසටහන ලෙස මුලින්ම එක්  කරනු ලැබුයේ මෙම 4S දුරකතනයටයි. එමෙන්ම එහි කැමරාව 8 මෙගා පික්සල් දක්වා වැඩි කරනු ලැබිය. 

මේ ආකාරයට විවිධ උපාංග හා මෘදුකාංග එක් කරමින් සෑම වසරකදීම ඇපල් අයිෆෝන් එකක් එලි දැක්වීම සිදුවේ. මේ වනවිට අයිෆෝන් දුරකතනය එලි දක්වා වසර 9ක් වනවිට දැන් වෙළඳපොලේ ඇත්තේ අයිෆෝන් 6SE  දුරකතනයයි. මෙලොව අන් කිසිදු ජංගම දුරකතනයකට නැති ජනප්‍රියතාවක් එය ලබා තිබේ. 12MP කැමරාව, වීඩියෝවක් සේ වෙනස්වෙන චයරූප, 4G තාක්ෂනය, අති වේගවත් ප්‍රොසෙසරය ඇතුළු තවත් බොහෝ දෙයින් වත්මන් අයිෆෝන් දුරකථනය එහි පළමු එළිදක්මට වඩා වඩාත් ඉදිරියෙන් සිටියි.



දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.