මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගයේ භාවිතයන් ඉතා පුළුල් පරාසයක පැතිර තිබේ. ඉන් කිහිපයක් නම්..
එබැවින් මෙම මෘදුකාංගය පිලිබන්ධව දැන සිටීම ඉතාම කාලෝචිත දෙයකි. වර්තමානයේ පරිගණක ආශ්‍රිත බොහෝ රැකියා සඳහා මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය පිලිබ්නදව් මනා දැනුමක් තිබීම අනිවාර්යය සුදුසුකමකි. එපමණක් නොවේ, මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය ලංකාවේ වැඩියෙන්ම විකිනෙනන මෘදුකාංග පාඨමාලා වලින් එකකි. එබැවින් මෙම වෙබ් අඩවිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය සම්බන්දව ඔබට ඉගැන්වීමට මේ ආකාරයට දීර්ඝ විස්තර සහිත ලිපි රැසක් පළවනු ලැබේ..
- අලංකාර පින්තුර, ප්‍රස්ථාර හා වගු ඇතුලත් ව්‍යාපාරික ලිපි ගොනු නිර්මාණය.
- පෞද්ගලික හා වෙනත් ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය ලිපි සැදීම.
- ආරාධනා පත්‍ර, දැන්වීම් ආදිය නිර්මාණය.
- ප්‍රශ්න පත්‍ර සැකසීම, පොත් ලිවිම, සටහන් සැදීම ආදී කාර්යයන්ට....
එබැවින් මෙම මෘදුකාංගය පිලිබන්ධව දැන සිටීම ඉතාම කාලෝචිත දෙයකි. වර්තමානයේ පරිගණක ආශ්‍රිත බොහෝ රැකියා සඳහා මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය පිලිබ්නදව් මනා දැනුමක් තිබීම අනිවාර්යය සුදුසුකමකි. එපමණක් නොවේ, මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය ලංකාවේ වැඩියෙන්ම විකිනෙනන මෘදුකාංග පාඨමාලා වලින් එකකි. එබැවින් මෙම වෙබ් අඩවිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය මගින් වැඩ කරන ආකාරය සම්බන්දව ඔබට ඉගැන්වීමට මේ ආකාරයට දීර්ඝ විස්තර සහිත ලිපි රැසක් පළවනු ලැබේ..
මෘදුකාංගය පිලිමබ්න්දව නම් කතා කිරීමට අපට බොහෝ දේ තිබේ. නමුත් ඊට මත්තෙන් අපට අවශ්‍ය වන වෙනත් කරුණු කිහිපයක් පිලිම්බන්දාව් ඔබව දැනුවත් කිරීම වටින දෙයකි.
වර්ඩ් භාවිත කිරීමට නම්, යතුරු පුවරුව පිළිබඳවද ඔබට මනා දැනුමක් තිබිය යුතුය. සාමාන්යෙන් භාවිත වන ඉංග්‍රීසි යතුරු වලට වඩා තවත් බොහෝ යතුරු යතුරු පුවරුවක තිබේ. ඒවා නම්, එම යතුරු විවිධ කාර්යයන් කිරීම සඳහා භාවිත වේ. ඒවා පිළිබඳව දැන සිටීමෙන් ඔබගේ ලිපි ගොනු සම්බන්ධ කාර්යයන් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සිදු කර ගැනීමට හැකි වනු ඇත.
Esc - ඔබ විසින් විවෘත කරන ලද, ඕනෑම ඩයලොග් බොක්ස් එකක් නැවත වැසීමට, හෝ වෙනත් ඕනෑම යතුරක් ඔබන ලද්දේ නම්, එය කැන්සල් කිරීමට මෙම යතුර භාවිත වේ.
Tab - Spacebar එකින් ඔබට ලබා දෙන ඉඩකඩට වඩා වැඩි ඉඩක් එකවර කර්සරය දකුණට ගෙන යාමට මෙය භාවිත වේ,
Caps Lock - මෙම යතුර එබීමෙන් යතුරු පුවරුවේ දකුණු පස, (ලැප්ටොප් පරිගණක වල නම්, එම යතුරේම) කොළ පැහැති බල්බයක් දැල්වේ. ඉංග්‍රීසි කැපිටල් අකුරු ලිවීමට පෙර මෙම යතුර එබිය යුතුය. සාමාන්යෙන් මෙය ක්‍රියාත්මක නොකළහොත් යතුරු පුවරුවේ අකුරු සිම්පල් අකුරු ලෙස ටයිප් වේ.
Shift - ඉහත සඳහන් කළ, capslock යතුර මෙන්ම, මෙය ඔබාගෙන සිටීමෙන් ඉංග්‍රීසි සිම්පල් අකුරු කැපිටල් බවට හෝ, කැපිටල් අකුරු සිම්පල් අකුරු බවට හෝ පත් කළ හැකිය. නමුත් ඒ සඳහා අවශ්‍ය අකුර සමග මෙම shift යතුරද ඔබා ගෙන සිටිය යුතුය. එපමණක් නොවේ, කොමා, නැවතීමේ ලකුණු, ප්‍රශ්නාර්ථ ලකුණු ආදිය ටයිප් කිරීමට මෙම shift යතුර ඔබා ගෙන සිටිය යුතුය.
Home - මෙමගින් ඔබ ටයිප් කරමින් සිටින අකුරු පේලියේ මුල් අකුර වෙතට කර්සරය ගෙන යාම සිදුවේ. Ctrl යතුර සමග මෙය එබීමෙන්, මුළු ලිපියේම පළමුවන අකුර වෙත කර්සරය ගෙන යාම සිදුවේ.
End - මෙමගින් ඉහත සඳහන් කළ, Home යතුරේ විරුද්ධ ක්‍රියාව සිදුවේ. එනම්, පේළියක අවසාන අකුර වෙත කර්සරය ගෙන යාම මෙමගින් සිදුවේ.
Delete - මෙමගින් කර්සරයට දකුනෙක් ඇති අකුරු මැකීම සිදුවේ. අකුරු හයිලයිට් කර, මෙය එබීමෙන් වචන හෝ පේලි ගණනාවක් එකවර මැකීමට මෙමගින් පුළුවන්.
Backspace - මෙමගින් කර්සරයට වමෙන් ඇති අකුරු මැකීම සිදුවේ. අකුරු හයිලයිට් කර, මෙය එබීමෙන් වචන හෝ පේලි ගණනාවක් එකවර මැකීමට මෙමගින් පුළුවන්.
Page Up / Page Down - මෙම යතුරු මගින් ඔබගේ ලිපියේ ඉහලට සහ පහලට ගමන් කර හැකිය. ඔබේ පවුස් එකේ වම සහ දකුණු බට්න් වලට මැදින් කරකවන රෝදයක් ඇත්තෙන් නම් එය කරකවිමෙන්ද, ලිපියේ ඉහල සහ පහල යාමට පුළුවන්.
ඊළඟ ලිපිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විරුර්ත කරන ආකාරයේ සිට එහි සාමාන්යේ සැකැස්ම පිළිබඳව ඔබට අදහසක් ලබා දෙනු ඇත.
ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න.
දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
ඊළඟ ලිපිය මගින් මයික්‍රොසොෆ්ට් වර්ඩ් මෘදුකාංගය විරුර්ත කරන ආකාරයේ සිට එහි සාමාන්යේ සැකැස්ම පිළිබඳව ඔබට අදහසක් ලබා දෙනු ඇත.
------------------------------------------------------------
ඉහත ලිපිය උපුටා හෝ වෙනස් කර වෙනත් කිසිදු මාධ්‍යයක හෝ ස්ථානයක මාගේ අවසරයකින් තොරව පල කිරීම නීතිමය වශයෙන් තහනම් බව කරුණාවෙන් සලකන්න.
දේශාන් වලල්ලාවිට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
No comments:
Post a Comment