පහත රූපයේ දැක්වෙන්නේ එසේ වර්ඩ් ආර්ට් යොදා අලංකාර කරන ලද වදනකි. =මෙවැනි වර්ඩ් ආර්ට් අපට විවිධ දේ සඳහා යොදා ගත හැකිය. වෙළඳ දැන්වීම්, ආරාධනා පත්‍ර, ලෙටර් හෙඩ්ස් නිර්මාණය එහි භාවිතය පිලිබඳ සරල උදාහරණ කිහිපයකි.
දැන් එසේ වර්ඩ් ආර්ට් එකක් ඔබේ ලිපිගොනුවකට ද දමා ගන්නේ කෙසේදැයි කියා අපි දැන් විමසා බලමු.
ප්‍රථමයෙන්ම File --> New මාර්ගය ඔස්සේ ගොස් අලුත් ලිපි ගොනුවක් ආරම්භ කරන්න. එසේත් නැත්නම් File --> Open තුළින් පරිගණකයේ ගබඩා කර ඇති ලිපි ගොනුවක් විවෘත කර ගන්න.
දැන් පහත රූපයේ දක්නට ලැබෙන පරිදි Insert ටැබ් එක මත ක්ලික් කරන්න.
වර්ඩ් ආර්ට් ක්ලික් කළ පසුව ඉන් විවිධ අකුරු රටා රැගත් කුඩා මෙනුවක් දිග හැරේ. ඔබට ඉන් කැමති අකුරු රටාවක් තොර ගත හැකිය. ඒ සඳහා කළ යුත්තේ එම ඕනෑම අකුරු රටාවක් මට ක්ලික් කිරීම පමණි. පහත රුපය බලන්න.
ඔබට රිසි අකුරු රටාවක් මත ක්ලික් කල පසුව පහත පරිදි තවත් කුඩු වින්ඩෝවක් විවෘත වේ. එය තුල ඔබට කැමති දෙයක් ටයිප් කල හැකිය. එනම්, අකුරු රටාව යෙදිය යුතු වාක්‍ය ටයිප් කල යුත්තේ මෙම වින්ඩෝවේය. නමුත් ප්‍රථමයෙන්ම එහි ඇති "Your text here" යන වාක්‍ය හයිලයිට් වී නැත්නම්, හයිලයිට් කර ඉන්පසුව මකා දැමිය යුතුය. ටයිප් කල යුත්තේ ඉන් පසුවය.
මා ඉහත වින්ඩෝවේ Lets Learn Microsoft Word යන්න ටයිප් කල පසු එය පහත රුපයේ ආකාරයට දිස්වේ.
දැන් එම වින්ඩෝවේ ඇති OK බට්න් එක මත ක්ලික් කරන්න. එවිට ඔබට අවශ්‍ය වූ අකුරු රටාව සහිත වාක්‍ය ලිපිගොනුවට එකතු වේ.
දැන් මෙම අකුරු රටාව ක්‍රියා කරන්නේ සාමාන්‍ය පින්තුරයක් මෙනි. මේවා ඔබට රිසි ලෙස, දිග පළල වෙනස් කිරීම, තැන් තැන් වලට ගෙනයාම ආදිය කර හැකිය.
නමුත් ඒ දේවල් දැන ගැනීමට පෙර අපට දැන ගැනීමට තවත් විශේෂිත දෙයක් ඇත. එනම් මෙසේ වර්ඩ් ආර්ට් යෙදු වාක්‍යක් නැවත වෙනස් කර ගත හැකිද කියාය. ඇත්තෙන්ම එය කල හැකිය. ඕබේ අවශ්‍යතාවය මත කැමති නම් වාක්‍ය වෙනස් කිරීම හෝ අකුරු රටාව වෙනස් කිරීම කල හැකිය.
වර්ඩ් ආර්ට් යෙදු වාක්‍යක් වෙනස් කිරීම
ප්‍රථමයෙන්ම වර්ඩ් ආර්ට් එක මත එක වරක් ක්ලික් කරන්න. ඉන්පසු Insert ටැබ් එකෙහි ඇති Edit Text නම් බට්න් එක මත ක්ලික් කරන්න.
එවිට නැවත වරක් පෙර කියූ අකුරු ටයිප් කරන වින්ඩොව් එක පැමිණේ. ඔබට අවශ්‍ය දේ නැවත අවශ්‍ය වෙනස් කම් කර ටයිප් කර හැකිය. අවසානයේ OK බට්න් එක ක්ලික් කර එය ක්‍රියාවට නැංවිය හැකිය.
අකුරු රටාව වෙනස් කර ගැනීම.
ඔබ මුලින් යෙදු අකුරු රටාව ඔබේ සිත් නොගත්තේ නම්, වෙනත් අකුරු රටාවක් යෙදීමට ඔබට මෙහිදී හැකියාවක් ඇත. එය කිරීම ඉතාම පහසුය.
ප්‍රථමයෙන්ම අවශ්‍ය වර්ඩ් ආර්ට් එක මත ක්ලික් කර ගන්න. ඉන්පසුව පහත රුපයේ දක්වා ඇති ආකාරයට ටැබ් එකේ ඇති කැමති අකුරු රටාවක් මත ක්ලික් කරන්න. එවිට එම අකුරු රටාව ඔබ මුලින් ක්ලික් කර ගෙන තිබු වර්ඩ් ආර්ට් එකට ආදේශ වේ.
අකුරු රටා දක්වන තැන පහලට යොමු වුනු කුඩා ඊතලය ක්ලික් කිරීමෙන් තවත් අකුරු රටා ඔබට දැකගත හැකිය. ඒවා මතද ක්ලික් කිරීමෙන් ඔබට ඒවා රටා ආදේශ කර ගත හැකිය.
එවිට වර්ඩ් ආර්ට් රක වට කුඩා සුදු තිත් වගයක් දිස්වේ. එම තිත වලින් ඇදීමෙන් වර්ඩ් අර්ට්ඩ් එකෙන්හි ප්‍රමාණය වෙනස් කිරීමටද, කොළ පති තිතෙන් ඇදීමෙන් අවශ්‍ය දිසාවකට හරගා ගැනීමටද පුළුවන.
No comments:
Post a Comment