Adbrite

Thursday, September 6, 2012

ඇස් බැඳුම්- මායම්

අපි ඇත්ත ලෝකේ දකින සමහර ඒවා අපේ මොළය තේරුම් ගන්නේ වෙනස් ආකාරවලට. ඒ කියන්නේ, ගොඩක් වෙලාවට අවට පරිසරයේ තියෙන අනික් වස්තු එක්ක සසඳලා තමයි ඔබ දකින දේ තේරුම් ගන්නේ. මේක නිසා සමහර දේවල්වල ප්‍රමාණය, වර්ණය, දීප්තිය ආදිය වෙනස්වෙලා  පෙනෙන්නේ. සමහර වෙලාවට ඔබට ඇතැම් දේවල් නොපෙනි තියෙන්නත් පුළුවන්. මේ නිසා බොහෝ විනෝදජනක දේවල් සහ  පින්තුර පවා බිහිවෙලා තියෙනවා. ඉතින් අද මන් හිතුවේ එහෙම ඇස් බැඳුන් ටිකක් ඔබට පෙන්නන්න.
මේ රුපයේ පෙනෙන්න තියෙන කොටු ඇද වෙලා වගේ නේද පෙනෙන්නේ?එවුනට ඒවා ඇත්තම සමචතුරශ්‍ර. කොහොමද වැඩේ?  යමු ඊලග  එකට 





මේ ඉහල රුපය කවදාවත් ඇත්ත ලෝකයේදී නිර්මාණය කරන්න බැරි අතාත්වික දෙයක්. මේකේ තිරස්ව තියෙන කනුව, දෙපස තියෙන සිරස් කණු 2 ට සම්බන්ද වෙලා තියෙන හැටි බලන්න. පෙනෙන විදිහට හරි ලේසියෙන් හදන්න පුළුවන් කියල හිතුවට, කවදාවත්ම බැරි දෙයක්. 





 මේකට කියන්නේ රූබින්ගේ මුහුණ කියල. මේක ඔයාට පෙනෙන්නේ මල් වාස් එකක් විදිහටද එහෙම නැත්තම් එකිනෙකා දෙස බලන් ඉන්න මිනිසුන් දෙදෙනෙකුගේ මුහුණු 2ක් විදිහටද? 


 මේකේ මැද්දේ තියෙන කළු තිත දිහා බලාගෙන මුහුණ මොනිටර් එකේ තිරය දෙසටත් ඉන් ඉවතටත් ගෙන යන්න. මොහොක්ද වෙන්නේ? වටේ තියෙන ඒවා තිත වෙත එන ආකාරයත් ඉවතට යන ආකාරයත් පෙනෙනවා නේද? පට්ටයි නේ? 





 මේ ඉරි වැටිච්ච රුපය දිහා බලාගෙන හිස දෙපසට වන්න. මොක්කක්ද ඇතුලෙන් පෙනෙන්නේ?








ඔබ හිතන්නේ මේ ගොඩනැගිල්ලේ කණු කීයක්‌ තියෙනවා  කියලද? 






මේ පෙරළෙනවා වගේ පෙනෙන ගෝල 2න් කුමන එකද විශාලම එක? ඇත තියෙන එක ලොකුවට පෙනුනට 2ම විශාලත්වයෙන් සමානයි. 





මේකත් අපුරු එකක්. මේ සමනලයගේ මැද තියෙන කතිරය දිහා තත්පර  30ක් විතර බලාගෙන ඉන්න. ඊට  පස්සේ සුදු  බිත්තියක් දිහා බලන්න. එවිට සමනලයා බිත්තියේ ඉන්නවා වගේ තමයි ඔයාට පෙනෙන්නේ.






 ආඃ මේ මොකක්ද? ට්කක් පරණ තලේ කාර් එකක්. කාර් එකේ අමුත්තක් පෙනෙන්නේ නැද්ද? මට නම් වෙලාවකට පෙනෙන්නේ කාර් එකේ front view එකක්. තවත් වෙලාවකට side view එකක්. මේකේ අමතර රෝදයයි ඉස්සරහ veeduruvayi   නිසා තමයි ඉස්සරහට තියෙනවා වගේ පෙනෙන්නේ. ඒ වගේම පැත්තට තියෙනවා වගේ පෙනෙන්නේ, මේකේ රෝද 4 තියෙන විදිහ හින්ද. 



මේක නම් ඇත්තම එකක්. මේක තියෙන්නේ ස්පන්නයේ(Spain කියන රටේ) තියෙන අක්වලන්තය කියන උද්‍යානයේ. නරභාන්නන එන අයට පෙනෙන්නේ මේ කරාමය අහසේ පාවෙමින් තියෙනවා වගේ. ඒවුනාට ඇත්තටම වෙලාතියෙන්නේ ඒක නෙමෙයි. කරාමයේ වතුර එන තැනින්ම පොකුණේඉඳල  ඉහලට ගිය නලයක් මගින්ම තමයි කරාමය රදවාගෙන තියෙන්නේ. වතුරට ඒ නලය වැහිලා තියෙන හින්ද තමයි කරාමය අහසේ පාවෙනවා වගේ පෙනෙන්නේ. 


 තව ටිකක් තියෙනවා. ඉඩ ලැබෙන විදිහට ඒවත් දාන්නම්.  මේවා නරඹපු ඔබට ස්තුතියි...!

Tuesday, September 4, 2012

පරණ කාර් - රථ ගායට බෙහෙත් - Volkswagon Beetle

කාලෙකට පස්සේ අලුත්  ජාතියේ පොස්ට් එකක් දන්නා කියල හිතුනා. ලංකාවේ සමහරක් කට්ටියට ඉතින් කාර් පිස්සුව නොහොත් රථගය  නහුතෙටම තියෙනවනේ. කට්ටියක් කාර් modify කරන්න හදනකොට තවත් කට්ටියක් බලන්නේ කාර් එක original condition එකෙන්ම තියාගන්න. තවත් සමහර අය පරණ කාර් එකතු කරනවා. අද කාලේ බෙන්ස්, වොල්වෝ වගේ ලොකු වාහන භාවිතා කරන අය ගාවත් අවුරුදු 60, 70 පැරණි කාර් තියෙනවා. එකට හේතුව තමයි මේ කාර් වල තියෙන එතිහාසික වටිනාකම.

දැන් නම් පාරතොටේ අලුත් කාර් වැහි වහල. ඒවා ගැන ඉතින් හැමෝම කතා වෙනවනේ. එක හින්ද වැඩිය කතාබහට ලක් නොවෙන, නමුත් ගොඩක් දෙනා අහන්න කැමති පරණ කාර් ටිකක් ගැන විස්තර දාන්නයි බැලුවේ. මුලින්ම බලමු දැනටත් ගොඩක් ජනප්‍රිය කාර් එකක් වන Volkswagon Beetle එක ගැන.

Volkswagon Beetle 


මේක ලංකාවේ පාර වල නම් බහුලවම දකින්න පුළුවන් කාර් එකක්. සමහර අය race පදින්නත් ගන්නවා. ලක්ෂ 4ක් 5ක් වියදම් කරොත් නියමෙටම modify කරලා ගන්න පුළුවන්. සින්දු වලට වීඩියෝ හදන අවස්ථාවලදී පරණ කාර් වලින් නළු නිලියෝ යනවා දකක්ල ඇති නේද? ඒවගේ වෙලාවට මේ කාර් තමයි බොහොමයක්ම ගන්නේ.


ඉස්සර අපේ ගෙදරත් තිබුනේ මෙයින් එකක් තමයි. දැන් නම් නැහැ. විකුනපු එක නම් මෝඩ වැඩක් කියල දැන් තමයි තේරෙන්නේ. මේ කාර් එක මුලින්ම හදල තියෙන්නේ 1938 දී. එදා ඉදන් 2003 වෙනකම්ම  Beetle කාර්  නිෂ්පාදනය වුණා . ඒ හැම එකකම තිබුනේ එකම ස්වරුපය. නමුත් ඒවායේ පහසුකම් නම් ක්‍රමයෙන් වැඩි උනාලු.

මේ Beetle එකේ 1200, 1300, හා 1500 කියල models 3ක් ආවා. ඒවායේ එන්ජින් ධාරිතාවෙන් තමයි මේ models හදුන්වල තියෙන්නේ.  මේ කාර් එක තමයි ලෝකයේ වැඩියෙන්ම එක මොඩෙල් එකකින් වැඩිම ප්‍රමාණයක් හදපු කාර් එක. මේවා මුලදී ජර්මනියේ නිෂ්පාදනය කරලා පසුව බ්‍රසිලයේද නිෂ්පාදනය කරා.


ඒ කාලේ හැටියට ඉතාම සැපපහසු වාහනයක්. 1950 ගණන්වල හදපු beetle කාර් වල සැප පහසුව වෙනත් පොඩි  ඇමෙරිකන් කාර් වලට වඩා ඉතාම ඉහල මට්ටමක තිබුණු නිසා මේක ඇමෙරිකාවේ ප්‍රධානම පෙලේ අලෙවි වෙච්ච කාර් එකක්.
ඉස්සරහට ගියර් 4ක් ද පිටුපසට ගියර් 1ක් ද සහිත ගියර් පද්ධතියක් තමයි මේකට තියෙන්නේ. ගියර් දාන විදිහත් දැන් කාර් වල වගේමයි. වෙනසකට තියෙන්නේ රිවස් ගියර් එක දන්නා තියෙන්නේ ලිවර් එක ටිකක් පහලට එබීමෙන් පස්සේ.


මේකට තියෙන්නේ sportz කාර් වල පෙනුමක්. දොරවල් 2 යි තියෙන්නේ. එක හින්ද පිටුපස අසන වලට යන්න ඕනේ ඉදිරිපස ආසනය නවල. පසුපස විදුරු අරින්න බැහැ. එවුනට සමහර models වල නම් අරින්න පුළුවන් පොඩි වීදුරුවක් පිටුපස වීදුරුවේ කෙළවර තියෙනවා. ඒ කාලේ blowers තිබුනේ නැති නිසා ඉදිරිපස කන්නාඩි ගාවත් මේවගේ පොඩි විදුරු කැලි 2 ක් තියෙනවා ඕනේ පැත්තකට කරකවන්න  පුළුවන්.


මේකේ මේ අමුතු ජනෙල ක්‍රමය නිසා A /C  කරන්නත් හරිම පහසුයි. ඔරිජිනල්  මොඩෙල් එකේ A /C  තිබුනේ නැති උනාට දැන් ගොඩක් අය මේවා A/C  කරගෙන තමයි තියෙන්නේ. මේකේ engine එක තියෙන්නේ පිටුපස. එක හින්ද පසුපස එළවුම් රෝද තමයි මේවට තියෙන්නේ. ඩිකිය සහ අමතර රෝදය තියෙන්නේ ඉස්සරහ. මේකේ පිටිපස්සට සයිලන්සර් 2ක් තියෙනවා.

වොල්ක්ස්වගන් ආයතනය මේවනවිට මේ කාර් මිලියන 21ක් නිෂ්පාදනය කරලා තියෙනවා. අන්තිමට හදල තියෙන්නේ 2003 දී. එකේ තිබුනෙත් 1940 ගණන් වල හදපු Beetle කාර් එකේම පෙනුමමයි. එකෙන් හිත ගන්න පුළුවන් නේද මේකේ ජනප්‍රියතාවය කොච්චරද කියල?

2003 අන්තිමට හදපු කාර් 30 000 නම් කරලා තියෙන්නේ Última Edición හෙවත්  Final Edition කියලා. 2003 දී එහෙම නිෂ්පාදනය නැවැත්වීමට සිදුවීම ගැන වොල්ක්ස්වාගොන්  ආයතනය විශේෂ ශෝක දැන්වීම් ද පල කරලා තියෙන බවයි සැලකෙන්නේ.


තවත් කාර් ගැන ලියන්න තියෙනවා. ඉඩ තියෙන වෙලාවට VolksWagon Beetle එක ගැන තව විස්තර  දාන්නම්. ඊලග පොස්ට් එකේදී නැවත හම්බ වෙන කම් ඔබට සුභ දවසක්  !!!


Internet Money - Part 1 - ad ක්ලික් කිරීම

ad ක්ලික් කිරීම.

  මේක තමයි මේ වැඩේට බහින කෙනෙක් කරන මුල්ම වැඩේ. මුලදී අමාරුයි. පොඩි කට්ටක් කන්න වෙනවා.  පහු වෙනකොට ලේසියි. වැඩේ අල්ලගත්තනම් විනෝදාංශයක් විදියට කරන්නත් පුළුවන්. මේක ඉන්ටෙර්නෙට් එකේ හෙවුවම  ගොඩක් වෙබ් අඩවි එනවා. එත් ඉතින් 95% ම පට්ටපල් බොරු. 



මුලින්ම කරන්න තියෙන්නේ ඉහල තියෙන බැනර් එක ( image එක) ක්ලික් කරලා ඒ වෙබ් අඩවියට ගිහින් register  වෙන්න ඕන. ඒගොල්ලෝ ඔයාගේ ඊ මේල් අකවුන්ට්  එකට එවන මේල් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔබ  "මනුස්සයෙක්" කියල තහවුරු කරන්නත් ඕනේ. 
 
ඊට පස්සේ මේ වෙබ් අඩවියෙන් ඔයාලට දෙන ලිස්ට් එකේ තියෙන ads ක්ලික් කරන්න තමයි තියෙන්නේ. ක්ලික් කරාම අලුත් පිටුවකින් වෙනත්  වෙබ් අඩවියක් ආරම්භ වෙනවා. එක තත්පර 10ක් විතර ඔවුන් කියන වෙලාවක් open  කරගෙන ඉන්න තමයි තියෙන්නේ. එච්චරයි. 





ඔය එහෙම ක්ලික් කරන එක ad  එකකට සාමාන්යෙන්  රුපියලක් වගේ තමයි ගෙවන්නේ. දවසට ඔහොම ads  100ක් ක්ලික් කරොත් මාසෙට 3000ක් එක වෙබ් අඩවියකින්. පොඩි ගණනක් තමයි. එවුනට එහෙම වෙබ් අඩවි 10 ක් විතර හොයාගත්ත නම් මාසෙකට කැත නැතුව  30000 ක් අතටම. හොදට කලා බීල ඇදල ඉන්න ඒ මදැයි. ඔය ඉතින් ad  ක්ලික් කිරීමෙන් විතරයි. ඒ විතරක් නෙමෙයි,  ඔවුන්ගේ වෙබ්  අඩවිය වෙනත්  අයට  අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරනවට වෙනම ගෙවනවා. ඒවා ඉතින් දවස් 3, 4ක් යනකොට නිකම්ම තේරෙයි. කියා දෙන්න ඕනේ නම් comment එකක් දාන්න.


තව වෙබ් අඩවි තියෙනවා ඒවා පසුවට ඉතුරු කරමු.








Monday, September 3, 2012

Online money හොයන විදිය ශුද්ධ සිංහලෙන්.

 


අපිට ඕනේ කරන මොකක් හරි ගන්න ගෙදරින් සල්ලි හම්බුනේ  නැත්තම් අපි මොකද කරන්නේ? මුලින්ම හිතෙන්නේ online ජොබ් එකක් කරලා සල්ලි හොයනවා කියන එක. ඊට පස්සේ ඉතින් කරන්නේ ගූගල්  එපා වෙනකම්ම නෙට් එකේ online jobs හොයන එක. එත් ඉතින් online jobs කියල කීයක්  තියෙනවද? gooooooogle කියන වචනේ තියෙන බෝල ගණන් කරන්න බැරි තරම් පිටු පිරෙන්න online ජොබ්ස්! එතකොට ඉතින් online job කිරිල්ලත් එපා වෙලා මට ඕන මගුලක් නැතෙයි කියාගෙන නිකන් ඉන්න තමයි හිතෙන්නේ. මේකනේ සාමාන්‍යයෙන් වෙන  දේ.



 
Online jobs කියල ඉන්ටෙර්නෙට් එකේ ඕන තරම් දේවල් තිබුනට බහුතරයක්ම බොරු ඒවා. එතැනදී වෙන්නේ ඔයාල ඒ වෙබ් අඩවි වලට ගියාම ඒවායේ තියෙන වෙන වෙන උප්පරවැට්ටි වලට ඉබේම අහුවෙන එක.

 එළියෙන් කියල තියෙන තරම් සුන්දරක් ඇතුලේ නෑ. . සමහර වෙබ් අඩවි කරන්නේ, online jobs කියන නම යොදාගෙන  ඒ වෙබ් අඩවි වලට එන visitors ගණන වැඩි කර ගන්න එක. එතකොට ඒවාට වෙළද දැන්වීම් සදහා වැඩි මුලදක් ලැබෙනවා. ඕවට ඉතින් අපේ ගොඩක් උන් රැවටෙනවා. මේක ලියන අපිත් මුලදී  ඕවට රැවටුනා තමයි. 



ඕව ඔහොමෙයි කියල ඉතින් online  සල්ලි හම්බ නොකර බෑනේ
. සාධාරණව අපෙන් වැඩක් කරගෙන සල්ලි දෙන වෙබ් අඩවි  නැතුවම නෙමෙයි. ඒවුනාට ඒවා ඉතින් ගූග්ලේ හොයල  සෙට් කර ගන්න ටිකක් අමාරුයි.

Business හොදට තියෙනවනම් Google ,Yahoo වලට සල්ලි ගෙවා ගෙවා තමන්ගේම වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරගන්න ඕන නැහැනේ. ඒවා ඉතින් set වෙන්නේ ගොඩක් වෙලාවට forums හා යාලුවන්ගෙන් වගේ ක්‍රම වලින් තමයි.

අපේ පාඩම ආරම්භ  කරන්න කලින් online   සල්ලි හොයන ක්‍රම මොනවාද කියල  කියල  ඉන්නම්. නැත්තන් ඉතින් හිතට මොකක්ද වගේ. අපිත් බොරුවක් කරනවා කියල හිතයි....


1) ads  ක්ලික් කිරීම.

2) දී ඇති වැඩ කොටසක් කිරීම
3) ලේඛන (articles )  කියවා  rate කිරීම.
4) දත්ත පිටපත් කිරීම.
5) වෙබ් අඩවි වලට නොයෙක් දී ලිවිම.
6)බ්ලොග් පවත්වාගෙන යාම.
7)වෙබ් අඩවි පවත්වාගෙන යාම
8)ෆොටෝෂොප්, ෆ්ලෑෂ් වගේ මෘදුකාංග වලින් නොයෙක් නිර්මාණ කිරීම.
9) ඉංග්‍රීසි දන්නවනම් ව්‍යාකරණ නිවැරදි කිරීම.

10) Freelancing 
 
මේ වගේ තව ගොඩක් ගොඩක් ක්‍රම සහ විදි තියෙනවා. ඒවා පස්සට කියන්නම්. ඔක්කොම මුලටම කියුවම අගයක් නැනේ...!

දැන් ඒවා විස්තරාත්මකව
සලකා බලමු.
 


තමන්ට අවශ්‍ය කොටස දන ගැනීම සදහා පහත links භාවිතා කරන්න 

Internet Money - Part 1 - ad ක්ලික් කිරීම
Internet Money - Part 2 - Freelancing
Internet Money - Part 3 - Blogging
Internet Money - Part 4 - Email Handling
Internet Money - Part 5 - ලිපි සහ වාර්තා ලිවිම
Internet Money - Part 6 - Videos සෑදීම
Internet Money - Part 7 - Surveys

මිට අමතව සරල ක්‍රම 40 කින් යුක්ත "අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ක්‍රම 40ක්" සදහා මෙතන ක්ලික් කරන්න 




Tuesday, August 28, 2012

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් කඩදාසි වලින් පැන්සල් හැදීම

 කඩදාසි වලින් පැන්සල් හැදීම.



ඔබගේ කාර්යාලයේ හෝ නිවසේ හෝ තියෙන half sheets සමහර වෙලාවට කරදරයක් ලෙස දැනෙන්න පුළුවන්. අපි කරන්නේ ඒවා පුළුස්සන එක හරි කුණු tractor එකට හරි දෙන එක. එඋනට ඒවා වෙනත් වැදගත් වැඩකට යොදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඒ වෙලාවට තමයි මේ උපකරණය  ප්‍රයෝජනවත්  වෙන්නේ. ඉවත දමන කඩදාසියක් මෙහාට ඇතුළු ක්‍රම එළියට එන්නේ පැන්සලක්. අදහගන්නත් බැහැ නේද? එත් මේකෙදි සිද්ද වෙන්නේ කදසිය යන්ත්‍රය ඇතුලෙදි මිනිරන් කුරක් වටා හොඳට එතෙන එක.  කඩදාසියේ තිබිච්ච අකුරු හා පින්තුර  නිසා පන්සල ඉතාම අලංකාර  එකක් වෙනවා. ළගදීම වෙළෙඳ පොලට එන්න නියමිත මේ යන්ත්‍රය පරිසර හිතකාමී එකක්. පැන්සල් හදන්න යන ලීත් ඉතුරු වෙන අතරේ ඉවත දමන කඩදාසි වලිනුත් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා.

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් iCrayon

Smart Phone එකෙන් චිත්‍ර  අඳින්න -  iCrayon




        ඔබට අවශ්‍ය වෙලාවට හිතේ නියෙන දෙයක් සිතුවමට නගන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? ඉස්සර නම් එකට කරේ පැස්ටලුයි  කොලයි හොයාගෙන චිත්‍රය අදින එක. එත් මේ gadget එක තියෙන කෙනෙකුට ඒ තරමටවත් කරදර වෙන්න අවශ්‍ය නෑ. මේ පන්හිද අරගෙන ෆොනේ එකේ තිරය පුරාවටම චිත්‍ර අදින්න පුළුවන්. ෆොනේ එකේ stylus එක තරම් වත් බර නැති මේ පන්හිද කළු, රතු සහ කොළ කියන වර්ණ 3 කින් එනවා. නමුත් චිත්‍ර අදින්න කලින් මේ පන්හිඳ හසුරුවන්න අවශ්‍ය app එක බා ගැනීම නම් කරන්න ඕනේ. ඔයාගේ ෆොනේ එක Apple හෝ Android යන ඒවායින් කවර එකක් වුනත් කමක් නෑ. iCrayon කියල හඳුන් වන මේ පන්හිඳ iPhone , iPad , Galaxy ..... යන touch screen තියෙන කවර උපකරණයක් සමග වුවත්  හොඳට වැඩ කරනවා.

Cool Gadgets. හැන්ඩි සුකුරුත්තම් Vivid Colour Moon Light

Vivid Colour Moon Light




ඔයාට ඕනේ වෙලාවට ඔයාගේ  room එකේ colour එක වෙනස් කරගන්න පුළුවන් නම් කොච්චර හොඳ ද? ඒකට නියම විසදුමක් තමයි මේ ලස්සන  bulb එක. ගෙදර party එකක් තියෙනවනම් හෝ යාලුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි විනෝදයක් ලබනවානම් ඊට අවශ්‍ය වයිවර්ණ ආලෝකයෙන් සමන්විත  පරිසරය හා වටපිටාව ලබාදෙන්න මේ පහනට පුළුවන්ලු. විවිධ වර්ණ 8 කින් යුක්ත මේ පහනට එක වරකට එක වර්ණයක් හෝ වර්ණ 8 ම එකවර දක්වන්න හැකිලු.

LED  වලින් හදල තියෙන නිසා වැඩි කාර්යක්ෂමතාවක් හා වැඩි අයුකාලයකුත් තියෙනවා. පරිගණකයේ USB සොකෙට් ඒකට ගහල ආරෝපණය කලාම පැය 3 ක් විතර ආලෝකය ලබාදෙන්න මේකට පුළුවන්. ඊට වඩා වැඩි කාලයක් අවශ්‍ය නම් දිගටම USB එකටම ගහල තියන්න හැකියි. සමහර කුඩා දරුවනට නිදා ගන්න රැට කාමරේ යන්තම් එළියක් අවශ්‍යයි. ඉතින් ඒ වෙලවතත් මේ පහන ඉතාම ප්‍රයෝජනවත්. පහනේ battery බැහැලාම යනකන් පත්තු වුණාකියල පහනට අවුලකිත් නැති නිසා නිවන්න කරදර වෙන්න උවමනාවක් නැහැ.

මේ පහන මිල නියම කරලා තියෙන්නේ යුරෝ 25 කට.