Adbrite

Wednesday, October 3, 2012

වචන 2 න් ජිවිතේ ජය ගන්න

වචන 2 න් ජිවිතේ ජය ගන්න






ඔබ  දන්නවද මේ ලෝකේ අපුරු වචන 2ක් තියෙනවා කියල? ඒ වචන 2න් එකක් කියන්න බැරි තරම් සුන්දරයි. අහන්න හරිම ප්‍රසන්නයි. ඒ වචනය නිතරම කියනවනං හෙවනැල්ලක් වගේ සාර්ථකත්වය ඔබේ පසුපස එනව එනවාමයි. ඒකාන්තයි!

අනික් වචනය නම් මෙතන කියන්න අපහසු  තරම් නරක වචනයක්. කවදාවත් අවශ්‍ය තැනකදීම හැර කියන්න හොඳ නැති එකක්. ඒක ඔබේ  කටින් පිට වන්නේ ඔබේම නරක වෙලාවට. දිට්ටදර්මවේදනිය කර්මයක් වගේ ඔබව  හොයාගෙන එන්නේ, ඔබෙන් පලි ගන්න.


ඉතින් මොකක්ද මේ වචන 2? එකක් තමයි "පුළුවන්" කියන ඒ සුන්දර ලස්සන වචනය. අනෙක තමයි "බැහැ" කියන කුනුහරුපය.


දැන් ඉතින් ඔබ මට හිනා වෙනවා, මන් පිස්සෙක් කියල කියනවා සිකුරුයි. ඔව්! ඔබ මේ වචන 2 කේ හරි තේරුම, ඒ දෙකෙන් ගන්න පුළුවන් වැඩ ගැන හරියටම දන්නේ නැත්නම් ඔයාට මාව හිතෙන්නේ පිස්සෙක් කියල තමයි. නමුත් මේක දිගටම කියෙවුවොත් ඔබ  තෙරුම්ගනියි "මම කියන්නේ ඇත්ත" කියල. ඉතින් සුදානම් වෙන්න අද ඉදන් ඔබේ  ජිවිතේ සාර්ථක කර ගන්න! මේ ලෝකේ ඉන්න සාර්ථකම පුද්ගලයා ඔබ  කියල ඔබට තේරෙන දවස වැඩි ඈතක නෙමෙයි..... 


 


මේ ලෝකේ  කොච්චර සාර්ථක මිනිස්සුන් ඉන්නවද? තමන්ගේම යාන වාහන, කුඩා පරිගණක වගේ ජංගම දුරකථන,
අති සුඛෝපබෝගී නිවාස භාවිතා කරන, අතට පයට වැඩ කාරයෝ, ඕනේ තරම් යහළුවෝ, බලන බලන අත සැප සම්පත් පිරිනු  මිනිස්සු/ගැහැණු කොච්චර ඉන්නවද?

ඒවගේම තමයි මේ ලෝකේ බිම් අගලක් නැති, අදින්න ඇදුමක් නැති, මළ පොතේ අකුරක්  දන්නේ නැති, දවසම නිදියන, කම්මැලි මිනිස්සුත් කොච්චර ඉන්නවද?

අර 2 වැනියට කියපු අය තමයි, "බැහැ" කියන වචනයට මුල් තැන දීල, ඒක ඉස්මුදුනින්ම පිළිගන්න අය. ඔබත් "බැහැ" ට මුල්තැන දෙනවනම්, ඔබගේත්  ඉරණම ඒ ආකාරයෙන්ම විසඳෙන දවස වැඩි ඈතක  නොවෙන්න පුළුවන් කියල මතක තියාගන්න.

ඉතින් අදම "පුළුවන්" කියන වචනයට මුල් තැන දෙන්න. එත් මුල් තැන දෙන හැටි දන්නේ නැත්නම් මේ පොස්ට් ඒක දිගටම කියවගෙන යන්න. බලන්න තව විනාඩි 5කින් ඔබ  අපුරු පුද්ගලයෙක් වෙනව ඒකාන්තයි.



මුලින්ම ඔබ  ඔබෙම  වයසේ ඉන්න තවත් කෙනෙක් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරන්න. බලන්න ඔබේත්  එයාගෙත් තියෙන ජීවිතවල, ලබාගත් ජයග්‍රහණවල, වෙනස්කම්. 



ඒ වෙනස්කම් වලින් කීයකට   ඔය තුල තිබුනං හොදයි කියල ඔබ හිතනවද? සමහර අයට සින්දු කියන්න බෑ. සමහර අයට අනෙක් අයව හිනාගස්සන්න පොඩි විහිලුවක්වත් කරන්න බැහැ. තවත් අයට කට්ටියක් ඉස්සරහට ගිහින් කතාවක් කරන්න බැහැ. තවත් අයකට අනෙක් අයගේ අවදානය දින ගන්න බැහැ.
ඒවගේම තමයි මේ හැකියා උපරිමයටම තියෙන අයත් ඉන්නවා.


ඉතින් උදාහරණයක් විදියට ගත්තු මේ හැකියාවන් ඔයාටත් තිබුනන් හොඳයි නේද? එහෙම නම් කරන්න තියෙන්නේ එක දෙයි. "බැහැ" නොකිය "පුළුවන්" කියල හිතන්න. ඔයාට සින්දුවක් කියාගන්න බැරි නම්, ඔයාට ඒ තත්වය වෙනස් කර ගන්න අවශ්‍ය නම්, ඔයාට සින්දු කියන්න පුළුවන් කියලයි හිතන්න ඕනේ. ඔයාගේ සිතට කාවද්දන්න ඔයාට සින්දු කියන්න පුළුවන් කියල. බැහැ කියන හැඟීම එලවල දාන්න. ඔය බැහැ කියල හිතාගෙන ඉන්නකම්, ඔයා සින්දු කියන්න පුහුණු  උනත්, කවදාවත් පිරිසක් ඉදිරියේදී සින්දුව කියාගන්න බැරුව යයි.  එක තමයි අපේ හිතේ හැටි! බැහැ කියන වචනයේ(අදහසේ) තියෙන භයානක කම ඒක තමයි.




 



ඔයාට මේ ඉදිරියට එන මාස කිහිපයක් තුල ලක්ෂයක් උපාය ගන්න ඕනේ අවශ්‍යතාවයක් තිබෙනවයි කියල හිතමු. ඒවුනාට ඒ ලක්ෂය උපයා ගන්න මාර්ගයක් ඔයා දන්නේ නැතෙයි කියලත් හිතමු. ඒක නිසා "ලක්ෂයක් උපාය ගන්න ඕනේ කියල හිතපු අවස්ථාවේ ඉදල, ඔයා හිතන්න ගන්නේ, මට රැකියාවක් නැති හින්ද, එක කොහොමටවත් කරගන්න බැරි දෙයක් කියල. එහෙම හිතුනු ගමන්, ඔයාගේ අර අරමුණ නැති වෙලා යනවා. එකට තියෙන ආසාව නැති වෙනවා. එවුනට ඔයාට ලක්ෂයක් උපයාගැනීම අවශ්‍යයි නේද?

හරි දැන් ඔයා අර ලක්ෂයක් උපයගන්න ඕනේ කියල හිතපු අවස්ථාවේදී, ඔයාට එක කරන්න පුළුවන් කියල හිතුනොත්, ඔයාට රැකියාවක් නැති උනත් ඒ ලක්ෂය ඔයාව හොයාගෙන එනවා එනවාමයි. ලක්ෂය හොයගැනිමම තමයි ඒ වෙලාවේ ඉදන් ඔයාගේ හිතේ කරකැවෙන්නේ. මෙහෙම ලක්ෂය හිතේ කරකැවෙන ගමන්, ඒක හොයන්න පුළුවන් හැටිත් ඔයාට ඉබේම මතක් වේවි. ලක්ෂය හොයන්න තියෙන ක්‍රම ඔයාගේ හිත ඔයාට කොහෙන් හරි හොයා  කියල දෙවි. ඒ මාර්ග වලට ඔයාව යොමු කරවී. ඔයාට ලක්ෂයක් හොයන්න පුළුවන් කියල හිතන හැම වාරයක් පාසාම, ඔයාගේ හිත ඔයාව  ලක්ෂය ලබාගන්න පුළුවන් තැනටම අරගෙන යාවි.


ලක්ෂයක් හම්බුනේ නැත්නම්, අඩුම ගන්නේ, හතලිස්දාහක් හරි, ඔයාට හොයල දීල තමයි ඔයාගේ හිත නවතින්නේ.  මෙන්න මේක තමයි "පුළුවන්" කියන වචනේ තියෙන බලවත් කම.


 


හිතමු ඔයාට පිරිසක් ඉස්සරහ කතාවක් කරන්න අපහසුයි කියල. නමුත් දවසක කෙනෙක් ඇවිත් ඔයාට කියනවා අසවල් දවසේ මේ ගැන කතා කරන්න කියල. නමුත් ඔයා දන්නවා ඔයාට මේගැන තියන්නේ අඩු අත්දැකීමක් කියල. දැන් ඉතින් මොකද කරන්නේ?. ආත්මය හා නම රැකගන්න ඕනේ නිසා අභියෝගය  බාරගන්න ඔයාට සිදු වෙනවා.  ඉතින් ඔයා ඒකට පුරුදු වෙන්න ඕනේ. හිතමු දැන් ඔයාට පුහුණු වෙන්න ඕනේ කියන අදහස හිතට ආවයි කියල. ඔන්න එතකොට අර"බැහැ" කියන රාක්ෂය එලියට ඇවිත් ඔයාට පහර දෙන්න ගන්නවා.

මට බැහැ. මට ලැජ්ජයි, මිනිස්සු මට හිනාවෙයි, මට වැරදෙයි, ඔක්කොම අමතක වේවි. මගේ කටහඬ පිටිපස්සේ අයට නැසෙයි. ඔයා වගේ ඍණාත්මක සිතුවිලි වලින් අර  " බැහැ" කියන රාක්ෂය ඔයාට පහර දෙනවා. ඒක හින්ද ඔයා කොච්චර පුහුණු උනත් කතාව පටන් ගත්තු ගමන් අර රාක්ෂය එලියට එනවා. ඔයා බලෙන්ම ගොත ගහන්න ගන්නවා. කොච්චර පුරුදු උනත් වැඩක් වෙන්නේ නෑ. තේරුණා නේද?


නමුත් "පුහුණු වෙන්න ඕනේ" කියල හිතපු අවස්ථාවේ ඔයාට  පුළුවන් කියල හිතුවනං, එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔයාගේ හිතේ තියෙන බය නැති වෙලා යනවා. හිතට අදහස් ගලාගෙන එනවා. ඔයා පිරිස ඉදිරියේ නිර්භයව කතා කරන හැටි ඔයාට මැවිලා පේනවා. පුහුණු වෙන්න තියෙන ඕනෙකමත් වැඩි වෙනවා. ඒවගේම, කතා කරන්න තියෙන ආසාව වැඩි වෙනවා. ඒ අවස්ථාව එනකම්, ඇගිලි ගනිමින් ඉන්න තත්වයට ඔයාව පත් වෙනවා. දැක්කද පුළුවන් කියන වචනයේ තියෙන බලගතු කම?


ඉතින් ඔයාගේ හිතට මොකක් හරි අදහසක් ආපු වෙලාවේ ඉදලම ඔයාට පුළුවන් කියල හිතන්න. එහම හිතන්න හිතන්න ඔයාට ඉලක්කයක් වෙත යන්න තියෙන හැකියාව වැඩි වෙනවා. මම මේක පෞද්ගලිකව අත් දැකල තියෙන කෙනෙක්. ඒක හින්ද බය නැතුව කියන්නේ, බැහැ කියන වචනය ඔයා තුලින් එලවල දමන්න. පුළුවන් කියල හිතන්න හැමතිස්සෙම පුරුදු වෙන්න. එක ඔයාගේ ජිවිතයේ කොටසක් කරගන්න. ඔයාගේ ජිවිතයේ සාර්ථක කරගන්න. ජය වේවා!



2 comments:

  1. ගොඩාක් වදගත් සුපිරි පොස්ට් එක තව මෙ වගෙ දෙවල් ලියන්න ශක්තිය ලබෙවයි මන් ප්‍රර්තනා කරනවා.Good Luck

    ReplyDelete
  2. කමෙන්ට් එකට ස්තුතියි මචන්..

    ReplyDelete